ලංකාවේ covid-19 අනාගතය..
Suneth Buddhika Agampodi
Yale University | YU · Section of Infectious Diseases
39.26 ·
MBBS, MSc, MD, MPH. FRSPH
Founder Professor and Chair of Department of Community Medicine, Rajarata University of Sri Lanka. His main focus is on developing a generation of broad minded health professionals with a research culture through securing grants and creating opportunities. The capacity building process includes PhD, MPhil, and other postgraduate degrees as well as undergraduate and implementation research trainings for health professionals. Current research interests include infectious disease epidemiology, maternal and child health, implementation research, suicide prevention and mental health.
ලංකාවේ covid-19 අනාගතය..
*****************************
තව කොපමණ කලක් මේ විදියට ඉන්නද?
මේ වසංගතය ඉවර වෙන්නේ කවදද?
*****************************
තව කොපමණ කලක් මේ විදියට ඉන්නද?
මේ වසංගතය ඉවර වෙන්නේ කවදද?
ලංකාවේ ජනතාවට, සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ දේශපාලකයන් හැමෝටම තියන මේ ගැටලුවට උත්තරයක් අවශ්‍යමයි.
දැනට තියන දත්ත සහ රෝගය පැතිරීමේ ස්වභාවය එක්ක ලංකාවේ වසංගතය ගැන කරපු විද්‍යාත්මක ගණනය කිරීමක් තමයි මේ තියෙන්නේ. මේක කලේ ඇමෙරිකාවේ යේල් හාවර්ඩ් සහ ලංකාවේ රජරට විශ්වවිද්‍යාලයේ එකතුවකින්. (Dushan Wadduwage and Savithru Jayasinghe)
පලමුවෙනි සටහනේ පෙන්නන්නේ මේ මොඩලය කොච්චර දුරකට දැනට තියන දත්ත වලට නිවැරදිද කියන එක. ඒක සම්පුර්ණයෙන්ම වගේ මේ දත්ත වලට සම්පත වෙනවා.
මේ ගණනය කිරීම් වලට අනුව අපි මේ විදියටම රෝග පාලනය කලොත් (ඇදිරි නීතියද සහිතව) අපිට ජුනි මාසේ වෙනකොට මේ තත්වය සමනය කරගන්න පුලුව (සති 10ක්) රෝගීන් 200-250ක් එක්ක.
හැබැයි, මේ මුලික රෝගීන් ටික දෙන කෙලින්ම වෙනරටවලින් ආපු අය නිසා මේ මොඩලය පොඩ්ඩක් වෙනස් කරොත් එත් අපට ජුලි මාසේ වෙනකොට මේ තත්වය සමනය කරගන්න පුළුවන් හැබැයි මේ රජය ගන්න ක්‍රියාමාර්ග ඒ විදියටම පවත්වාගෙන ගිහින්.(තුන්වන සටහන)
මේ දැනට අප ගන්න ක්‍රියා මාර්ග එක දිගට කරන්න අපහසුයි. මේ දේවල් පොඩ්ඩක් හරි වෙනස් වුනොත් (මේක වෙන්න තියන ඉඩ කඩ වැඩියි), වෙන්න පුළුවන් දේ තමයි හතරවෙන සටහනේ තියෙන්නේ. හැබැයි මේ පෙන්නලා තියෙන්නෙත් වෙන්න පුළුවන් නරකම දේ නෙවෙයි.
සාරාංශයක් හැටියට කියනවා නම් අපි මහජනතාව, සෞඛ්‍ය අංශ සහ රජයේ සෑම ක්‍රියාවලියක්ම දිගු කාලින ඉලක්ක සහිතව (අඩුම තරමේ සති 10ක්) මේ වසංගතය පාලනයට වැඩ කරන්න වෙනවා. මේක මාස 3කට වැඩි වෙන්නත් පුලුවන්.
මේ වසංගත මොඩලය අපි හැමදෙනාටම පාවිච්චි කරන්න පුළුවන් මෙවලමක් විදියට අන්තර්ජාලයේ ප්‍රකාශනය කරලා තියනවා. ඉදිරියට එන දත්ත අනුව මේ මොඩලය අනිවාර්යයෙන්ම වෙනස් කරන්න සහ දියුණු කරන්න පුළුවන්. මේකේ ප්‍රයෝජන ගැනීම තමයි සියලු දෙනාට කරන්න තියෙන්නේ.