ලංකාව දුප්පත් වෙන්න හේතුව බිල් ගේට්ස් කියයි

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,908
    8,283
    113



    මෑතකදී මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ නිර්මාතෘ [කලක් මුළු ලෝකයේම ධනවත්ම මිනිසාව සිටි] බිල් ගේට්ස් ඔහුගේ දියණිය පිළිබඳව කළ ප්‍රකාශයක් අන්තර්ජාලයෙන් බොහෝ ජනප්‍රිය විය. එහි සඳහන් වුණු . “මගේ දියණිය කවදාවත් දුප්පත් මනුස්සයෙක් සමග විවාහ වෙන්නේ නෑ" නමැති ශීර්ෂ පාඨයයි. එයට අදාළ පුවත කියවීමේදී දුප්පත්කම සහ ධනවත් බව පිළිබඳව බිල් ගේට්ස් පළ කළ ගැඹුරු අදහසක් එහි විය. වර්තමානයේ බොහෝ දෙනා පවසන “ශ්‍රී ලංකාව දුප්පත් රටක්, සංවර්ධනය වෙමින් පවතින හෝ සංවර්ධනය නොවන රටක්, අපිට කවදාවත් ධනවත් රටක් වෙන්න බෑ” යන්නට බිල් ගේට්ස් දක්වා තිබූ අදහස්වලින් ගත හැකි දේ බොහෝ තිබිණි.

    බිල් ගෙට්ස් පවසා තිබුණේ “ධනවත් බව කියන්නේ බැංකුවේ විශාල මුදලක් තිබීම නොවෙයි. ධනවත් බව කියන්නේ නැවත නැවත ධනය ඉපැයීමට තිබෙන හැකියාවටයි.” එය උදාහරණයකින් ඉතා නිරවුල්ව ඔහු පැහැදිලි කර තිබිණි.

    “හිතන්න ඩොලර් මිලියන 100ක ලොතරැයියක් දිනන මනුස්සයෙක් ගැන. ඔහු ධනවත් පුද්ගලයෙක් නෙවෙයි. ඔහු සල්ලි ගොඩාක් තියන දුප්පත් මිනිසෙක්. එම නිසා ලෝකයේ ලොතරැයි දිනන මිනිසුන්ගෙන් 90%ක් ඔවුන්ගේ ලොතරැයි ජයග්‍රහණයෙන් වසර 5කට පසු නැවතත් ඔවුන් කලින් සිටි තත්ත්වටයම පත්වනවා. මොකද ඔවුන්ට ධනය නැවත නැවත නිර්මාණය කිරීමට හෝ නැවත ධනය උත්පාදනය කිරීමට හැකියාවක් නැත” මේ බිල් ගේට්ස් පවසා තිබූ තවත් අදහසකි. ශ්‍රී ලංකාවේ පුවත්පත්වලත් නිතරම පළවන “ලොතරැයි ජයග්‍රහණය කළ කෝටිපතියා නැවතත් මහ පාරට" වැනි පුවත් සිරස්තලද “කොටුව දුම්රිය පොළේ යාචකයාට දෙමහල් නිවසක් සහ වාහන 3ක් ඇති බව හෙළි වෙයි" වැනි පුවත් අප දකින්නේ එම පුද්ගලයන් සැබවින්ම ධනය උත්පාදනය කිරීමට නොදන්නා බැවිනි. ඔවුන් දන්නේ තිබෙන මුදල් වියදම් කිරීම මිස ධනය උත්පාදන කිරීමට නොවේ. එම නිසා ඔවුන් සැබවින්ම දුප්පත්ය.

    බිල් ගේට්ස් පවසා තිබුණේ ලොතරැයි ජයක් ලැබූ පුද්ගලයෙකු මෙන් එකවර ඩොලර් මිලියන 100ක් තරම් මුදලක් නැතිවුවද ධනය නිර්මාණය කළ හැකි සාමාන්‍ය පුද්ගලයෙක් එතරම් මුදලක් අතේ නැති වුණත් ඊට වඩා ධනවත් බවයි. මුදල් නැති වුණත් ධනය ඉපැයීමට විභවයක් ඇති මාර්ගයේ සෙමින් ගමන් ගන්නා ව්‍යවසායකයන් කොතරම් ධනවත් දැයි ඔහු ප්‍රශ්න කර තිබුණි.. ඒ සඳහා ඔහු ගෙන ආ උදාහරණය අපූරුය.

