මම මේ ත්‍රෙඩ් එක පටන්ගන්න ආසන්නම හේතු කීපයක් තියෙනවා.
- අද උදේ විශ්‍රාමික අපේ අම්මට dialog එකෙන් call කරලා කියනවා උන්ගේ මොකක්ද phone එකක් තියෙනවලු තව package එකක් තියෙනවලු එක ගන්නවද ගගා. මුන් නම්බරේ අරන් තියෙන්නේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන්. දැන් එතකොට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට මොකක්ද තියෙන අයිතිය සාමාජිකයන්ගේ තොරතුරු තුන්වන පාර්ශවයකට ලබාදෙන්න.
- නිකමට ikman,wow,daraz ....etc එකේ add එකක් දාල ඒ දාපු email එකට දවසකින් දෙකෙකින් ස්පෑම් ගොඩක් එනවා. එක එක රෙද්දවල් විකුනන්න. ඒ මදිවට දාපු phone number එකටත් විකාර promotion SMS එන්න ගන්නවා. මේවා නවත්තන්න විදියක් නැද්ද? (මම නම් block කරලා දානවා. but අනික් මිනිස්සු කීදෙනෙක් මේවට අන්දෙනවා ඇත්ද?) මම නම් ගොඩක් වෙලාවට ඕවට බොරු dummy email තමයි දෙන්නේ.
භයානක කම මේක නෙවෙයි නිකමට හිතපන් අපේ credit card details වලට මුන් මොනවා කරනවා ඇත්ද?
මම කියන්නේ sms email promotion කරන්න එපා කියල නෙවෙයි.
නමුත් අපි හරියටම දන්නවනම් අපේ details නීති විරෝධිව අරන් කියල ලංකාවේ දැන් මේකට නීතිමය පියවරක් ගන්න බැරිද?.


