ඇමරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (Centers for Disease Control and Prevention – CDC) විසින් ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගත තත්ත්වය ඉතා ඉහළ මට්ටමේ පවතින රටක් ලෙස නම් කර ඇත.
එක්සත් ජනපදයේ සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාව ‘කොවිඩ්-19 ඉතා ඉහළ මට්ටමේ’ ඇති රටවල් අතරින් එකක් ලෙස වර්ගීකරණයකට ලක් කර ඇත.
කොවිඩ්-19 සඳහා නොවැම්බර් 21 වන දින සංචාරකයන් සදහා වන සෞඛ්‍ය දැනුම්දීම් පද්ධතිය සංශෝධනය කළ බවත්, ජාත්‍යන්තර ගුවන් ගමන් වලට පෙර සහ පසුව පරීක්ෂණ කිරීම සඳහා නව නිර්දේශ නිකුත් කළ බවත් එම ආයතනය පවසයි.
එම දැනුම්දීමට අනුව, ඔවුන් තෝරාගත් රටවල් වල කොවිඩ්-19,
4 වන මට්ටම – ඉතා ඉහළ ලෙසත්
3 වන මට්ටම – ඉහළ ලෙසත්
2 වන මට්ටම – මධ්‍යස්ථ ලෙසත්
1 වන මට්ටම – අඩු හා වාර්තා නොවූ ලෙසත් වර්ගීකරණය කර ඇත.
CDC ආයතනය මගින් ශ්‍රී ලංකාව සඳහා සංශෝධිත සංචාරක නිවේදනයක දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය වීමේ හැකියාව වැඩි බැවින්, සංචාරකයින් ශ්‍රී ලංකාව බලායන සියළුම සංචාරයන්ගෙන් වැළකී සිටිය යුතු බවයි.
https://wwwnc.cdc.gov/travel/notices/covid-4/coronavirus-sri-lanka