    දිනක් බැංකුවක ඉතා අඩු වැටුපකට සේවය කළ ආරක්ෂක නිලධාරියෙකුට බැංකුවට පැමිණි පාරිභෝගිකයකු අතපසුවීමෙන් දමා ගොස් තිබූ විශාල මුදල් බෑගයක් හමු විය. ඔහු එම මුදල් බෑගය බැංකුවේ කළමනාකරු වෙත නැවත භාරදී එය අදාළ ගනුදෙනුකරුවාට නැවත ලබාදීමට කටයුතු කළේය. එවිට සහෝදර සේවකයන් සහ පවුලේ සාමාජිකයෝ ඔහුට පවසා තිබුණේ “ඔබ කළේ කොතරම් මෝඩ වැඩක්ද, ඒ සල්ලිවලින් ඔබ කරන රැකියාවෙන් ලැබෙන මුදල වගේ විශාල ගුණයක් නිකංම උපයා ගන්න තිබුණා නොවේද කියායි". නමුත් මේ සේවකයාගේ අවංකබව නිසා ඊළඟ වසරේදී ඔහුට එම බැංකුවේම පිළිගැනීමේ නිලධාරී තනතුරක් පිරිනැමිණි. දින වසර ගෙවී යාමත් සමග ඔහුට බැංකුවේ ගනූදෙනුකරුවන් කිහිපදෙනෙක්ම කළමනාකරණය කිරීමට අවස්ථාව ලබා දී තිබුණේ ඔහුගේ කාර්යශූරබව නිසාය. වසර 10ක් පමණ යන විට ඔහුට බැංකු කළමනාකාර තනතුර දක්වා සහ ප්‍රාදේශීය කළමනාකාර තනතුර දක්වා උසස්වීම් ලබාදුණි. ඔහුට ලැබුණු වැටුප එදා ඔහු බැංකුවේ මුදල් පාර්සලයක් දමා ගිය පාරිභෝගිකයාගේ මුදල් බෑගයේ වටිනාකමට වඩා වැඩි අගයක් විය. මේ උදාහරණය දෙමින් බිල් ගේට්ස් ප්‍රකාශ කර තිබුණේ “ මිත්‍රවරුණි, ධනවත්බව කියන්නේ හික්මුණු, මෝරපු ධනය උපයන්න පුළුවන් මනසට මිසක් සල්ලිවලට නෙවේ. මගේ දුව දුප්පත් මනුස්සයෙක් සමග විවාහ වෙන්නේ නෑ කියා මා අදහස් කළේ අන්න ඒ ගැනයි කියමින් ඔහු පවසා තිබිණි. කිසි දිනක සොරකමින් සහ වංචාවෙන් මිනිසෙකුට සහ රටකට ධනවත් විය නොහැක්කේ සොරකම් කරන කෙනෙක් ධනය උත්පාදනය කරන්න නොදන්න නිසාය.

    ශ්‍රී ලංකාවටත් බිල් ගේට්ස්ගේ මේ පණිවිඩයෙන් ඉගෙන ගත හැකි විශාල පාඩම් ගණනාවකි. ශ්‍රී ලංකාවට කොතරම් ස්වාභාවික වරායවන්, තෙල් නිධි, පොස්ෆේට් නිධි, ඛණිජ සම්පත්, සාගර සම්පත් වගේ අනේක විධ දේ තිබුණද, ඒවායින් ධනය උත්පාදනය කිරීමට හැකි වනතාක් කල් ශ්‍රී ලංකාව ධනවත් නොවේ. මෙය ශ්‍රී ලංකාවට පමණක් පොදු තත්වයක් නොවේ. වෙනිසියුලාව ලෝකයේ පස් වැනි බොරතෙල් සැපයුම්කරු වුවත් ඔවුන්ගේ රටත්, ඔවුන්ගේ ජනතාවත් සෑම අතින්ම දුප්පත්ය. ඇෆ්ගනිස්තානයත් එලෙසමය. විශාල භූමි ප්‍රමාණයක් සහ ඛනිජ ප්‍රමාණයක් තිබුණද ඔවුන් ඉතා දුප්පත් රටකි. නේපාලයත් විදුලිය අතින් එලෙසමය. ලෝකයේ විශාලතම කඳු පන්ති සහ දිය ඇලි තිබුණද, අඩු මිලට ජල විදුලිය නිපදවීමට විශාල හැකියාවක් තිබුණද නේපාලයේ නිතරම විදුලි බලය ඇන හිටී. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය විදුලිය නිපදවා ගැනීමට හැකියාවක් නැත.

