ලංකාවේ විශ්මිත වාරි තාක්ෂණය

Anteros

Member
Nov 22, 2009
942
288
0
ලංකාවේ විශ්මිත වාරි තාක්ෂණය

වැවේ ප්‍රභවය

කිසියම්‍ පහත් කඳු වැටියක කපොල්ලක් තුළින් ගංගා,ඇළ,දොළ,පිහිටා තිබු අතර ඒ කපොල්ල වසා වේල්ලක් බැඳ ඒ කඳුවැටියෙහි නෙරුදෙක ඵකට සම්බන්ධ කරමින් පැරණි සිංහලයෝ වැව් නිර්මාණය කළහ.


වාරි කර්මාන්තයේ විකාශනය

ක්‍රි.ව 6 වන සියවසේ ඡලාශ්‍රිත ප්‍රදේශවල ආර්ය ජනපද පිහිටා තිබු බව මහාවංශටීකාවේ දැක්වේ. වාරිමාර්ග මුල් යුගයේ ගම් වැව් ලෙස නිර්මාණය විය. ක්‍රි.පු 6 වන සියවසේ විජය කුමරු සමඟ අනුරාධ ඇමතියා විසින් කුඩා ගම් වැවක් ඉදිකළ බව මහාවංශයේ දෑක්වේ. වාරිකර්මාන්තයේ වර්ධනය නදී පද්ධතින් 03 ක් මුල්කොට ගෙන විකාශනය විය.



  • මල්වතු ඔය සහ කලා ඔය නදී පද්ධතිය
  • වළවේ සහ කිරිඳි ඔය නදී පද්ධතිය
  • අඹන් ගග සහ මහවැලි නදී පද්ධතිය



රජරට ශිෂ්ටාචාරයේ මල්වතුඔය හා කලා ඹය නදී පද්ධතිය මුල් කොටගෙන වර්ධනය වූ වැව් හා ඈළ මාර්ග වන්නේ යෝධවෑව,මහගල්කඩවල වැව,නුවර වැව,මහකණදරා වැව,පත්තපාසාන වැව,මහවිලච්ච්ය වැව,කලා වැව වැදගත්ය.
කලා වැවේ සිට අනුරාධපුරයේ තිසා වැවට ජලය ගෙන ගියේ සෑතපුම් 54 දිගැති ජය ගග මගිනි. අඹන් ගග හා මහවෑලි ගග මුල් කොට ගෙන වැව් අමුණු නිර්මාණය ව්ය. 1වන අග්ග‍බෝධ් රජු මහවැලි ගඟ මුල් කොටගෙන මණිමේඛලා අමුණ හා මින්නේරි වැවෙන් ගලා බසින විශාල ඇළක් නිර්මාණය කර ඇත. මහවැලි ගගේ ශාඛාවක් වූ කඵ ගග හරහා හත්තොට අමුණ බැඳීමෙන් ගිරිතලේ හා කන්තලේ වැව්වලට ජලය සපයා ඇත. පරාක්‍රම සමුද්‍රය ,එරබඳු වැව, දුඹුටුළු වැව,තෝපා වැව,යන වැව් 3 ඵක් කොට මහා පරාක්‍රමබාහු රජ විසින් නිර්මාණය කර ඇත.



වැව් වර්ග

1.ගම් වැව්
2.මහ වැව්
3.කුළු වැව්



වැවක අංග


82390667.jpg



1.ඉහත්තාව

2.තාවුල්ල

3.පිට වාන

4.වැවු (ජල) තලය

5.බිසෝ කොටුව

වැවකින් ජලය බෙදා හැරිමේදි ඇති විය හැකි පීඩනයෙන් වේල්ල ආරක්ෂා කර ගැනීමේදි උපක්‍රමයකි.බිසෝ කොටුව කොටස් 03 කට බෙදන ලදී.

