ලංකාවේ හරි මැද නාලන්දා ගෙඩි ගෙය

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113

    ලංකාවේ හරි මැද නාලන්දා ගෙඩි ගෙය

    nalanda.jpg

    අපේ පුංචි ලංකාවේ හරිමැද සොයාගන්නට යන ගමනයි මේ ඔබ හා යන්නට සූදානම් වෙන්නේ. මාතලේ දිස්ති‍්‍රක්කය ඉතිහාසයේ බොහෝ වැදගත් ස්ථානවලට තෝතැන්නක් වූ අපූරු පරිසරයකට උරුමකම් ඇති පෙදෙසකි. ලෝකයේ පුදුම අටක් කරමින් සීගිරිය ලංකාවේ ලොක අවධානයට ලක්විය. ඒ ආසන්නයේම දඹුලු රජමහවෙහෙර විරාජමානව සිටී. නොසි‍ඳෙන දියබිඳුව තලියපුරවාලන්නට අතීතයේ සිටම විශාල පරිශ‍්‍රමයක් තවමත් දරයි. කණ්ඩලම වැව හා සබැඳුණු වන බිම, මාතලේ අළුවිහාරය සුන්දරත්වය සේ පෙදෙසට මහත්වූ වටිනාකමක් ගෙන දී ඇත. ඒ අතරේ තරමක් වෙනස් අපූරු නිමැවුමක් ලෙස ගෙඩිගේ පිහිටා තිබීමද නාලන්දාවට වැදගත් වී ඇත.මාතලේ සිට දඹුල්ල පාරේ ඇති කිලෝමීටර හතළිස් නමය ස්ථානයෙන් හැරුණු පටු මග ඔස්සේ කිලෝමීටර එකහමාරක් පමණ දුරක් මග ගෙවා යන්නට සිදුවේ. අද පවතින මග ඔස්සේ වාහනයකින් වුවද ළඟාවිය හැකිය. සීතල වැව් දිය පවනේ සල සලා නාලන්දා ගෙඩිගේ දෙසට ඇදී එයි. එයින්ම අපේ විඩා නිවාලන්නට හැකිය.පැරණි ගෘහනිර්මාණ ශිල්පයේ එක් ලක්ෂණයක් වූ ගෙඩිගේ හෙවත් ගිංජිකාවත්ත සහිත වහළ ක‍්‍රමය මෙම ගෙඩිගේ සඳහා පියස්ස කොට ගෙන ඇත. ගල්පුවරු උස් වේදිකාවක් මත පිහිට වූ මෙම ගෘහය දකුණු ඉන්දිය පල්ලව සම්ප‍්‍රදායට නෑකම් ඇති වාස්තු විද්‍යාත්මක ලක්ෂණ ගුරුකොට නිමැවූවකි. බුදුගෙයක් ඇති අතර එහි වැඩ සිටින හිටි පිළිමයකි. ඊට අමතරව ස්තූපයක්ද පිහිටා ඇත. සතරැස් මළුව මත පිහිටි මේ ගොඩනැගිල්ල එතරම් විශාල නොවේ. එසේම එම පෙදෙසේ පවතින එකම ඉදිකිරීමද මෙම ගෙඩිගේ පමණක් වීම වැදගත්ය. මන්ද අනෙක් නටඹුන් නගර ගොඩනැගිලි පිරිවරා ඉඳි වූ ඒවා වන අතරේ මෙම ගොඩනැගිල්ල එසේ නොවීමයි.

