ලංකාවේ Sansoni ලා

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    එන්ජාමියේ කවර් එකක් දැක්කා ස්ටෙෆනි සන්සොනි කරලා දාල තියනවා,එකපාරට සිහියට ආවේ බාර්බරා සන්සොනි ව..බාර්බරා ගැන දැන ගත්තෙ දවසක ගුරුවරයෙක් එක්ක ජෙ.විජෙතුංග විසින් ඉංග්‍රීසි බසින් රචනා කරලා පස්සෙ මා පයට තන නිල්ල නමින් නිව්ටන් ජයසේන පරිවර්තනය කරපු පොත ගැන කතා වෙනකොට,එක පාරට බාර්බරා සන්සොනිගේ Barefoot එකක් ඇදලා ගත්තා එ මිත්‍රයා,අපි ඉතින් කතා කරන්න ගත්තාම එක තැනකින් පටන් අරන් වෙනම කොහෙන් හරි නේ එක ඉවර කරන්නෙ,කෙසේ වෙතත් මම කල්පනා කෙරුවේ ලන්දෙසි බර්ගර් ජනතාව ලංකාවේ නාමය ලෝකයට ගෙනියන්න මොනතරම් දායකත්වයක් දක්වලා තියනවද කියලා,මේ අයගෙන් සැලකිය යුතු පිරසක් බණ්ඩාරනායක මහතාගේ සිංහල පනතෙන් පසුව රට හැරලා දාල ඔස්ට්‍රෙලියාව වගේ රටවල් වලට ගියා,සෙට් එක් හිටියා නම් හොඳයි කියල හිතිච්චි වාර ගාන අනන්තයි....මේ සන්සොනි පවුලේ සැහෙන වැඩදයි පිරසක් ඉන්නවා,ඩොමිනික් සන්සොනිවත් මතක් කරන්න ඔනේ..

    Fire-Shot-Capture-968-barara-sansoni-Google-Search-www-google-com.png

    මෙන්න සිංදුව

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    එහෙම නම් කියන්න එපා මචං.... :(
    ඉල්ලා අස් කරගන්නව.
    ඒත් කෙහෙල්මල් තනි සින්හල පනත ලොකු හානියක් මේ රටට කරා කියන එකයි මගෙ විසවාසය
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඉල්ලා අස් කරගන්නව.
    ඒත් කෙහෙල්මල් තනි සින්හල පනත ලොකු හානියක් මේ රටට කරා කියන එකයි මගෙ විසවාසය
    සිංහල රාජ්‍ය භාෂාව කල එක නෙමෙයි ප්‍රශ්නය ඉංග්‍රීසි අතු ගාලම දාපු එක,එකෙන් තමයි මේ රට දශක ගානක් පස්සට ගියේ...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    සිංහල රාජ්‍ය භාෂාව කල එක නෙමෙයි ප්‍රශ්නය ඉංග්‍රීසි අතු ගාලම දාපු එක,එකෙන් තමයි මේ රට දශක ගානක් පස්සට ගියේ...
    අන්න ඒක තමයි
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සිංහල රාජ්‍ය භාෂාව කල එක නෙමෙයි ප්‍රශ්නය ඉංග්‍රීසි අතු ගාලම දාපු එක,එකෙන් තමයි මේ රට දශක ගානක් පස්සට ගියේ...
    මගෙත් අදහස නම් මේක තමයි සහෝදරයා. අවශ්‍ය තැන්වලදී භාෂා දෙකටම සම තැන දෙන්න තිබුනේ. උසස් පාසල් අද්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් කරන්න තිබුනා.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    අන්න ඒක තමයි