  • 1.වැවෙන් ළිඳට වතුර බසින බෝක්කුවක්
  • 11.ළිඳේ සිට බන්ධනයෙහි පිටස්තර බෑවුමෙහි අඩිය දක්වා බඳින ලද ජලය පිට කරන ‍‍බෝක්කුවක්
  • 111.ගැඹුරට කනින ලද විවෘත ඝෘඡුකෝණාඝ්‍ර ළිඳක් හෝ වළක් බිසෝ කොටුවේ දිය මුදා හරිනු ලබන දොරෙහි විවරය ලොකු කිරීමට හෝ කුඩා කිරීමට ඔසවන හා පහත් කරන උපකරණය"මොහොල,නම්වේ.
සොරොව්ව හරහා බැහැර කරනු ලබන වැව් ජලයේ වේගය බිඳ දැමිම බිසෝ කොටුවේ ප්‍රධාන කාර්යයි


6.ඇළ

වැවක ඵක් රැස් කරගත් ජලය කුඹුරැ වලට බෙදා හැරිම සඳහා සකස් කර ගත් ක්‍රමයකි. පැරණි වාරි ශිල්පින් ඇළමාර්ග පද්ධතියේ කාර්යය ප්‍රමාණය අනුව කොටස් 03 වර්ග කර ඇත.

  • 1.වැවේ ජලය කුඹුරු වලට බෙදා හැරිමේ ඇළ මාර්ගය.
  • 11.ගගක් හා ඹයක් හරහා අමුණක් බැඳඉන් ලබා ගන්නා ජලය වැවට ගෙන යාම සඳහා තනනු ලැබු ඇළ මාර්ගය
  • 111.බෙදාහරින ඇළමාර්ගයකින් ලියඳි වලට ජලය ලබා ගැනිමේ අතුරැ මාර්ගය
ලෝකයේ ව්ශිෂ්ඨ ජල තාක්ෂණයක් සැතපුමකට අගල් 1ක බෑවුමක,පළමු සැතපුම්18 තුළ ඇතිවනසේ අනුරාධපුර තිසා වෑව තෙක් සැතපුම්54 දිගට කනින ලද යෝධ ඇළ ධාතුසේන රඡු කල තිබු තාක්ෂණික දියුණුවයි.


7.වෑ කන්ද (වැව් බැම්ම)

වැව් බැම්ම තුළින් ජලය සුරක්ෂිතව තබා ගැනිම සිදුවේ.(වැවක ජලය රඳවා ගැනීම) සියළු වැව් වල වැව් බැම්මේ ඇතුල් පැත්ත මෙන්ම පිට පැත්තද බෑවුම් වන ලෙස ඉදි කොට ඇති අතර ඵසේ නිර්මාණය කොට ඇත්තේ ජල ධාරිතාව නිසාවැව් බැම්මට වන හානිය වළක්වා ගැනීමටයි.


8.සොරොව්ව / බිසෝ‍‍කොටුව
වැවේ ජලය මනා පාලනයකින් යුතුව ඇළ මාර්ග වලට මුදා හැරීම සඳහා යොදා ගන්නේ මෙයයි. සොරොව් වර්ග 03ක් දැකිය හැක.

  • 1.සොරොව්වේ ළිඳ ඇතුළට ජලය ගැනීම සඳහා එක් මගක්ද ජලය පිටට ගෙන යාම සඳහා එක්මගක්ද ජලය පිටට ගෙන යාමට එක් මගක්ද දැක්වේ.
  • 11.ඇතුළට ජලය ගැනීමට ඇළ මාර්ග 02න්ද ,පිටාරය සඳහා ඇළ මාර්ග 02ක්ද
  • 111.ඇතුළට ජලය ගන්නා එක් මගක්ද පිටට ජලය ගන්නා මාර්ග 02ක්ද ඇති සොරොව්

source-wikipedia




ඔබ දන්නවාද??? මම මේ කියන්න හදන දේ අහල පුදුම වෙයි ඔයාල :confused: සමහරවිට විශ්වාස කරන්නෙත් නැතිවෙයි :rolleyes: එහෙනම් අහන්නකෝ. මේකත් වැව් ගැනම තමා....ඔය අපි කියන්නේ වැව් බැඳි රාජ්‍ය කියලා..ඉස්සර එහේ ශුෂ්ක කලාපයට තමා අයිති වෙලා තියෙන්නේ..ඒ කියන්නේ වහින කාල වගේම නියං සමයනුත් තියෙනවා.ඒ උනාට කෘශිකර්මාන්තයට කියාපු පසනේ..:D

