ලංකාවේ විශාලම කුඩු තොගය අල්ලයි

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
ලංකාවේ විශාලම කුඩු තොගය අල්ලයි

නි.ඇමැතිගේ ඉස්සන් ගොවිපොළෙන් ලංකාවේ විශාලම කුඩු තොගය අල්ලයි දේශීය 2010 මාර්තු 12 වෙනි සිකුරාදා, 09:37 මීට දින කිහිපයකට ඉහතදී රටින් පැන යාමට උත්සහ කිරීමේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් මෙරට කුඩු ජාවාරම්කාරයෙකු ලෙස සැලකෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු විසින් ඇමැතිට අයට ඉස්සන් ගොවිපළක සඟවා තිබූ මත් කුඩු තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් සමත්ව ඇත. මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ කුඩු තොගයේ හෙරොයින් කිලෝ ග්‍රෑම් 42 ක් තිබී ඇති අතර, මෙහි වෙළඳපොළ වටිනාකම කෝටි 50 ඉක්මවන බව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජ්‍ය ඇමැතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරන අතර, ඔහු මුළු දිවයිනටම බලපාන සාමාවිනිසුරුවරයෙකි. පසුගියදා කටුනායක ගුවන්තොටුපොළේදී මොහු අත්අඩංගුවට ගත් අතර, අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ ප්‍රශ්න කිරීමේදී මෙම හොරොයින් තොගය සොයා ගැනීමට හැකිව තිබේ.

සැකකරු මීට මාස කිහිපයකට ඉහතදී මුහුදෙන්, බොට්ටු යොදා ගනිමින් මෙම හොරොයින් තොගය ගෙනැවිත් ඇති අතර, ලංකාවට ගෙන ඒමෙන් පසු අදාල නියෝජ්‍ය ඇමැතිවරයාට අයත් ඉස්සන් කොටුවේ සඟවා ඇත. පසුව කළ විමසීමකදී අනාවරණය වූයේ පොලිසිය වෙත පිළිතුරු දීමේදී හා විශේෂයෙන්ම ‍මාධ්‍ය හමුවේ පිළිතුරුදීමේදී අදාල ඉස්සන් කොටුව අත්අඩංගුවට ගත් සැකකරුගේම බව පවසන ලෙස අදාල නියෝජ්‍ය ඇමැතිවරයා සැකකරුට බලපෑම් කර ඇති බවයි.

පසුගිය කාලයේදී එක්සත් ජාතික පක්ෂයේ සිටි මෙම ඇමැතිවරයා ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කරන බව පවසා රජයට එක්වූ අතර, පසුව රජයේ නියෝජ්‍ය ඇමැතිවරයෙකු ලෙස කටයතු කළේය. ඒ අතර මෙවර මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව ඇති මෙම නියෝජ්‍ය ඇමැතිවරයා, සිය ව්‍යාපාරය ලෙස මෙම කුඩු ජාවාරම දිගින් දිගටම සිදු කර ඇත. නමුත් රජයේ බලපෑමෙන් ඇමැතිවරයාගේ මෙම කුඩු ජාවාරම නවතාලීමට නොහැකි වී ඇති අතර, ඔහුගේ ප්‍රධාන ගෝලයා වන අත්අඩංගුවට ගත් සැකකරු මාර්ගයෙන් මෙම හොරොයින් තොගය සොයා ගැනීමට හැකිව ඇත.

heroin.jpg