ලංකාව තුල අවි ආයුධ නිෂ්පාදනය 😎

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ලංකාවේ ඇතුලත ඇයි කවුරුත් අවි ආයුද නිෂ්පාදන කර්මාන්තශාලා ඇති කරන්න උත්සහයක් ගැන නැත්තේ ? අඩුම පාර්ලිමේන්තුව ඇතුලෙවත් එහෙම අදහසක් නැ.ඒ වගේ කර්මාන්තශාලා ඇති කරොත් ගොඩක් රැකියා අවස්ථා ඇති කරන්නත් පුළුවන් ඒවගේම ලංකාවේ විශ්වවිද්‍යාලත් මේ Industry වලට සම්බන්ද කරගන්න පුළුවන්. අලුතෙන් Research කරන්න පුළුවන් අලුත් technology හොයා ගන්න පුළුවන්. අනික ලංකාවේ පිහිටීම නිසා අමුද්‍රව්‍ය පවා ලේසියෙන් නැව් මගින් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමා මේ weapons වලට ඕනේ කරන Chips, micro controllers ,circuits හදන්නත් වෙනම factory හදන්න පුළුවන් රැකියා අවස්ථා ගොඩාක් ඇති කරන්න පුළුවන් industry එකක්. අපේ රටේ ණය කෙටි කාලෙකින් ඉවර කරගන්නත් පුළුවන්. ඔයාලගේ අදහස් මොනවද මේ ගැන ? ලංකාවේ මේ වගේ Industry ඇති නොවෙන්නේ ආගමෙන්, සංස්කෘතියෙන් ඇති වෙන බලපෑම නිසාද නැත්තම් උවමනාවක් නැති කමද ?
    කොපු හදන්න ලෝහ
    වෙඩි බෙහෙත් ඔක්කම රටින් ගේන්න වෙනවා
    ලංකාවේ ලේබර් කොස්ට් වැඩී

    හරි යන් නෑ
     
    thanujaka

    Well-known member
  • පලවෙනිම අවුල අපිට සල්ලි නෑ.
    අපි හුගක් දේවල් කරන්නේ ණයට.
    වෙපන් මැනුෆැක්චර් කරනවා කියන්නේ ඒවා මිලිටරි ග්‍රේඩ් එකෙන් සහ මිලිටරි වොලියුම් එකෙන් කරන්න ඕනේ.
    ඒ කියන්නේ අතිවිශාල මහපරිමාණ කර්මාන්තයක් වෙන්න ඕනේ.
    ඒ වගේ එකක් පටන් ගන්න ඩොලර් බිලියන ගානක ඉන්වෙස්ට්මන්ට් එකක් ඕනේ.
    ඒවගේ එකක් වෙනුවෙන් කිසි රටක් ණය දෙන්නේ නෑ.

    දෙවනි එක අන්තර්ජාතික වශයෙන් එන ප්‍රෙශර් එක.
    අපි පොඩි රටක්, ඕවගේ බිස්නස් එකකට අත ගහපුවම ලොකු ලොකු රටවල් වලින් අපිට මාර ප්‍රෙශර් එකක් දෙන්න ගන්නවා.
    ලෝක බලවතුන් එක්ක හැප්පි හැප්පි හරි හරියට බිස්න්ස් එක කරන්න බලන් ඕනේ පටන් ගන්න

    ගණන් නං මම හරියට කියන්න දන්නේ නෑ.
    නමුත් මට හිතෙන විදිහට නං ඩොලර් බිලියන 50ක් අවත් අවමය ඕන වෙයි වැඩේ පටන් ගන්නම.
    ප්‍රෙස් කරන්න පහසුකම් ඕනේ, ඕවට මෝල්ඩ් හදන්න ඕනේ,
    බ්‍රාස්, කොපර්,ලීඩ්,ටන්ස්ග්ටන් වගේ තව කොතෙකුත් ලෝහ ඕනේ, ගන් පවුඩර් හදන්න ඕනේ, සේෆ්ට් ෆැසිලිටි බරට හදන්න ඕනේ, තුවක්කු වල පාර්ට්ස් හදන්නත් ඕනේ.
    ඕවා ඔක්කොම ගත්තම ණයක් නැතුව තනියෙන් අපිට අත ගහන්න පුළුවන් ඉන්ඩස්ට්‍රි එකක් නෙමෙයි ඕක, ඕවට ණය නං මේ කපේක හම්බෙන්නේ නෑ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    පලවෙනිම අවුල අපිට සල්ලි නෑ.