    එම නිසා මුදල් තිබූ පමණින් ධනවත් නොවනවා සේම රටකට සම්පත් තිබූ පමණින් රටක් කිසි දිනක සංවර්ධනය නොවේ. අනෙක් අතින් සිංගප්පූරුව වැනි රටවල් කිසිම සම්පතක් නොමැති වුණත් ඔවුන් ලෝකයේ ධනවත්ම රටවල් අතරට පැමිණ තිබෙන්නේ ඔවුන්ට ධනය උත්පාදනය කිරීමට ඇති හැකියාව නිසාය. සරලවම පවසනවා නම් නූතන ලෝකයේ ධනවත් වීමට අවශ්‍ය වන්නේ සම්පත් නොවේ. ධනය උත්පාදනය කිරීමට සහ ප්‍රතිඋත්පාදනය කිරීමට ඇති හැකියාවය.

    ශ්‍රී ලංකාවේ බුබුළු නැගෙමින් එන ආර්ථික අර්බුදය පසුපස සැබවින්ම තිබෙන්නේත් අපට ධනය උත්පාදනය කිරීමට නොහැකිවීමත්, ධනය උත්පාදනය කිරීමට අවශ්‍ය හික්මුණු මනසක් අපට නොමැතිවීමය.

    ශ්‍රී ලංකාවේ රජය සතු ඩොලර් බිලියන ගණනින් සිදුවන ව්‍යාපාර මෙහෙයවන්නේ අඩුම තරමේ සිල්ලර කඩයක ඇති ව්‍යාපාර අත්දැකීමක්වත් ලබා නොමැති රාජ්‍ය නිලධාරීහු වෙති. රාජ්‍ය නිලධාරී ඇත්දැකීම් සහ ව්‍යාපාර අත්දැකීම් කියන්නේ සම්පූර්ණයෙන්ම කරුණු දෙකකි. ශ්‍රී ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතන මෙහෙයවන්නේ නිලධාරීන් සහ දේශපාලන පත්කිරීම් දරන නිලධාරීහුය. ඔවුන්ට ධනය උත්පාදනය කළ හැකි හික්මුණු මනසක් පිහිටා නැත. ඒමෙන්ම ධනය ඉපැයිය හැකි මනසක් නිර්මාණය වන්නේ තමන්ට ඇති ධනය අවදානමට ලක්කර තීරණ ගන්නා ව්‍යාපාරිකයකුට පමණි. ප්‍රශ්නය තමාගේ නොවන තාක් කල් පිළිතුර දාර්ශනිකයි පවසන්නා සේ ධනය තමාගේ නොවත තාක් කල් ඒවා පරිපාලනය කරන කිසිම නිලධාරියෙකුට එම ආයතනවලින් ධනය උපදවන හැඟීමක් ජනනය නොවීමත් ස්වාභාවිකය. ශ්‍රී ලංකාවේ විශාල ලෙසෙම පාඩු ලබන ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වැනි සමාගම් උදාහරණ කිහිපයක් පමණි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තුළ කලක් වරලත් ගණකාධිකාරීවරුන් ගණනාවක් සිටියද ඔවුන්ගේ වාර්ෂික ගිණුම් වාර්තාවත් නිකුත් කර නොතිබිණි. රජයේ ලාභ ලබන ආයතන ලාභ ලබන්නේත් ඒවායේ ඇති දක්ෂබව නිසා නොවේ. ඒවා ඒකාධිකාරී හෝ එසේත් නොමැතිනම් තරගකාරීත්වයෙන් එම වෙළඳපොළ ආයතන මුදවා තිබෙන නිසා පමණය. එසේත් නොමැතිනම් රජයෙන් විශාල සැලකිලි ඔවුන්ට ලැබෙන නිසාය.

