Questions ලංකාවේ හොදම සිංහල සින්දු පද රචනය ?

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,895
    1
    15,237
    113
    1. වක්කඩ ලග
    2. සඳකඩ පහණක
    3. තුමුල නමුනුකුල
     
    • Like
    Reactions: NRTG

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    එදා මෙදා තුර - සනත් නන්දසිරි

    මේක ලියපු කෙනාගේ පෙම්වතිය මිය ගිය දුකට මේ සින්දුව ලියලා, ඊට පස්සේ ඔහුත් ජීවිතේ නැති කරගත්තා කියලා තමයි කියන්නේ.

    දවසක් සන්ගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. දන්න විදියට දුම්රිය පළක ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි...යක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයාට දීලා කියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව.මම අයෙත් සින්දුලියන්නෙ නැහැ. පුලුවන් කමක් තියෙනවානම් ඕක කියන්න" ය කියල... සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය කියවල අහනවා "ඇයි මේ වගෙ දෙයක් ලියන්න හේතුව" කියල. පිලිතුර වෙන්නෙ "ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි...

    මේ තරුණයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට අසීමිත ලෙස ආදරය කරපු පෙම්වතෙක්. ජීවිතෙ මොන ප්‍රශ්න ආවත් තම ආදරය හැර නොයන්න මේ දෙදෙනා ගිවිස ගන්න ඇති. ඒත් මාපිය පාර්ශවයෙන් මේ දෙන්නට කිසිම බුරුලක් හමබවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ බලපෑම නිසාම මේ තරුණියට සම්බන්ධය නවත්තන්න වෙනවා...

    ප්‍රේමයේ නාමයෙන් සිදුවුනු පොරොන්දු තමා අතින්ම කඩ කෙරෙනකොට ඒ වරද තවත් ඉවසා දරාසිටින්න ඇයට බැහැ. අපේක්ෂා භන්ගත්වය උපරිමයි. අවසන් ප්‍රතිපලය වෙන්නෙ තමාට තවදුරටත් පොලෝ තලයෙ ජීවත් වෙන්න ඇති අයිතිය තමන් විසින්ම උදුරා ගැනීම....ඔව් තරුණිය සියදිවි නසා ගන්නවා..!

    මේ පෙම්වතා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ඔහුත් ඇයගේ ගෙදර හා සම්බන්දයක් තිබිලා නැහැ. ඒත් හදිස්සියේම තරුණියගෙ පියා මොහුට වහාම එන්න කියලා පණිවිඩයක් එවනවා. මොහු ඒ වෙලාවෙ අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනෙවා.මොකද කියනවා නම් ඔහු හිතාගෙන ඉන්නේ මේ කතාකරන්නේ කාලයක් තිබ්බ විරෝදකම් අහවරක් කරලා කැමැත්ත දෙන්න තමයි කියල. ඒත් ගේ ඉස්සරහ සුදු කොඩි..! තරුණයාට මතක් වෙනෙවා පෙම්වතියගෙ ආච්චි ගොඩක්ම වයසයි කියල. ඔහු ගෙට ගොඩ වෙන්නෙ තම පෙම්වතියගෙ මියගිය ඤාතියාට ගෞරව කරන්න...

    ඒත් ඔහුගේ ජීවිතය හා බැඳිච්ච දෛවය ඔහුට කොච්චර අකාරුණිකද කියනව නම් ඔහුට අවසන් ගෞරව දක්වන්න වෙන්නෙ තාමගෙම ආදරණීය පෙම්වතියට.ඒ වෙලාවෙ ඔහුගෙ සිතට ඇතුළුවන හැඟීම් සමුදාය තමයි මේ විදියට ගීතවත් වෙන්නෙ... ·

    එදා මෙදාතුර කඳුලට විවරවූ දෑස් පියන්පත් කවුළු වසා
    ළයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල පියා...
    මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාට පොවා
    දෑත ළයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා...

    දැස් කවුළු පත් පලා කඳුළු කැට වැහෙද්දී මගේ දෑස් අගින්
    කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්...
    ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
    මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි ඈත්නොවේමැයි ඒ සුවඳින්...

    ඊයේ ඉපදී අද මිය යන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ..
    හීයේ වේගෙන් අහස උසට බැදි ආදර ලොකය හෙටත් තියේ....
    ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත.. ඇයි මේ ලොව මා තනිව ගියේ...
    ආයේ දවසක එක හිත් ඇත්තන්.. වී අපි ඉපදෙමු එකට ප්‍රියේ

    උපුටා ගැනීමක්
     
    • Like
    Reactions: shameera89 and NRTG

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,081
    1
    8,946
    113
    -~උලක් උඩ-~
    හොඳක් නරකක් කියනව නෙමේ නමුත් සඳකඩ පහනක කියන්නෙ ලංකාවෙ තේරුමක් නැතිම ගීත වලින් එකක්. ලයින් එක ගානෙ බැලුවොත් යම් තේරුමක් තියෙනව නමුත් ග්ලෝබලි බලද්දි තේමාවක් නෑ. රම්බරී සින්දුවෙ සබුද්ධික ශ්‍රාවක වර්ෂන් එක.

    සින්දුව මරු, වික්ටර් ගෙ මියුසික් කොලිටි.
    මමත් ඔහොම තමා හිතන්නෙ. නමුත් මේක දැක්කට පස්සෙ පොඩි දෙගිඩියාවක් ඇතිවුනා..ඊට පස්සෙ ටිකක් අහගන යද්දීඅඩේ මේක ඇත්තද කියලා හිතුනා

    play on youtube
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    මමත් ඔහොම තමා හිතන්නෙ. නමුත් මේක දැක්කට පස්සෙ පොඩි දෙගිඩියාවක් ඇතිවුනා..ඊට පස්සෙ ටිකක් අහගන යද්දීඅඩේ මේක ඇත්තද කියලා හිතුනා

    play on youtube

    ඔය තියෙන්නෙ අපේ ඉන්ටප්‍රිටේෂන් නෙ මචන්- ඔය ජාතියෙ ගොඩක් කතා කීපයක්ම ඔය සින්දුවට තියෙනව. මම දැක්කා හාමුදුරුවො කෙනෙක් ලියපු එකකුත් වයිරල් උනා කාලෙකට කලින්. හැබැයි සින්දුව ආපු කාලෙ ඕකෙ තේරුමක් නැති බව ගැන ලොකුවට කතා උනා ඒ කාලෙ කලා විචාරකයො අතරෙ.

    ඔගස්ටස් විනයාගරත්නමුත් ටිකක් ඔය ජාතියෙ සින්දු ලිව්වා. ගඟ අද්දර සින්දුව පස්සෙනුත් ලිටරරි ක්‍රිටික් ලා එලවලා තියෙනව පද අතර සම්බන්දයක් නෑ කියල. මන් හිතන්නෙ ඒක තමා ඒ ජාතියෙ සින්දුවල ඇපීල් එක- හීනයක් වගේ එහෙට මෙහෙට පනිනව. හැබැයි මෙයාල ලිව්වෙත් අර මනුරංග‍ය කරනව වගේ පැතිරුන අදහසක් තේරුමක් හිතේ නැතුව.

    පලි:

    අජානේය ස්කූටර කියන්නෙ කෙල්ලෙක්ගෙ කන්‍යාභාවය ගැන, සඳකැන් වැසිලා ලිව්වෙ ප්‍රේමකීර්ති ගෙ බිරින්දෑ වෙන සම්බන්දයක ඉන්නව දැකලය, හිත මිතුරු සුලඟ පීරියඩ් සින්දුවක් වගේ කතා තියෙනවනෙ. හැබැයි රත්න ශ්‍රී ටම කියන්න උනා අජානේය කියන්නෙ එයාගෙ බැච්මේට් කෙනෙක් තමන්ගෙ පරණ ගෑනුලමය හස්බන්ඩ් එක්ක බයිසිකලේක යනව දැකපු සිද්ධියක් නිසා ලියවුන ගීතයක් කියල. මොකද සමහර අය ඇහින් දැක්කා වගේ කියනව.

    ඉන්ටර්ප්‍රිට් කරන්න අයිතියක් රසිකයට තියෙනව ඒක මොකක් හෝ ආට්පීස් එකකින් ඉන්ස්පයර් උන කෙනෙක් තමන්ගෙ පරිකල්පනයෙන් දායක වෙන ලස්සන කෑල්ලක්. ඒත් මට හිතුන එකමයි මුල් රචකයා හිතුවෙත් කියල හිතන්න පැහැදිලි සාක්ෂියක් නැත්තම් එහෙම අඟවන එක හරි නෑ. ආතල් එකට ඕව අපිත් කියනව අර Reservoir Dogs වල මුල ටැරැන්ටිනො මැඩෝනගෙ සින්දුවක් ගැන කතා කරන්නෙ.
     
    Last edited:

    Thank you for your reply :love2: :love:
     
    • Like
    Reactions: Any.key and NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,400
    1
    62,030
    113
    Mother Earth
    අර තව සින්දුවක් මම අහල තියෙනවා.
    පුතුගේ උපත මවගේ විපත එක දිනයෙම වුණේ.. කොහොමද මම සිහි කරන්නේ පුතුගේ උපන්දින.. මා හට දී ඔයා.. ඈ සුරලොව ගියා..
    ඔය සින්දුව මුලින්ම අහද්දී මගේ ඇඟේ හිරිගඩු පිපුණා. ඒ තරම් lyrics එක්ක deep ගියා මම. පට්ටම verses 🤷‍♂️

    මේ දැන් මම අහන ගමන් ඉන්නේ මා නිසා ඔබ නොපිරු පෙරුම්.. මා නිසා ඔබ නොපැතූ පැතුම්..
    මේ සින්දුවේ music මාරම ලස්සනයි. ඇස් දෙක පියන් අහන්න පුළුවන් බියර් එකක් ගහල. 😄
    ------ Post added on Oct 2, 2024 at 11:01 PM
     
    • Love
    Reactions: NRTG

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    මේක අප්ඩේට් වුනාද ගයිස්
    අවුරුදු 2ක් ගත වුනා