ලංකාවේ වොක්ස්වැගන් කම්හල
අශ්වයා ගිය පසු ඉස්තාලය රෙපෙයාර් කිරීම හෙවත් ලංකාවේ වොක්ස්වැගන් කම්හල
පසුගිය මහා මැතිවරණයට පෙර රනිල් වික්‍රමසිංහ මහතා චන්ද පොරොන්දුවක් දෙමින් කුරුණෑගල වොක්ස්වැගන් මෝටර් රථ නිපදවන කම්හලක් ඉදිකරන බවට ප්‍රතිඥා දුන්නේය. මෙහිදී කුරුණෑගලම මේ සඳහා තෝරාගැනීම දේශපාලන උපායක් පමණකි. පසුගියදා මහා ශබ්ද පූජා මැද්දේ මෙම කම්හලට මුල්ගල තබන ලද්දේ වොක්ස්වැගන් ආයතනයේ කිසිවෙකුගේත් සහභාගිත්වයෙන් තොරවය. මේ ගැන බොහෝ තැන්වල කසු කුසු ඇසෙද්දී රනිල් වික්‍රමසිංහ මහතා සුපුරුදු ලෙසම අනාගත්තේය.
- 2015 අවුරුද්දේදී වොක්ස්වැගන් කර්මාන්තයක් ආරම්භ කිරීමට තීරණය කළද, ජාත්‍යන්තරයේ එම කර්මාන්තය බිඳ වැටීමකට ලක්වෙමින් පැවති නිසා අවසානයේ වෙස්ටර්න් ඔටෝ මොබයිල් සමාගම එක්ව මෙම කටයුත්ත ආරම්භ කළ බව වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. - දෙරණ 06/01/2017
ජාත්‍යන්තරයේ එම කර්මාන්තය බිඳ වැටේ නම් එය අපි පටන් ගන්නේ කුමකටද?
කාල් බෙන්ස් 1886 දී තුන්-රෝද කාරය සඳහා පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීමෙන් ඇරඹි මෝටර් රථ කර්මාන්තය, අද දැවැන්ත ප්‍රමාණයේ පරිවර්තනයක එළිපත්තට පිවිස ඇත්තේය. පෙට්‍රල් හෝ ඩීසල් යන ඉන්ධන යොදාගෙන, සම්ප්‍රදායික එන්ජිමක් පණ ගන්වා, රෝද හතරක් උඩ දුවන "කාරය" තව ටික කලෙකින් "පන්ච් කාර්ඩ්" යුගයේ පරිඝනකයක් බවට පත්වනු ඇත (කී දෙනෙක් මේ පරිඝනක දැක ඇත්දැයි නොදනිමි). දැනටමත් හයිඩ්රජන්, සුර්ය කෝෂ වැනි බලශක්තින්ද, සුපිරි ධාරිත්‍රක (super capacitor) වැනි බලශක්ති ගබඩා කරන නව තාක්ෂණද යතාර්ථයක් බවට පත්ව ඇත. සම්ප්‍රදායික එන්ජින් රහිත, ගොඩබිමින් සහ ගුවනින් යා හැකි මෝටර් රථ දැන් පරීක්ෂණාගාරයෙන් එලියට විත් ප්‍රදර්ශණ කුටි වෙත පිය නගමින් ඇත. නුදුරු අනාගතයේම ඒවා සාමාන්‍ය ජනතාව අතරට යනු ඇත.
මීට වසර හයකට පමණ පෙර, මම ස්වභාවික ව්‍යසන නිරීක්ෂණය කල හැකි ඩ්‍රෝන යාත්‍රාවක් සඳහා ව්‍යාපෘති යෝජනාවක් ගොඩනැගුවෙමි. එම ව්‍යාපෘතිය සඳහා මා ඇස්තමේන්තු කල මුදල ඩොලර් 70,000 කි. එය ඉතා හොඳ යෝජනාවක් ලෙස අනුමත විය. එහෙත් මා ඊට සමගාමිව එම පර්යේෂණ අරමුදල සඳහාම තවත් ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර තිබුන බැවින් (එවකට මැලේසියාවේ ක්‍රමවේද පිළිබඳව මගේ තිබු නොදැනුවත් කම නිසා) මට ඉන් එකක් පමණක් තෝරා ගැනීමට සිදු විය. පෙර වාසනාවකට මම මෙම ඩ්‍රෝන ව්‍යාපෘතිය හලා දමා අනෙක තෝරා ගතිමි.
ඊට වසර තුනකට පසු මෙම පර්යේෂණ මාලාවම උපාධි අපේක්ෂක සිසුවෙක් තම අවසන් වසර ව්‍යාපෘතිය ලෙස තෝරාගෙන ඩොලර් 600 වැනි මුදලකින් ඉතා අගනා ආකාරයෙන් නිම කළේය. අද එම ඩ්‍රෝන යානය ඩොලර් 70 කට වෙළඳ පොලෙන් මිළදී ගෙන තව ඩොලර් 50 ක් වියදම් කිරීමෙන් පසු මගේ යෝජනාවට වඩා වැඩි ඵලදායි තාවයකින් යුතු නිරීක්ෂණ පද්ධතියක් නිම කල හැක.
එදා උපාලි විජේවර්ධන මහතා මෝටර් රථ නිපදවන විට එවකට පැවති රජය ඔහුට සහයෝගය දුන්නා නම් (අඩු තරමින් කකුලෙන් නොඇද්දා නම්) අද අපි දකුණු කොරියාවට ආසන්නය. එහෙත් අද මෝටර් රථ සාදන්න යාමෙන් අප නතර වන්නේ සිම්බාබ්වේ රාජ්‍යයට නුදුරෙනි.
අඩුම ගණනේ ඊළඟ වසර පහ තුල ලෝක ආර්ථිකයේ සහ තාක්ෂණයේ හැසිරීම ගැන ශක්‍යතා අධ්‍යනයක් සිදු කිරීමෙන් පසු ව්‍යාපෘතියක් එළිදැක්වීමේ සිරිතක් ලාංකික දේශපාලකයාට එදා තිබුනෙත් නැත. අදත් නැත.
source http://chandimagomes.blogspot.com/2017/01/blog-post.html