    නිදසුනක් ලෙස ලොතරැයි මණ්ඩලය ලාභ ලබන්නේ ජනතාවට රජයෙන් නිකුත් කරන ලොතරැයි හැර වෙනත් ලොතරැයි නිකුත්කරන්නෙක් නොමැති නිසාය. රාජ්‍ය බැංකු ලාභ ලබන්නේ බොහෝ රජයේ සේවකයන්ගේ, රජයේ විශාල ගිණුම් සහ බැංකු කටයුතු රාජ්‍ය බැංකු හරහා සිදුවන බැවිනි. සේවාව අතින් අප රාජ්‍ය බැංකුවක් හා පුද්ගලික බැංකුවක් ගතහොත් වෙනස අපට දැක ගත හැක. රජයට අයිති කිරි නිෂ්පාදන සමාගම් ලාභ ලබන්නේ වෙනත් කිරි වර්ග සඳහා විශාල ආනයනික බද්දක් අය කර ඔවුන්ව තරගකාරීත්වයෙන් මුදවා තබා තිබෙන නිසාය. එනිසා රජයේ බොහෝ ආයතන පාඩු ලබනවා මෙන්ම ලාභ ලබන ආයතන ලාභ ලබන්නේත් ඔවුන්ගේ විශේෂ දක්ෂතාවයක් නිසා නොවේ, ඒ තරගකාරීත්වය මග හැරීමෙන් පමණි.

    සමහර ක්ෂේත්‍ර සඳහා රජයේ යම් මැදිහත් වීමක් තිබිය යුතු බවත් අප අවබෝධ කරගත යුතුය. නීතියේ ස්වාධිපත්‍ය සහ දිළිඳු ජනතාවට යම් සහනයක් ලබාදීම රජය භාර ගත යුතුය. නමුත් රජයට එම කර්තව්‍යයන් පසුපසට දමන්නට සිදුවී තිබෙන්නේ රජය නියැළී සිටින අනෙකුත් ව්‍යාපාර ධනය උත්පාදනය වෙනුවට තිබෙන ධනයත් ගිල ගැනීමය. ශ්‍රීලන්කන් ගුවන් සමාගම වසරකදී ලබන පාඩුව රජය එම වසරට සමෘධිලාභීන් වෙනුවෙන් වෙන්කරන මුළු මුදලට වඩා වැඩිය. එම නිසා දැන් උද්ගතවී ඇති තත්වය නම් රජයට දුප්පත් ජනතාව බලා ගැනීමටවත් නොහැකි තත්වයක් උදාවීමය.

    එමෙන් රජයේ (පැවති සහ පවතින) තීරණ ගන්නා පිරිසට ධනය උත්පාදනය කළ හැකි, හික්මුණු මෝරපු මනසක් ඇති බවක් පෙනෙන්නට නැත. ඔවුන් බොහෝ විට ඔවුන්ට ගමට යාමට වාහන බලපත්‍රයක්, නිල නිවාස සහ ඔවුන්ට ධනය උත්පාදන මනසක් නොමැති නිසා තැබෑරුම් බලපත්‍රයක් හෝ දේශපාලන සම්බන්ධතා මත ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීම වැනි ඉතාම ලඝු කරුණක් හැරුණු විට සාධනීය ආර්ථික ප්‍රතිසංස්කරණ කරන බවක් පෙනෙන්නට නොවේ. සරලවම ඔවුන් දකින්නේ මුදල් බෑගයම හොරකම් කළහොත් දියුණු විය හැකිය යන කෙටි දුර පමණයි.