ඉතින් නවීන තාක්ෂණය යොදාගෙන කරල තියෙන මිනින්දෝරු මැනීමකට අනූව ජල පරිබෝජනය නියමිත ආකාරයට පැවත්වීමට මෙන්ම(ඒ කියන්නෙ අවශ්‍ය ජල පරිමාව),පවතින ඉඩකඩත් සලකා බැලුවාම හදන්න පුලුවන් වැව් ගණන 457 කියල ගණනයයෙන් ඇවිත් තියෙන්නේ...:rofl:

පස්සේ එයාල මොකද කරල තියෙන්නේ රජවරු වැව් කීයක් හදලද කියල survey එකක් කරල.මෙන්න පුදුමෙනුත් පුදුමයක් ගණන් කරල බැලුවාම ඒකත් හරියටම 457 අඩුත් නෑ වැඩිත් නෑ :confused: :confused: ඔයාලටත් හිතාගන්න බෑ නේද??? :confused:

ඒකෙ තේරුම මෙන්න මේකයි.මේ වැව් ව්‍යාපෘතියක් වගේ සිදුවෙන්න ඇත්තේ.එක එක රජ කෙනා තමන්ගේ රාජ්‍ය පාලන කාලය තුල හදන්න පුළුවන් වැව් ප්‍රමාණයක් හැදුවා.තව දෙයක් එකෙන් කියවෙනවා ඒ තමා කිසිම රජ කෙනෙක් තමන්ගේ නම දාන්න වැව් නොහදපු බව.මහනුවර වගේ යුගයට එනකොට වැව් වැඩිය ඉදි නොවුන නිසා මගේ මතයනම් ඒ වෙනකොට ව්‍යාපෘතිය ඉවර වෙන්න ඇති....:yes:

 

RLR

Member
Aug 30, 2008
3,200
400
0
Sri Lanka

නියමායි යාලුවා....මම හිමීට කියවන්නම්කෝ...:D:D:D
කියවලා ආපහු ප්‍රතිචාර දක්වන්නම්....:yes::yes::yes:


 

Anteros

Member
Nov 22, 2009
942
288
0

නියමායි යාලුවා....මම හිමීට කියවන්නම්කෝ...:D:D:D
කියවලා ආපහු ප්‍රතිචාර දක්වන්නම්....:yes::yes::yes:



ඕව් ආස අයටනම් ගොඩක් වැදගත්වෙයි සහෝදරයා.....ඔයාගේ අදහස් වටිනවා :D
 

Anteros

Member
Nov 22, 2009
942
288
0
බලන කවුරු උනත් කම්මෙන්ට් එකක් දාල යනවනම් ගොඩක් වටිනවා..එතකොට තමා ආයිත් මේ වගේ පෝස්ට් දාන්න හිතෙන්නේ....:D:D
 

RLR

Member
Aug 30, 2008
3,200
400
0
Sri Lanka
ඉස්සර O/L පන්තියේ ඉගෙන ගත්ත දේවල් ආපහු මතක් උනා...
ඒ කාලේ ඉතිහාසය කරාට දැන්නම් ඉතිහාසය ගැන මෙලෝ දෙයක් මතක නැහැ...
රජවරු, ඓතිහාසික සිදුවීම් මේ දේවල් සේරම අමතක වෙලා දැන්....
මට මන් ගැනම ලැජ්ජයි...:no::no::no:


ඉතින් නවීන තාක්ෂණය යොදාගෙන කරල තියෙන මිනින්දෝරු මැනීමකට අනූව ජල පරිබෝජනය නියමිත ආකාරයට පැවත්වීමට මෙන්ම(ඒ කියන්නෙ අවශ්‍ය ජල පරිමාව),පවතින ඉඩකඩත් සලකා බැලුවාම හදන්න පුලුවන් වැව් ගණන 457 කියල ගණනයයෙන් ඇවිත් තියෙන්නේ...:rofl:

පස්සේ එයාල මොකද කරල තියෙන්නේ රජවරු වැව් කීයක් හදලද කියල survey එකක් කරල.මෙන්න පුදුමෙනුත් පුදුමයක් ගණන් කරල බැලුවාම ඒකත් හරියටම 457 අඩුත් නෑ වැඩිත් නෑ :confused: :confused: ඔයාලටත් හිතාගන්න බෑ නේද??? :confused:

ඒකෙ තේරුම මෙන්න මේකයි.මේ වැව් ව්‍යාපෘතියක් වගේ සිදුවෙන්න ඇත්තේ.එක එක රජ කෙනා තමන්ගේ රාජ්‍ය පාලන කාලය තුල හදන්න පුළුවන් වැව් ප්‍රමාණයක් හැදුවා.තව දෙයක් එකෙන් කියවෙනවා ඒ තමා කිසිම රජ කෙනෙක් තමන්ගේ නම දාන්න වැව් නොහදපු බව.මහනුවර වගේ යුගයට එනකොට වැව් වැඩිය ඉදි නොවුන නිසා මගේ මතයනම් ඒ වෙනකොට ව්‍යාපෘතිය ඉවර වෙන්න ඇති....:yes:

මේකනම් පිස්සු හැදෙනවා....යාලුවා කොහෙන්ද මේ තොරතුර හොයාගත්තේ...?

ඔයා මහන්සි වෙලා කරුණු හොයාගෙන ලියලා තියෙනවා...
අගය කරන එක අපේ යුතුකම...

Good luck bro...Keep up the good work...!!! :yes::yes::yes:
 

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,436
    190
    63
    moon
    අති විශිෂ්ටයි....මේක පුලුවන් තරම් එලකිරි එකේ ඉන්නO/L කරන අය එක්ක බෙදාගන්න බලන්න.....
    මමත් කොපියක් අරගෙන මගේ මල්ලි කෙනෙක්ට මේල් කරා.

    බොහෝම ස්තූතියි මිත්‍රයා
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,572
    853
    113
    ඉන්න තැනක් හොයනව
    මේ වගේ වැදගත් තොරතුරක් අපිත් එක්ක බෙදාගත්තට යාලුවට බොහොම ස්තුතියි.
    ඉස්කෝලෙ යන කාලෙ මේ වගේ දේවල් කොච්චර පාඩම් කලාද.
    ඒත් දැන් ඒ මතකේ නැත්තටම නැතුව ගිහින්.

    You must spread some Reputation around before giving it to Anteros again.
     

    Anteros

    Member
    Nov 22, 2009
    942
    288
    0
    ඉස්සර O/L පන්තියේ ඉගෙන ගත්ත දේවල් ආපහු මතක් උනා...
    ඒ කාලේ ඉතිහාසය කරාට දැන්නම් ඉතිහාසය ගැන මෙලෝ දෙයක් මතක නැහැ...
    රජවරු, ඓතිහාසික සිදුවීම් මේ දේවල් සේරම අමතක වෙලා දැන්....
    මට මන් ගැනම ලැජ්ජයි...:no::no::no:




    ඉතින් නවීන තාක්ෂණය යොදාගෙන කරල තියෙන මිනින්දෝරු මැනීමකට අනූව ජල පරිබෝජනය නියමිත ආකාරයට පැවත්වීමට මෙන්ම(ඒ කියන්නෙ අවශ්‍ය ජල පරිමාව),පවතින ඉඩකඩත් සලකා බැලුවාම හදන්න පුලුවන් වැව් ගණන 457 කියල ගණනයයෙන් ඇවිත් තියෙන්නේ...:rofl:

