ලංකාව ගැන ඉන්දියානුවන් කතාබහක

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඩප්පියො ටික බලවතා කීවට අපි නැත්තම් උනුත් නෑ

    ඉන්දියානු සාගරයේ මැද පිහිටි අපේ කුඩා ශ්‍රී ලංකා දිවයින කුමන හෝ හේතුවක් නිසා, එම ස්ථානයෙන් අතුරුදහන් වුනා කියා හිතන්න. දැන් දකුණු සාගරයේ සහ ඉන්දියානු උපමහාද්වීපය අතර කිසිම දුපතක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ මහා රළ පැනනගින, සුවිසල් වූ සාගරය පමණයි. ඉන්දියානු උපමහද්වීපයේ දකුණට වෙන්න පිහිටි වෙරළතීරය ඍජුව දකුණු ඉන්දියානු සාගරයේ බලපෑමට නිරාවරණය වෙනවා.

    ඉතින් ඉන් පසුව කුමක් සිදුවේවිද ? තමිල් නාඩුවේ වෙරළවල් එදාටත් අදවගේ සන්සුන්ව පවතීවිද ? ආන්ද්‍රා ප්‍රදේශයේ ධීවර වරායන් අදවගේ ශක්තිමත්ව රඳා පවතීවිද ?

    මේක මහා විකාරයක් වගේ කියලා හිතුනට, විශ්වාස කරන්න ඉන්දියාවේ විද්‍යාඥයින් මෙම අදහස ඇත්තටම අත්හදා බැලුවා. ඔවුන් සොයාගත්තේ මොනවද කියනදේ ඔබ දැනගත්තොත්, අපේ ආදරණීය දිවයින ලෙස බලන විදිය සහමුලින්ම වෙනස් වේවි.

    🟢 ඔවුන් මෙය සොයාගත්තේ කෙසේද ?

    2025 වසරේදී ඉන්දියාවේ නිවර්තන කාලගුණ විද්‍යා විද්‍යායතනය, එහෙමත් නැතිනම් IITM එක සහ, මැන්ගලෝර් විශ්වවිද්‍යාලය අර්ත් සිස්ටම් සයන්ස් ජර්නලයේ විශේෂ පත්‍රිකාවක් ප්‍රචාරයට පත්කරා. ඔවුන් එම පර්යේෂණය සඳහා යොදාගනු ලැබුවේ මේ වන විට ලොව පවතින WAVEWATCH III කියන ලොව බලවත්ම සාගරික රළ සිමියුලේටර් එකයි. ඉතින් ඒ තුල දකුණු ඉන්දියානු සාගරය හරහා ලංකාව පසුකරගෙන ඉන්දියාව දෙසට පැමිණෙන විශාල රළ වල අනුරුවක් නිර්මාණය කරා.

    ඉන් අනතුරුව ඔවුන් දෙවෙනි සිමියුලේෂන් එකකුත් ධාවනය කරා. එම අනුරුව තුල ලංකාව කියලා දුපතක් තිබුනේ නැහැ. ඉන් අදහස් කරන්නේ දකුණු ඉන්දියානු සාගරය සහ ඉන්දියාව අතර කිසිම භූ ස්කන්ධයක්, කිසිම බාදාවක් නොමැති බවයි. ඒ අතර ඇති එකම දෙය ජලය පමණයි. එම සිමිලේෂන් එක ධාවනය වෙනවාත් සමගම තිරයේ දිස්වුනු දේ දුටු ඔවුන් විශ්මයට පත්වුනා.

    🟢 එහි ප්‍රතිපලය උනේ කුමක්ද ?

    එය හරියට ලංකාව ඉවත් කරනවාත් සමගම, සාගරය විසින් මෙතුවක් කාලයක් සඟවාගෙන සිටි දෙයක් එකවරම මුදා හැරියා හා සමාන දෙයක්.

    ඉන්දියාවට පහලින් පිහිටි කුඩා ලංකා දිවයින ඉවත් කොට, ධාවනය කරපු සිමියුලේෂන් එකේදී නම් , ඒ අවට වූ සාගරයේ සාමකාමී බව අතුරුදහන් වුනා. ඇන්ටාක්ටිකාව දෙසින් පැමිණෙන එම මහා රළ මහා දැවැන්ත බලයකින් යුතුව ඉන්දියාවේ ගිනිකොනදිග වෙරළට මහා වැරෙන් පහර දුන්නා. ඉතින් අද ඉතා සමාකමීව දිස්වෙන ඉන්දියාවේ වෙරළතීරයන්, ලංකාව ඉවත් කරපු ලෝකයේදී ඉතා රළු ප්‍රචණ්ඩ එකක් වුනා. එම සිමියුලේට් කරපු අනුරුව විසින් පෙන්වා සිටි පරිදි තමිල්නාඩු සහ ආන්ද්‍රා ප්‍රදේශ් වල රළ වල උස මීටර් 0.75කින් වැඩිවී හිබුනා. ඒවගේම සාගරික රළ වල බලය 5ස් ගුණයකින් වැඩිවෙලා තිබුනා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.

    🟢 ලංකාවේ ඇති වටිනාකම.

