පූර්විකාව...
දොස්තර පියල් වල්පොලගේ ආරාධනයෙන් ලෝක ප්‍රසිද්ධ බෞද්ධ හිමිනමක් වන අජාන් ච බ්‍රහ්මවන්ශෝ හාමුදුරුවෝ මේ ළඟදී කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරයට වැඩම කරමින් ධර්ම දේශනාවක් පැවැත්වුවා. උන්වහසේ කියපු එක දෙයක් මගේ හිතට වැදුන. 'ලොකු ගැඹුරු දේවල් පොඩි කතාවලින් විස්තර කරලා දෙන්න පුරුදුවෙන්න!'. උන්වහසේ ධර්ම දේශනාව ආරම්භ කළෙම 'වන්ස් ඔපොන් අ ටයිම්....'. කියලයි. එහෙනම් මේ ලිපියට අදාල කතාවට බහිමු.
කතාව
මේක ඇෆ්ගනිස්ථානයේ කතාවක්. ඉස්සර එක්තරා මහලු ගොවියෙක් එයාගේ වැඩිවියට පත්වුණු දරු මල්ලන්ද ඉන්න පුතුන් තුන්දෙනා (03) සමග එක ගමක වාසය කළා.මේ ගමේ මිනිස්සුන්ගේ අදායම් මාර්ගය වුනේ කිරි පිණිස එළුවන් ඇතිකිරීම.ඉතින් මේ ගොවියා ජීවත්වෙලා මරණාසන්න මොහොතට ලංවෙලා පුතුන් තුන්දෙනා ගෙන්නලා කිව්වා
'' මගේ දේපල ගැන අන්තිම කැමති පත්‍රය ලියල තිබෙනවා.මගේ අවසන් කටයුතු වලින් පස්සේ ඒකෙ තියෙන ආකාරයට දේපල තුන්දෙනා අතර බෙදාගනිල්ල. මගේ අන්තිම කැමැත්ත මොනම අකාරයකටවත් වෙනස් කරන්න එපා" කියල. පියාගේ අවසන් කටයුතු වලින් පස්සේ පුතාල තුන්දෙනා අන්තිම කැමති පත්‍රය දිගහැරලා බැලුව. ඒකෙ තිබුනේ මෙහෙමයි.
පුත්තු තුන්දෙනා පියාගේ අවසන් කැමති පත්‍රයේ සඳහන් වට්ටෝරුවට අනුව එළුවන් බෙදන්න හැදුව. බෙදාගන්න බැහැ. දා හත දෙකෙන් වත් තුනෙන් වත් නමෙන් වත් බෙදන්න බැහැ. ප්‍රථමක සංඛ්‍යාවක් නිසා. භාග ගණන් මයි එන්නේ. ලොකු පුතාට අටහමාරයි (8 1/2) . දෙවෙනියට පහයි තුනෙන් දෙපන්ගුවයි (5 2/3) බාලමයට එකයි නමෙන් අටයි (1 8/9). ඒ වුනාට බෙදන්න තිබෙන්නේ එළුවොනේ. කෑලි වලට කපන්නත් බැහැ. කිරට ඇතිකරන එළුවොනෙ. පියාගේ අවසන් කැමැත්ත වෙනස් කරන්නත් බැහැ.
පුතුන් තුන්දෙනා විශාල ජන්ජාලයක තමයි පැටලුනේ. අන්තිමට පුතාල තුන්දෙනා රණ්ඩු වෙන්න පටන් ගත්ත. රණ්ඩුවට ඒගොල්ලන්ගේ බිරින්දැල දරුවෝ එහෙමත් එකතුවෙලා ඒගොල්ල ළඟ තිබුන වෙන වෙන ප්‍රශ්නත් මේකටම ඇදගෙන විශාල කල කෝලාහලයක් ඇතිකරන්න පටන් ගත්ත සහෝදර නෑදෑයෝ අතර.
මේ රණ්ඩුව ඇහුන ගමේ යමක් කමක් හිතන්න පුළුවන් මනුස්සයෙක් ඇවිල්ල රණ්ඩුවට හේතුව ඇහුවම පුතාල අර මැරුණු ගොවියාගේ අවසන් කැමති පත්‍රය ගැන කිව්වා. ඉතින් මේ මනුස්සය ටිකක් කල්පනා කරලා කිව්වා
"ඕකට ඔය ළමයි සහෝදරයෝ අතර රණ්ඩු වෙන්න එපා. මගේ ළඟ එළුවෙක් ඉන්නවා. ඒ එළුවාත් අරගෙන එළුවෝ ගාන දහ අටක් කරගෙන තාත්තගේ වට්ටෝරුවට අනුව බෙදා ගන්න " කියල.
මුලදී අයියල මල්ලිලා මේ යෝජනාවට කැමති වුනේ නැහැ.