    මගෙත් අදහස නම් මේක තමයි සහෝදරයා. අවශ්‍ය තැන්වලදී භාෂා දෙකටම සම තැන දෙන්න තිබුනේ. උසස් පාසල් අද්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් කරන්න තිබුනා.
    ඔය හාදයට තිබ්බෙ සිංහල රාජ්‍ය භාෂාව කරලා දෙමළ භාෂාවටත් එ හා සමාන තත්වයක් දිලා (හැබැයි බණ්ඩාරනායක දෙමළ භාෂාවට විශේෂ වරප්‍රසාද වගයක් පස්සෙ දුන්නා) ඉංග්‍රීසි භාෂාවෙන් රට දුවන්න..එහෙනන් රට සැහෙන තත්වයක අද...ඉන්දියාවෙ නෙරු කලේ එහෙමයි,රට දුවනවා කියන එකෙන් මම අදහස් කලේ,අධ්‍යපනය වගේ දෙවල්..මුලික අධ්‍යපනය නම් මව් භාෂවෙන් ලැබෙන එක හොඳයි..
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,557
    113
    සිංහල රාජ්‍ය භාෂාව කල එක නෙමෙයි ප්‍රශ්නය ඉංග්‍රීසි අතු ගාලම දාපු එක,එකෙන් තමයි මේ රට දශක ගානක් පස්සට ගියේ...
    මගේ අදහස නම් සිංහල & දෙමල රාජ්‍ය භාෂාව පමණක් කරලා , අධ්‍යාපනය English වලින් පමණක් සිදුකරා නම්, මීට වඩා රට ගොඩක් ඉදිරියට යන්න තිබුනා, ඉංග්‍රීසි අතු ගාලම දාපු එකනම් තනිකරම දේශපාලන ගේම් එකක් , Oxford ගිහිං ඉගෙනගෙන ආපු කෙනෙක්ට English වල තියෙන වැදගත්කම නොතේරෙන්න විදියක් නෑනේ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔය හාදයට තිබ්බෙ සිංහල රාජ්‍ය භාෂාව කරලා දෙමළ භාෂාවටත් එ හා සමාන තත්වයක් දිලා (හැබැයි බණ්ඩාරනායක දෙමළ භාෂාවට විශේෂ වරප්‍රසාද වගයක් පස්සෙ දුන්නා) ඉංග්‍රීසි භාෂාවෙන් රට දුවන්න..එහෙනන් රට සැහෙන තත්වයක අද...ඉන්දියාවෙ නෙරු කලේ එහෙමයි
    ඔව් අද ඉංග්‍රීසි බාසාව හැසිරවීම මත සමාජය පන්ති දෙකකට බෙදිලා ඉවරයි. උසස් අද්‍යාපනය ඉංගිරිසි බාසාවෙන හදාරනකොට නිකම්ම ඒකේ හුරුවක් ලැබුනා. මට හිතෙන්නේ අපේ පහළ පාසැල් ඉංගිරිස අද්යපනයේ මොකක් හරි වරදක් තියෙනවා. පාසලේ අවුරුදු 10ක් ඉංගිරිසි භාෂාව හැදෑරුවත් ඉංගිරිසි භාෂාව හසුරවන්න පුළුවන් වෙන්නේ බොහොම සුළු කොටසකට විතරයි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඔව් අද ඉංග්‍රීසි බාසාව හැසිරවීම මත සමාජය පන්ති දෙකකට බෙදිලා ඉවරයි. උසස් අද්‍යාපනය ඉංගිරිසි බාසාවෙන හදාරනකොට නිකම්ම ඒකේ හුරුවක් ලැබුනා. මට හිතෙන්නේ අපේ පහළ පාසැල් ඉංගිරිස අද්යපනයේ මොකක් හරි වරදක් තියෙනවා. පාසලේ අවුරුදු 10ක් ඉංගිරිසි භාෂාව හැදෑරුවත් ඉංගිරිසි භාෂාව හසුරවන්න පුළුවන් වෙන්නේ බොහොම සුළු කොටසකට විතරයි.
    ඉස්සර ලංකාවේ ඉංග්‍රීසි ඉගැන්නුවේ අයිරිශ් නන්ස් ලා සහ බොහෝදුරට ඉන්දියන් අය,මම කියන්නෙ 1900 බර ගනන් වල එ අයගෙන් ඉංග්‍රීසි ඉගනගත්තු අයට පාලි සංස්කෘත සිංහලත් හොඳට පුලුවන්..එ උනාට අද බලන්නකෝ ?? ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව වෙලා තිබ්බ කාලේ ඉගනගත්තු සෙට් එක ආශ්‍රය කලොත් තෙරෙනවා ,එ බොහෝ අයට භාෂාවල් දෙකම හොඳට පුලුවන්..
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඉස්සර ලංකාවේ ඉංග්‍රීසි ඉගැන්නුවේ අයිරිශ් නන්ස් ලා සහ බොහෝදුරට ඉන්දියන් අය,මම කියන්නෙ 1900 බර ගනන් වල එ අයගෙන් ඉංග්‍රීසි ඉගනගත්තු අයට පාලි සංස්කෘත සිංහලත් හොඳට පුලුවන්..එ උනාට අද බලන්නකෝ ?? ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව වෙලා තිබ්බ කාලේ ඉගනගත්තු සෙට් එක ආශ්‍රය කලොත් තෙරෙනවා ,එ බොහෝ අයට භාෂාවල් දෙකම හොඳට පුලුවන්..
    ඔව්. අපේ සීයට ආච්චිට ඉංග්‍රීසි හොදට පුළුවන්. ඒගොල්ලෝ දෙන්නම කොළඹ සාමාන්‍ය පාසල් වල ඉගෙනගත්ත අය