    හින්දු කොවිලක ආකාරයට මෙය නිමවා තිබීම දකින්නා තුළ වෙනස් හැඟීම් ඇති කළද ඇතුලත වන්නේ බුදු පිළිමයයි.මෙම පෙදෙසට නාලන්දා යන නම ලැබීමද අපූරු පුරාවෘත්තයකින් ඛ්මුවේ. නාලන්දානම් දෙමළ කුමාරයෙකු තම ආගම ඇදහීම උදෙසා කෝවිලක් ඉදිකර වැඳුම් පිදුම් කළ ස්ථානය අදට පැවතීම නාලන්දා නම ලැබීමට හේතු වී ඇත. ඒ අසල බෝධිමූූලයේ වැඩ සිට බවුන් වඩන භික්ෂූන් වහන්සේ තමනට කළ හිරිහැර නිසා තමාට අත් වු දේව කෝපයෙන් මිදීමට නාලන්දා කුමරු පළමුව ගල්මුල් ගසා පළවා හැරී භික්ෂුව යළි වඩමවා මෙම ස්ථානයේ විහාරස්ථානයක් බවට පත්කර දී ඇත. කාලයාගේ ඇවෑමෙන් භික්ෂූන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් ආදාහනය කරවා භෂ්මාවශේෂ ගෙන එහිම ස්තූපයක් කරවා ඇත. මීටර් 25 ක පමණ වට ප‍්‍රමාණයකින් නිමවා ඇත. එය අදටද පවතී.විශාල ගල් පුවරු වලින් මෙහි බිත්ති නිමවා තිබේ. එසේම වහළයද එසේම ගල් උපයෝගයෙන් නිමවා ඇත. විශ්මය ජනක කරුණවන්නේ පියස්සේ වක‍්‍ර හැඩය මනාව ගෙන තිබෙන අයුරුයි. මෙය අනුරාධපුරය යුගයට අයත් නිර්මාණයක් බවට හෙළි වී ඇත. මෙම නිර්මාණ ක‍්‍රමයට ලංකාවේදී හමුවන එකම ගොඩනැගිල්ල වන්නේ නාලන්දා ගෙඩිගේ පමණි.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රති සංස්කරණ වලට අනුව අඩි 23 උස් මළුවකට මෙම ගොඩනැගිල්ල ගෙන එනු ලැබීම විශ්මජනකය. දැනට පවතින ප‍්‍රවේශ මාර්ගයද ඉතාම අලංකාරව නිමවා ඇත. මෙම නිර්මාණාත්මක ගොඩනැගිල්ල නැරඹීමට ද තණපලස රැඳුණු මළුවට පිවිසෙන දෙස් විදෙස් සංචාරක පිරිස මහත්ය. වැව් දියෙන් වට වූ පෙදෙස අනුරපුර, පොලොන්නරුව නටඹුන් පිරි ඓතිහාසික පෙදෙස් සිහියට නංවයි. මෙම පෙදෙස ලංකාවේ උතුරු දකුණු නැගෙනහිර බටහිර දිසා හතම මැදිව පිහිටා ඇත.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    ඕක මුලින් තිබ්බ තැන නෙමෙයි දැන් තියෙන්නෙ කියල කියනව නේද
    Ow meka hari...attama eka tibila tyne..eka me pahala tyna reservoir ekata yata wela..eta pase tamai dan tyna tana hadala tyne..reservoir eke watura adu kaleta eka penwa kyla katawakuth tynwa

    1667223959940.png
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    ඕක මුලින් තිබ්බ තැන නෙමෙයි දැන් තියෙන්නෙ කියල කියනව නේද

    ඔව්. බෝවතැන්න ජලාශයට පරණ තිබුන තැන යටවෙලා කියලා කියනවා.

    ඕක තිබ්බ තැනින් අයින් කරල වෙන තැනක හදල තියෙන්නෙ දැන්.
    නෑ ඕක තිබුන තැන වෙනස් කරල නෑ. ගන්වතුරට යටවෙන නිසා ගලවලා එතනම අඩි ගානක් උස්සලා ඒ විදියටම හයි කරල තියෙන්නෙ. ඒ ප්‍රොජෙක්ට් එක කරපු ඉන්ජිනියර් ටීවී වැඩසටහනක කිව්වෙ. :yes: :yes: :yes:
     

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    නෑ ඕක තිබුන තැන වෙනස් කරල නෑ. ගන්වතුරට යටවෙන නිසා ගලවලා එතනම අඩි ගානක් උස්සලා ඒ විදියටම හයි කරල තියෙන්නෙ. ඒ ප්‍රොජෙක්ට් එක කරපු ඉන්ජිනියර් ටීවී වැඩසටහනක කිව්වෙ. :yes: :yes: :yes:
    Eka YouTube Nedda machn mokakda channel eka ??
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,306
    21,299
    113
    Eka YouTube Nedda machn mokakda channel eka ??
    මට මතක විදියට අයි ටී එන් හෝ ජාතික රූපවාහිනියෙ ගියෙ.හොයන්න ඕන යූටියුබ් තියෙද කියල.
    8:11 ඉදල බලපන් මේක නම් අලුත් එකක්.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මේ ගල් කැටයම තියෙන්නෙ නාලන්දා ගෙඩිගේ

    Nalanda-Gedige-Sri-Lanka.jpg
    Ekek wadurekta puke arinawa. Uta passen wena ekek puke ariawa wage scene ekak neda tiyenne.

    Sihalunge e kale keruwawa 😁😅😂