"තාත්ත දීපු වට්ටෝරුව වෙනස් කරන්න බැහැ. අනික මේ අහක ඉන්න මනුස්සයෙක් අපේ ප්‍රශ්නයක් නිසා නිස්කාරණයේ පාඩු කරගන්න හදනවා". එහෙමයි එයාල හිතුවේ.
මේ අය හිතන විධිය තේරුම් ගත් අර වැඩිහිටි මනුස්සය කිව්වා
"මට කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. නිකමට මගේ එළුවාත් අරගෙන බලන්න" කියල අන්තිමට කට්ටිය ඒ යෝජනාවට එකඟ වෙලා ඒ එළුවාත් අරගෙන 18 බෙදුව.
ලොකු පුතාට 18 න් 1/2 යි කියන්නේ 9 යි. දෙවනි පුතාට 18න් 1/3 කියන්නේ 6 යි. බාලමයට 18න් 1/9 කියන්නේ 2 යි.
9+6+ 2 = 17 යි . හැබැයි බෙදුවේ 18.
දැන් අර වැඩිහිටි මනුස්සය කිව්වා "දැන් බලන්න තාත්තගේ කැමැත්තෙ හැටියට එක එක්කෙනාට හම්බවෙන්න නියමිත ගානටත් වඩා වැඩියෙන් ලැබිල තියෙනවා, ( 8 1/2 ලැබිය යුතු කෙනාට 9ක්. 5 2/3 ලැබිය යුතු කෙනාට 6ක් . 1 8/9 ලැබිය යුතු කෙනාට 2 ක් . ) එළුවෝ 17 බෙදිලත් තිබෙනවා. ඉතින් මට මගේ එළුවා නැවත දෙන්න" කියල.
කතාවෙන් අපිට- සිංහල දෙමල මුස්ලිම් කල්යාන මිතුරන්ට, නෑදෑයන්ට.....
මේ කතාව දැනට රන්ඩුවෙන අපේ රටේ සින්හල- දෙමළ - මුස්ලිම් සහෝදරයෝ තුන්දෙනාටත් අදාලයි. අපි ප්‍රශ්න බේරගන්න ගන්න හදන්නේ අපේ පියා අපට උරම කරල දීපු ( ඒ කියන්නේ ඉතිහාසය හෝ මතවාදය හෝ වෙනත් දේශපාලන වට්ටෝරුවක් ) ඒ විධියටම අනුගමනය කරන්න යන නිසා. එහෙම කරන්න ගියොත් අපි මූල ධර්ම වාදීන් වෙනවා. මහාවංශ ක්‍රමයටම අපේ වර්තමානය හදාගන්න බැරි බව සිංහල ලොකු සහෝදරයා හිතන්න ඕනි. තමන්ගේ ජාතික ආගමික සංස්කෘතික උරුමය හොයාගන්න කුරානය මූලධාර්මවාදීව අනුගමනය කරලා හරියන්නේ නැති බව ලන්කාවේ මුලිම් සහෝදරයෝ හිතන්න ඕනි . බොදු බල සේනාව නෙමෙයි ලංකාවේ මුස්ලිම් මිනිස්සුන්ගේ ගැටලුව. ඒ වගේම සිංහල මිනිස්සුන්ගේ ගැටලුවත් මුස්ලිම් මිනිස්සු නෙවෙයි ,ලංකාවේ දෙමල ජාතික වාදයේ පියා වෙන්නේ මැලේසියාවෙන් ලංකාවට ඉගෙන ගන්න ආපු එස් ජේ වී චෙල්වනායගම්. එයා තමයි දෙමල නිජබිමට ස්වයන්පාලනය ( ෆෙඩරල්, ඊලාම් ) මතවාදය හදල දුන්නේ. දෙමළ සහෝදරය තාම ඉන්නේ මේ මතවාදයේම මූල ධාර්මිකව එල්ලිලා. මේ විදියට ඉන්න ඉන්න රණ්ඩුව විතරයි ඉතිරි වෙන්නේ. කාටත් කියන්න වෙන්නේ එතකොට එළුවා කපා මගේ ගෙටයි - බොකු බඩවැල් තොපේ ගෙටයි කියලයි. ඒ ආකල්පයෙන් හොඳ ජාතික රාජ්‍යක් හැදෙන්න නැහැ.
කරුණාරත්න පරණවිතාන

මා සතු එකම දේපල අපේ පට්ටියේ සිටිනා එළුවන් 17 දෙනා පමණි . මෙම එළුවන් 17 දෙනාගෙන් භාගයක් (1/2) ලොකු පුතාටද, තුනෙන් එකක් (1/3) දෙවෙනි පුතාටද, නමෙන් එකක් (1/9) බාලම පුතාටද හිමිවිය යුතුය !

Last edited: