ලංකාවේ_සමනලයන්
ශ්‍රී ලංකාවට ආවේණික සමනලයන්
THE BLUE MORMON (m)
සත්ව විද්‍යාත්මක නාමය Papilio polymnestor
ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක ජීවත් වෙයි. නමුත් දුර්ලභය. උස් කඳු බිම්වල තරමක් දුර්ලභය. නිතර කැලෑ සහ විවෘත වනලැහැබ් වලට ප්‍රිය කරයි. සංක්‍රමණයට සහභාගී වෙයි. පිරිමි සතුන් තෙත පොළවට ගොඩබසී. පියැඹීම ශක්තිමත් ආකාරයෙන් නිර්භීතව සිදුකරයි. නමුත් බියවූ විට නොසන්සුන්කාරී බවකින් යුක්තය. ගැහැණු පිරිමි සමාන වුවත් ස්ත්‍රී සත්වයා ශරීරයෙන් පිරිමි සත්වයාට වඩා විශාලය.
THE COMMON ROSE (m)
සත්ව විද්‍යාත්මක නාමය Atrophaneure aristolchiae
ශ්‍රී ලංකාවට ආවේණික ඉතාම සුළභ සමනළයෙකි. මුහුදු මට්ටමේ සිට අඩි 400 දක්වා උස් පළාත් වල ව්‍යාප්තව සිටී.
ගඳපාන මල් (Lantana) වලට ඉතාම ප්‍රිය කරයි. ගැහැණු සතා පිරිමි සතාට වඩා විශාලය.
මුල් කාලයේ දළඹු කීටයාගේ වර්ණය කළු පාටකි. පසුව නිල් පාටට හුරැ කොළ පාටට හැරෙයි.
THE COMMON SILVERLINE (m)
සත්ව විද්‍යාත්මක නාමය - Spindasis vulcanus
සුළභව දැකිය හැකි සමනළයෙකි.පහත රට සිට මධ්‍යම කඳුකරය දක්වා ව්‍යාප්තය. මධ්‍යම කඳුකරයේ විවෘත ස්ථානවල බහුලව ගැවසෙයි. නමුත් වැඩි කැමැත්තක් දක්වන්නේ පහතරට ප්රදේශයටයි. පියෑඹීම වේගවත් වන අතර අස්ථීරය. නිතර නවාතැන් ගනී. රංචු ගැසී සමූහයක් ලෙස ජීවත්වෙයි. ගැහැණු සත්වයා පිරිමි සත්වයාට සමානය.ප්‍රජනනය සාමාන්‍ය පරිදි වේ.
THE CRIMSON ROSE (m)
සත්ව විද්‍යාත්මක නාමය Atrophaneure hector
ඉතාම සුළභ සමනළයෙකි. මුහුදු මට්ටමේ සිට අඩි 1000 දක්වා උස් පළාත් වල ව්‍යාප්තව සිටී. වැඩි කැමැත්තක් වියලි කළාපයට දක්වන අතර දුම්බර වනපෙතේ (නකල්ස්) වියලි ප්‍රදේශයේ හමුවෙයි. උස් කදුකරයේ දැකගැනීමට අපහසුය. සංක්‍රමණයට ප්‍රියතාවයක් දක්වයි. පියෑඹීම විවේකශීලී ලෙස සිදු කරන නමුත් බාධාවක් ආ විගස වේගයෙන් පියඹා යයි.
මල් වලට ප්‍රියතාවයක් දක්වන අතර ගඳපාන මල් (Lantana) වලට ඉතාම ප්‍රිය කරයි. ගැහැණු පිරිමි අතර සුළු වෙනස්කම් පැවතියද බොහෝ දුරට සමානය. නමුත් ගැහැණු සමනළයා ඒතරම් දීප්තිමත් නැත.
දළඹු කීටයා කළුවන් දුඹුරැ පාටකි. The Crimson Rose ගැහැණු සතා Common Mormon ව අනුකරණය කරනු දක්නට හැකිය.
THE RED PIERROT (m)
සත්ව විද්‍යාත්මක නාමය - Talicada nyseus
මෙම සමනළයාද සුළභව දැකිය හැකි සමනළයෙකි. පහත රට සිට මධ්‍යම කදුකරය දක්වා ව්‍යාප්තය. කැලෑ බිම් වල මෙන්ම ලඳු කැලෑ වලද බහුලව ගැවසේ.
පියෑඹීම දුර්වල වන අතර පහතින් පියාඹයි. පියාඹන විට විටින් විට විවේක ගන්නා අතර ගොම්මන් වනතුරැ පියාඹයි. ගැහැණු සත්වයා පිරිමි සත්වයාට සමානය. නමුත් පිරිමි සත්වයාට වඩා ගැහැණු සත්වයා විශාලය.
දළඹු කීටයාගේ වර්ණය ලා රෝස පැහැයක් ගනී. ශරීරය වටා බූවක් පිහිටා ඇති අතර එය සුදු පාටය. ශරීරයේ සුදුපාට තිත් විසිරී ඇත.
THE COMMON BRIDWING (m)
සත්ව විද්‍යාත්මක නාමය Troides helena
දුර්ලභය. ශ්‍රී ලංකාවේදී හමුවන විශාලතම සමනළයෙකි. උතුරේ සහ කඳු බිම්වල තරමක් දුර්ලභය. සංක්‍රමණයට සහභාගී වෙයි. නිතර විවෘත ගම්බද ප්‍රදේශ වලට සහ කැලෑ ප්‍රදේශවලට ගමන් කරයි. කලාතුරකින් ජෝඩු සෑදී අහසේ ඉහල පහල යමින් පියැඹීම සිදුකරයි. සාමාන්‍යයෙන් මෙම සමනළයා පියාඹන්නේ ඉහලින්ය. නිතරම මල්වල වසයි.
ගැහැණු සහ පිරිමි සතුන් අතර සුළු වෙනස්කම් තිබෙනු දැකිය හැකිය. ගැහැණු සතා තරමක් විශාලය. පසුපස ඇති පියාපත් වල සලකුණු පිහිටා ඇති අතර ගැහැණු සතාගේ මෙම සලකුණු වැඩි වශයෙන් පිහිටා ඇත. වරකට බිත්තර 20 පමණ දමන අතර ඒවා ගෝලාකාර හැඩයක් ගනී.
THE COMMON SAILOR (m)
සත්ව විද්‍යාත්මක නාමය Neptis hylas
ඉතාම සුළභ සමනළයෙකි.දිවයිනේ සෑම තැනකම දැකගත හැකිය. වැඩි කැමැත්තක් දක්වන්නේ වනලැහැබ් වලට සහ ගෙඋයන් වලටය. සංක්‍රමණය කිරීමට කැමැත්තක් දක්වයි. නිතර හිරැ එළිය තපින අතර වියලි කාළගුණයක් පවතින විට තෙත් පොලවෙහි නවාතැන් ගනී. ගැහැණු පිරිමි පෙනුමෙන් සමානය.
THE COMMON TIGER (m)
සත්ව විද්‍යාත්මක නාමය Danaus genutia
ඉතාම සුළභ සමනළයෙකි.දිවයිනේ සෑම තැනකම දැකගත හැකිය.
වැඩි කැමැත්තක් දක්වන්නේ වනලැහැබ් වලට සහ ලඳුකැලෑ වලටය. ගැහැණු පිරිමි පෙනුමෙන් සමානය. උස් කඳුකර ප්‍රදේශවල තරමක් දුර්ලභය. දුර්වල ලෙස සෙමින් පියාඹයි. ගැහැණු සතුන් Common plamfly, Indian fritillary යන දෙදෙනාව අනුකරණය කරයි.
THE GLASSY TIGER (m)
සත්ව විද්‍යාත්මක නාමය Danaus similis
සුළභය. ශ්‍රී ලංකාවේ දකුණු භාගයේ උස්තැන්වල දැකගත හැකිය. සංක්‍රමණයට සහභාගී වෙයි. දවසේ උණුසුම් කාළගුණයක් පවතින සමහර අවස්ථාවලදී කුඩා කණ්ඩායම් ලෙස සැදී වනාන්තරවල අවසන් කොටසෙහි වනාන්තර නිමාවන තැන විවේක ගනිමින් සිටිනු දැකිය හැකිය.
පියෑඹීම දුර්වලය. හෙමින් පියාඹයි. ගැහැණු සතාව Dark wanderer අනුකරණය කරයි. ස්ත්‍රී පුරැෂ දෙපක්ෂයම The Common Mime ව අනුකරණය කරයි.