    ලංකාව විසින් Shadow Zone එකක් නිර්මාණය කරනවා. කෙටියෙන්ම කිව්වොත් සන්සුන් කලාපයක්. ලංකා දිවයින ඊට පිටුපස ප්‍රදේශයේ වූ සාගරික රළ වල ප්‍රබලත්වය සැලකිය යුතු ලෙස පහත හෙලන බව මේ වන විට ඉතා පැහැදිලියි. එම සන්සුන් කලාපය ඉන්දියාවේ ගිනිකොනදිග වෙරළ දක්වා දිවෙනවා. ඉන් අදහස් කරන්නේ ඉන්දියාව වෙත දකුණු දෙසින් පැමිණෙන රළ වල ප්‍රබලත්වය සැලකිය යුතු ලෙස අඩුකරන බවයි. මෙම අධ්‍යයනයට සම්බන්ධ IITM විද්‍යායතනයේ පර්යේශිකාවක් විසින් පවසා සිටියේ ලංකාව විශාල රළ වල ශක්තිය විසුරුවාහරින සහ අවශෝෂණය කරගන්නා ස්වභාවික දියකඩනයක් ලෙස ක්‍රියාකරන බවයි. සරලවම කිව්වොත් අපේ ලංකාව සාගරය නැමීමට කටයුතු කරනවා.

    සාගරික රළ වලක්වන්න කිසිම බාදාවක් නොමැති පසුබිමක, ඉන්දියාවට ප්‍රචණ්ඩ රළ කඩාවදින එක නවත්වන්න බැහැ. ඉන්දියාවේ වෙරල තීරයන් වල ඛාදනය වේගවත් වෙනවා. චෙන්නායි සහ විසාකාපට්නම් වල වරායවල් නිරන්තරයෙන විශාල රළ ගෙඩි වල පහර කෑමට ලක්වෙනවා. උදම් රළ වල බලපෑම වැඩිවෙන කාලයේදී ඉන්දියානු වෙරල තීරයට සුවිශාල වූ බලපෑමක් අතිවින්දින්න ලැබෙනවා.

    ඉතින් සහශ්‍ර වර්ෂ ගණනාවක් තිස්සේ ඉන්දියාවේ අසල්වැසියා වන ලංකාව නිහඬවම, නින්දා අපහාස මද්‍යයේ වුවද එය ආරක්ෂා කරමින් සිටිනවා.

    ලංකාවේ කොරල් පර තීරයන්, කඳු වැටි, උස් සම භූමි වැනි භූ ලක්ෂණයන් ඇන්ටාක්ටිකාව දෙසින් පැමිණෙන සුවිසල් වූ මහා බලවත් රළ ගෙඩි වල බලය සමනය කරමින්, ඉන්දියාවේ වෙරළතීරය සන්සුන් එකක් බවට පත්කරන බව මුළු ඉන්දියාවම මේ වන විට අවබෝධ කරගෙන තිබෙනවා. මොකද මෙම සොයාගැනීම සිදුකරේ ඉන්දියාවේම විද්‍යාඥයින් සහ පර්යේෂකයන් විසින්. එය හිතලුවක් නොවෙයි. සක්සුදක් සේ පැහැදිලි වූ විද්‍යාත්මක සත්‍යයක්.

    ඉතින් මේ ලිපිය කියනවා විට ඔබට ලංකාව ගැන අවංකවම සිතුනේ කුමක්ද ? ඔබේ අදහස අපිත් සමග බෙදාගන්න.

    🔴 මේ ගැන ඉතා විස්තරාත්මක , වැඩිදුර විස්තර සහිත වීඩියෝවක් අද දිනයේදී බලාපොරොත්තු වෙන්න.

    ගොඩක් අය අහන්නේ ලංකාවට පහලින් මුකුත් නැති නිසා ලංකාව විනාශ වෙන්න ඕනේ කියලනේ. ඒකට උත්තරේ ලිපියේම තියෙනවා. ලංකාව දකුණින් පැමිණෙන රළ වල බලය විසුරවා හරිමින් , එය අවශෝෂණය කරගන්නා ස්වභාවික දියකඩනයක් ලෙස ක්‍රියාකරනවා කියලා ඉන්දියාවේ නිවර්තන කාලගුණ විද්‍යා ජාතික විද්‍යායතනය පවසනවා.

    මෙය විශ්වාසවන්ත මුලාශ්‍රයකින් උපුටාගෙන පලකරණය ලද සත්‍ය පුවතක් බව මෙයින් වාර්තා කරමි. මේ පහත දිස්වන්නේ එම මුලාශ්‍රයයි.
    Source: Sandhya K. G. et al., On the role of Sri Lankan land mass in safeguarding the southeastern coast of India from Southern Ocean swell attacks, Journal of Earth System Science, 2025 (IITM / INCOIS / Mangalore University).

    ©️2025 Nodutu Lokaya

    #ඉන්දියානුසාගරය #ලංකාව #දිවයින #මුහුදුරළ #තමිල්නාඩුව #IndianInstitutes #indianocean #indianscientists #srilankaisland #oceanwaves #viralpost2025シ #SriLankaNews #trendingpost


     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,138
    12,440
    113
    🌎
    මූව කෝච්චියේ බේරේ ළඟින් එක්කන් පලයං. ගූ ගඳේ ඉන්න බෑ. 🤮 කැරි ජෙප්පො ටික රට කෑවා.
    2024.9.20 එතන සුවදයි
    2024.9.21 - එතන ගදයි
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,046
    1
    61,182
    113
    Mother Earth
    2024.9.20 එතන සුවදයි
    2024.9.21 - එතන ගදයි
    සුවඳට තමයි තිබ්බේ. මුන් ඒවා අස් කරලා තියන් ඉන්නේ නැහැනේ. ගෝටා ඇතුළු අනෙක් රජයන් ඔය සේරම ලස්සනට maintain කරා. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: clumsyhulk