ලංකාවේ හොඳම කවුන්සිලර්

Niko Boy

Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    මුලින් හොඳ මනෝ වෛද්‍යවරයෙක්ට පෙන්නන්න. එයාගෙ රෙකමන්ඩේශන් මත psychologist හෝ counsellor කෙනෙක් recommend කරයි. කොයි පලාතෙද කිව්වොත් විස්තර දෙන්න පුලුවන්. කොහොම වුනත් ඔය වෛද්‍යවරු කියලා පෙනී ඉන්න, පත්තර ටීවී ප්‍රෝග්‍රෑම් වල ශෝ පෙන්නන මිනිස්සු ගාවට ගිහින් අමාරුවේ වැටෙන්නෙ නැතුව consultant psychiatrist කෙනෙක්ටම පෙන්නන්න.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Thamanta lagama kena galapena kenada?
    ළඟම පාසල - හොඳම පාසල වගේ සීන් එකක්ද? :LOL:
    "ළඟම කෙනා" නෙවෙයි තමන්ට යන්න ලේසි appointment එකක් දාගන්න ලේසි psychiatrist කෙනෙක් මුලින් හම්බවෙන්න. ගැලපෙන කෙනා හොයාගන්න නම් ගිහින් බලන්නම වෙනවා. කොළඹින් පිට කෙනෙක් කොළඹ psychiatrist කෙනෙක් ප්‍රසිද්ධයි කියලා appointment දාගෙන පැය ගාණක් රස්තියාදුවෙලා විනාඩි 5,10ක් doctor එක්ක කතා කරලා උඩින් පල්ලෙන් තමන්ගෙ ප්‍රශ්නෙ කියලා තේරුමක් නෑ. අනික antidepressant වගේ බොන බෙහෙත් දෙනවා නම් doctor අනිවාර්‍යයෙන් ඒවයි side effects කියන්න ඕනි. යන කෙනාගේ මානසික ප්‍රශ්නෙට පොඩිකාලේ ඉඳන් බලපාපු දේවල් තියෙනවා නම් ඒවා ගැන කතා කරන්න ඕනි. වෙන රෝග මොනවාහරි තියෙනවා නම් ඒවායි බලපෑම ගැන බලන්න ඕනි. ඒත් ඔය දේවල් හරියට කෙරෙන්නෙ නෑ සෙනඟ පෝලිම් ඉන්න තැන්වල. අනික සති 3න් මාසෙන් ආපහු එන්න කියනවා progress එක බලන්න, බෙහෙත් බොන්න දුන්න කෙනෙක් නම් අනිවා ඒ දවසට යන්න ඕනි. දුරක වෙලා යන්න බැරි වුණොත් බෙහෙත් ඉවර වුණොත් සමහර වෙලාවට හිටියට වඩා ගොඩක් අවුල් වෙන්න පුලුවන්. ගන්න බෙහෙත් එකපාර නවත්තන්න හොඳ නෑ withdrawal symptoms එනවා. හොඳට හිටිය මිනිස්සු suicide කරගන්න මට්ටමට වෙනස් වෙන්න පුලුවන් ඔහොම නොහිතන දෙයක් හින්දා.