    දැන් අයියලාට පර්සනල් යූස් එකට ඉශූ කරන පිස්ටල් එක මොකද්ද? තාම browning එකද දෙන්නෙ? නැත්තං Glock 17 එකක්වත් දෙනවද දැන් 😍
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Weapons හදන්න ඉස්සෙල්ලා නරකද ඉස්සෙල්ලාම අඩු ගානෙ ඉදි කට්ටක්, drawing pin එකක් වගේ දෙයක් හදල බැලුවනම්.
    Weapons හැදුවා වගේ නෙවේනෙ, ඒවා විකුනන්න මාර්කට් එකක් හදන්නත් ඕනි. ඒ කියන්නෙ රටවල් අතර හෝ ඇතුලත යුද්ධ ඇති කරවන්න ඕනි. ඒවා නිවෙන්නෙ නැතුව තියාගන්නත් ඕනි. ඒ කියන්නෙ ඒ රටවල්වල ඉන්න යුද්ද වවාගෙන කන එවුන්ට $ මිලියන් වලින් කොමිස්, පගා ගෙවන්න ඕනි.
     
    thanujaka

    Well-known member
  • දැන් අයියලාට පර්සනල් යූස් එකට ඉශූ කරන පිස්ටල් එක මොකද්ද? තාම browning එකද දෙන්නෙ? නැත්තං Glock 17 එකක්වත් දෙනවද දැන් 😍
    මං ලග නං තියෙන්නෙ smith & wesson m&p එකක්
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,855
    1
    15,178
    113
    ජාත්‍යන්තර ප්‍රජාවෙ රටවලට විතරයි ඕව කරන්න දෙන්නෙ. 🤣
     
    • Like
    Reactions: maleesha udan

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Weapons හදන්න ඉස්සෙල්ලා නරකද ඉස්සෙල්ලාම අඩු ගානෙ ඉදි කට්ටක්, drawing pin එකක් වගේ දෙයක් හදල බැලුවනම්.
    Weapons හැදුවා වගේ නෙවේනෙ, ඒවා විකුනන්න මාර්කට් එකක් හදන්නත් ඕනි. ඒ කියන්නෙ රටවල් අතර හෝ ඇතුලත යුද්ධ ඇති කරවන්න ඕනි. ඒවා නිවෙන්නෙ නැතුව තියාගන්නත් ඕනි. ඒ කියන්නෙ ඒ රටවල්වල ඉන්න යුද්ද වවාගෙන කන එවුන්ට $ මිලියන් වලින් කොමිස්, පගා ගෙවන්න ඕනි.
    අනේද කියන්නේ
     
    • Like
    Reactions: S_M_S

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ලකාවෙ ඩ්‍රෝන් හදනව එයාපෝස් එකෙන්, ඒක දියුනු වෙමින් ඔතනට යයි,
    ලංකාවෙ ඩ්‍රෝන් හදනවද බන්...මොනවද හදන්නෙ මිලිටරි ඇක්ටිවිටීස් වලට ගන්න ඒවද නැත්තං අපි ඇමසෝන්, අලි එකේ දකින සාමාන්‍ය ඒවද...
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    නොකළ යුතු වෙළඳාම් පහෙන් එකක් නිසා. සේරම ලාභ ලැබිය හැකි ව්‍යාපාර වලට සදාචාරය, ආගම, සංස්කෘතිය වගේ දේවල් හරස් වෙලා.
    එහෙම එකක් නෑ බං. එහෙනම් මස් මාංස සත්ව වසවිස වෙළඳාම් ජයට කෙරෙන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ආයුධ නම් USA තමයි USA කැමති නැහැ තව රටක් ආයුද නිපදවනවා ට හිමීට බාල්දි ආදීනව .

    දැන් ආයුද කියන්නේ T56 නම් නෙවෙයි ලෝකේ වෙනස් වෙනවා වෙනස් වෙන ලෝකෙට අලුත් අවිආයුධ හදන සුපිරිම Tech එකක් ඕනේ
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    307852846_442071544688546_2185776158861301756_n.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,373
    113
    එහෙම එකක් නෑ මචං.
    නීතියෙන් එහෙම අවුලක් නෑ

    ------ Post added on Dec 10, 2022 at 1:32 AM

    නීතියෙන් අවුලක් නෑ geneva conventions කියලා දේවල් තියෙනවා , සමහර සම්මූතීන් තියෙනවා අපි දන්නෙත් නැතිව අපිව ඇතුළත් වුනු
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    එහෙම එකක් නෑ බං. එහෙනම් මස් මාංස සත්ව වසවිස වෙළඳාම් ජයට කෙරෙන්නෙ.
    lankawe hariyata meat +fish +dairy industry ekak na. thama prathamikayi.
    Malu allana mas wikunana unta thama adu salakili
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අපි ආයුධ හදන්නේ මොකටද?
    පිටරටට විකුණන්නනේ!
    ගොඩක් රටවල් වුනත් ගන්නේ ඇඩ්වාන්ස්ඩ් ටෙක් තියෙන රටවල ආයුධ.
    අපි වුනත් එහෙමයි.
    අපේ වගේ පුංචි හමුදාවකට ලොකු ආයුධ තොගයක් ඕනේ වෙන්නේ නැහැ.
    කොච්චර හැදුවත් හමුදාවක පිරිස් බලය මත තමා ආයුධ ඕනේ වෙන්නේ.
    ලංකාවේ භූමිය පොඩියි.
    කෘෂිකර්-මය, කර්-මාන්ත, සහ සේවා පදනම් කරගෙන ආර්-ථිකය හසුරවද්දී
    ඔය තුනෙනුත් ප්‍රමුඛත්වය දෙන්න ඕනේ ක්ෂේත්‍ර හරියටම හඳුනාගෙන තමා
    ඒවාට භූමිය දෙන්න ඕනේ.
    සිංගප්පූරුව වුනත් කර්-මාන්තවලට වඩා සේවාවලට භූමිය වෙන් කරලා තියෙන්නේ ඔය පදනම මත.