THE SMALL GRASS YELLOW (m)
සත්ව විද්‍යාත්මක නාමය - Eurema brigitta
මෙම සමනළයාද සුළභ සමනළයෙකි. කඳුකරයේ විවෘත තෘණ භූමිවල සහ පහත රට තෙත් කළාපයේ සමහර දිස්ත්‍රික්කවල දැකගත හැකිය.
මල් හා තෘණ බිම්වල නිතර නිතර නවාතැන් ගනී. සමහර අවස්ථා වලදී පිරිමි සතුන් විශාල සංඛ්‍යාවක් තෘණ භූමි වලට ගොඩබසින අවස්ථා දැකගත හැකිය.
පොළවට ලංවන විට මෙම සමනළයින්ගේ කලබලකාරි බවක් දක්නට ඇත. සාමාන්‍යයෙන් දිනයේ උෂ්ණ වේලාවන් වලදී විවේක ගනී.පිරිමි හා ගැහැණු සතුන් පෙනුමෙන් සමානය
THE COMMON INDIAN CROW (m)
සත්ව විද්‍යාත්මක නාමය Euploea core
දිවයිනේ සෑම ප්‍රදේශයකම දැකගත හැකි ඉතාම සුළභ සමනළයෙකි. පියෑඹීම දුර්වල වන අතර කම්මැලි ස්වභාවයක් ගනී. නිතර තෙත පොළවෙහි නවාතැන් ගැනීමට ප්‍රියතාවයක් දක්වයි.
ගැහැණු පිරිමි පෙනුමෙන් සමානය. එනමුත් ගැහැණු සතාගේ ඉදිරි පිහාටුවල සුදුපාට තීරැවක් නොපිහිටන අතර පිරිමි සතාගේ සුදුපාට තීරැවක් දැකගත හැකිය
THE COMMON EVENING BROWN (m)
සත්ව විද්‍යාත්මක නාමය melanitis leda
ශ්‍රී ලංකාව තුල ඉතාම සුළභ සමනළයෙකි.දිවයිනේ සෑම තැනකම දැකගත හැකිය. පියෑඹීම වේගවත් වන අතර ගැස්සෙන සුළු ස්වභාවයක් ගනී. සාමාන්‍යයෙන් හිමිදිරි පාන්දර සහ සවස් යාමයේ පියාඹයි.
ගැහැණු පිරිමි පෙනුමෙන් සමානය. යටි ප්‍රදේශයේ යම් යම් වෙනස්කම් ඇත.
THE CHOCOLATE SOLDIER (m)
සත්ව විද්‍යාත්මක නාමය Precis iphita
ඉතාම සුළභය .දිවයිනේ සෑම ප්‍රදේශයකම දැකගත හැකිය. විවෘත කැලෑ ප්‍රදේශවල බහුලව ගැවසෙති. සංක්‍රමණයට සහභාගී වන සමනළයෙකි. වේගවත් පියෑඹීමකට හිමිකම් කියන අතර ශක්තිමත් ආකාරයක් ගනී.
නිතර තෙත පොළවෙහි නවාතැන් ගනී. ගැහැණු පිරිමි පෙනුමෙන් සමානය.
THE BLUE BOTTLE (m)
සත්ව විද්‍යාත්මක නාමය Graphium sarpedon
තෙත් කළාපයේ ඉතාම බහුල සුළභ සමනළයෙකි. වියලි කළාපයේ දැකගැනීමට අපහසුය. දුම්බර (නකල්ස්) කඳුකරයේ තෙත් කළාපයේ සිටිනු දැකගත හැකිය. විශේෂයෙන් ගෙවතු සහ විවෘත බිම්වල සිටි. අවිවේකීය. විවේකයකින් තොරව පියාඹයි.
ශරීරය දීප්තිමත් නිල් පාටක්. සාමාන්‍යයෙන් ඉර එළිය පවතින කාලයේදී පියාඹයි. විශේෂයෙන් දිය සීරාව ඇති තැන්වලට ප්‍රිය කරයි.
ගඳපාන මල් (Lantana) පිපුණු වනාන්තර වලට ප්‍රියතාවයක් දක්වයි. පිරිමි සතා ගැහැණු සතාට වඩා තරමක් කුඩාය. මුල් කාලයේ දළඹුවන් කළුපාට වන අතර පසුව නිල් පාටට හැරෙයි.