machan menna umbata tiyena lede gena vistarayk,poddak doctoer krnrk gawata gihilla balapan,docter gawata yanna lejja wenna epa,ledakata behetak gannawa kiyannea lejja wenna deyak neweyi
"
භින්නෝන්මාදය යනු කුමක්ද?
පුද්ගලයෙකුගේ සිතීම, දැනීම හා හැසිරීම යන සියළු අංශයන්ට බලපෑ හැකි මානසික රෝගී තත්වයකි. වයස අවුරුදු 15-35 අතර වැළදිය හැකි මෙය, සෑම 100 දෙනෙකුගෙන් 1 අයෙකුට තම ජීවිත කාලය තුළ වැළඳීමට ඉඩ ඇත.
භින්නෝන්මාදය වැළඳුනු පුද්ගලයන් ඉතා ප්‍රචණ්ඩකාරී වන බව ජනමාධ්‍ය හරහානිතර දැනගැනීමට ලැබුනද, එවැනි ප්රචණ්ඩ හැසිරීම් ඉතාම කලාතුරකින් දැකිය හැක්කකි. භින්නෝන්මාද රෝගීන් රෝහල්ගත කිරීමද අනිවාර්ය නොවන අතර, ඔවුන් බොහෝදෙනා රැකියාවන්හි නිරත වෙමින් සාර්ථක ජීවිත ගත කරති.
භින්නෝන්මාදය ඇතිවීමට හේතු මොනවාද?
ජානමය සාධක, මොළයට උපතේදී සියුම් හානි සිදුවීම හෝ ගැබිණි කාලයේදී වෛරස් ආසාදනයන්ට ලක්වීම හා ළමා කාලයේදී අපචාරයන්ට ගොදුරු වීම ආදී විවිධ වූ හේතු වූ හේතු ගණනාවක සංකලනයක් භින්නෝන්මාදයට බලපායි. මත්ද්‍රව්‍ය භාවිතයද හේතුකාරකයක් වියහැකි අතර, පවුල් අර්බුද හා මානසික ආතතිය නිසා තත්වය බරපතල අතට හැරීමට ඉඩකඩ ඇත.
බොහෝවිට භින්නෝන්මාදය ඇතිවන්නේ ජාන දහස් ගණනක හා විවිධ පාරිසරික බලපෑම් රාශියක සංකීර්ණ අන්තර් ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙනි. මෙම සාධක කිසිවක් වෙන වෙනම ගත්කල භින්නෝන්මාදය ඇතිකරවීමට සමත් නොවේ.
භින්නෝන්මාදයේ රෝග ලක්ෂණ මොනවාද?
“Positive” රෝග ලක්ෂණ
- Hallucinations - සැබවින්ම නොපවතින දෙයක් ඇසීම, පෙනීම, දැනීම හෝ ආඝ්‍රහනය වීමය. කටහඬවල් ඇසීම වඩාත් සුලභය.
- Delusion - අනුන්ට ඉතා අමුතු යැයි හැඟෙන අදහස් දැරීම හා ඒවායේ තදින්ම එල්බ ගෙන සිටීම.
- කල්පනාවේ ගැටළු - අවධානය මඳ වීම, එක් අදහසකින් තවෙකක් වෙත "පැනීම", හා මේ නිසා අන්‍යයන්ට ඔබ තේරුම් ගත නොහැකි වේ.
- තමා අන්‍යයන් වෙතින් පාලනය වන බවක් දැනීම - ඔබේ අදහස් ඉබේම නැති වී යන බව, ඒවා ඔබේ අදහස් නොවන බව, ඔබේ ශරීරය වෙනකෙකු විසින් පාලනය කරන බව ආදිය."