එක පැත්තකින් හිතෙනව ඇයි මේ මිනිස්සු මෙච්චර මෝඩ කියල. තව පැත්තකින් බැලුවොත් පව් මේ මිනිස්සුන්ගෙ තියෙන අසරණකමයි, අහින්සක කමයි කියල හිතෙනව. සමහර ගම්පැති තියෙනව ඒවල මිනිස්සු හෙන අහින්සකයි, අනුකම්පාවයි. වැඩිය රට ලෝකෙ ගැන තේරුමක් නෑ. මෙතන ගමක්ම රවට්ටන්න හේතුවෙලා තියෙන්නෙ ඕකයි. එක මනුස්සයෙක්වත් ඉදල නෑ අද රටේ වෙන දේවල් ගැන තේරුමක් තියෙන.
මේකෙ තියෙන අතුරු ප්‍රතිඵලය ඉතින් මේ වගේ අහින්සක මිනිස්සුන්ට මේ වගේ දේවල් කලාම මේ මිනිස්සුන්ගෙ අර අහින්සක කමත් නැති වෙලා අවසානෙ කිසිම එකෙක්ට අනුකම්පාවක් දක්වන්නෙ නැතුව යනව. සමහරවිට ඔය දේවල් වලින් වෙන ලැජ්ජාව බලාපොරොත්තු කඩා වැටීම් එක්ක ඔය මිනිස්සුත් ඔතනින් එහාට බලන්නෙ අපිට කෙලියනම් අපිත් අනිත් උන්ට කෙලලහරි ගොඩයන්න ඕන කියන මානසිකත්වයෙන්.