    පස්සේ එයාල මොකද කරල තියෙන්නේ රජවරු වැව් කීයක් හදලද කියල survey එකක් කරල.මෙන්න පුදුමෙනුත් පුදුමයක් ගණන් කරල බැලුවාම ඒකත් හරියටම 457 අඩුත් නෑ වැඩිත් නෑ :confused: :confused: ඔයාලටත් හිතාගන්න බෑ නේද??? :confused:

    ඒකෙ තේරුම මෙන්න මේකයි.මේ වැව් ව්‍යාපෘතියක් වගේ සිදුවෙන්න ඇත්තේ.එක එක රජ කෙනා තමන්ගේ රාජ්‍ය පාලන කාලය තුල හදන්න පුළුවන් වැව් ප්‍රමාණයක් හැදුවා.තව දෙයක් එකෙන් කියවෙනවා ඒ තමා කිසිම රජ කෙනෙක් තමන්ගේ නම දාන්න වැව් නොහදපු බව.මහනුවර වගේ යුගයට එනකොට වැව් වැඩිය ඉදි නොවුන නිසා මගේ මතයනම් ඒ වෙනකොට ව්‍යාපෘතිය ඉවර වෙන්න ඇති....:yes:





    මේකනම් පිස්සු හැදෙනවා....යාලුවා කොහෙන්ද මේ තොරතුර හොයාගත්තේ...?

    ඔයා මහන්සි වෙලා කරුණු හොයාගෙන ලියලා තියෙනවා...
    අගය කරන එක අපේ යුතුකම...

    Good luck bro...Keep up the good work...!!! :yes::yes::yes:


    මම ඔය පැරණි තාක්ෂණය පිළිබඳ අධ්‍යනය කරනවා විනෝදාංශයක් විදිහට.මට හමුවුනා ඔය survey එකේ හිටපු මිනින්දෝරුවෙක්. එයාලත් ව්‍යාපෘතියකට තමා survey එක කරල තියෙන්නේ. ඔය කියන අගය ඇවිත් තියෙන්නේ නූතන ගණිත ක්‍රම වලින් (අනුකලනය,අවකලනය වගේ) එයාලත් පුදුම උනාලු. ඔය වගේ තව ගොඩක් කරුණු තියෙනවා කිවුවා ඒත් වෙලාව තිබුනේ නෑ කතා කරන්න :( .

    තවත් එකක් කියන්නම්කෝ.ඔය රුවන්වැලි සෑයෙ තියෙන හැඩය ගැන. සාමාන්‍යයෙන් ඔයවගේ විශාල ස්තූපයක් අර්ධ ගෝලාකාරව හැදුවොත්
    59479991.jpg
    සමීකරණයට අනූව, පෘශ්ඨය මත යෙදෙන shear stress(සිංහලෙන්නම් දන්නෑ) නිසා පෘශ්ඨය බිඳියාමකට ලක්වෙනවා.නමුත් රුවන් වැලි සෑයෙ එහෙම වෙලා නෑ.

    තවත් දෙයක් ඔය හැඩය පරාවලයක්
    64115288.jpg
    (paraboloid) හෝ ඉලිප්සයක
    ellipse2.jpg
    (ellipsoid) සමීකරණ වල පිහිටන්නෙත් නෑලු. පිටරට ගණිත විද්‍යාඥයන් පවා තාම ඒකෙ සමීකරණය හොයාගෙන නෑ කියල තමා කියන්නේ.

    අනික තමා ඔය රුවන් වැලි සෑය තමා ලංකාවෙ ස්ථාවරම තැන භූමිකම්පාවකදි. ඒ කියන්නේ අපිට කියන්න බෑ ඒව ආවට ගියාට හදපු නිර්මාණ කියලා :yes: :yes:
     
    Last edited:
    • Like
    Reactions: Nalith