    ධනවත් මනසක් නොමැති නිසා මුදල් ඇති අයට, වෙනත් ආගම්, ජාති, කුල හා වෙනත් රටවල ජාතීන්ට වෛරය පතුරවන සංස්කෘතියක් මිස අන්අයගේ දියණුව දැක සතුටු විය හැකි මනසක් අපිට නැත. එම නිසා බොහෝ විට සිදුවන්නේ අපට ඇති ධනය අපෙන් නැති වීමත්, අප දිගින් දිගටම අපට නොදැනුවත්වම අප සැවොම එකට දුප්පත් වීමත් පමණි. වෙනසකට ඇත්තේ බොහෝ දෙනා දුප්පත් බවේත් ධනවත් බවේත් වෙනස නොදැන එකම දිනය වසර 80ක් 90ක් ජීවත් වෙමින් එයට “සාර්ථක ජීවිතයක්” කියා ප්‍රීති වීමයි.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    2020 කොරෝන ඵනව කියල 2005 වැක්සීන් ඵකත් හදල අවුරුද්දකට කෑමත් ස්ටොක් කරගත්ත බුවා නේද මේ.දැන් ගහන කොවිඩ් වැක්සීන් වලිනුත් ගාණක් යනවනේ මෙයාට..දන්නෝ දනිත්..🤭🤭🤭

    Bill and Melinda Gates stored food in their basement because they knew a pandemic was eventually coming

    https://www.cnbc.com/2020/04/16/bil...asement-for-years-to-prep-for-a-pandemic.html
     
    • Like
    • Haha
    Reactions: K.V.D and maxraj

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    කිසි දිනක සොරකමින් සහ වංචාවෙන් මිනිසෙකුට සහ රටකට ධනවත් විය නොහැක්කේ සොරකම් කරන කෙනෙක් ධනය උත්පාදනය කරන්න නොදන්න නිසාය.

    කවුද බං මේ හෑලි ලියන එවුන්? 🤭

    image.png
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    දැන් ඕකේ මොකක්ද bill gates කිව්වේ:nerd:
    හෑලි ලියන එවුන් නම් සාපයක්:growl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,619
    100,857
    113
    මේ හෑල්ල ලියල තියෙන්නෙ ස්ටීව් ජොබ්ස්ගෙන් ඉන්ටෆේස් එක හොරකම් කරපු බුවාද නැත්තන් වෙන එකෙක්ද?

    දිනක් බැංකුවක ඉතා අඩු වැටුපකට සේවය කළ ආරක්ෂක නිලධාරියෙකුට බැංකුවට පැමිණි පාරිභෝගිකයකු අතපසුවීමෙන් දමා ගොස් තිබූ විශාල මුදල් බෑගයක් හමු විය. ඔහු එම මුදල් බෑගය බැංකුවේ කළමනාකරු වෙත නැවත භාරදී එය අදාළ ගනුදෙනුකරුවාට නැවත ලබාදීමට කටයුතු කළේය. එවිට සහෝදර සේවකයන් සහ පවුලේ සාමාජිකයෝ ඔහුට පවසා තිබුණේ “ඔබ කළේ කොතරම් මෝඩ වැඩක්ද, ඒ සල්ලිවලින් ඔබ කරන රැකියාවෙන් ලැබෙන මුදල වගේ විශාල ගුණයක් නිකංම උපයා ගන්න තිබුණා නොවේද කියායි". නමුත් මේ සේවකයාගේ අවංකබව නිසා ඊළඟ වසරේදී ඔහුට එම බැංකුවේම පිළිගැනීමේ නිලධාරී තනතුරක් පිරිනැමිණි. දින වසර ගෙවී යාමත් සමග ඔහුට බැංකුවේ ගනූදෙනුකරුවන් කිහිපදෙනෙක්ම කළමනාකරණය කිරීමට අවස්ථාව ලබා දී තිබුණේ ඔහුගේ කාර්යශූරබව නිසාය. වසර 10ක් පමණ යන විට ඔහුට බැංකු කළමනාකාර තනතුර දක්වා සහ ප්‍රාදේශීය කළමනාකාර තනතුර දක්වා උසස්වීම් ලබාදුණි. ඔහුට ලැබුණු වැටුප එදා ඔහු බැංකුවේ මුදල් පාර්සලයක් දමා ගිය පාරිභෝගිකයාගේ මුදල් බෑගයේ වටිනාකමට වඩා වැඩි අගයක් විය. මේ උදාහරණය දෙමින් බිල් ගේට්ස් ප්‍රකාශ කර තිබුණේ “
    ------ Post added on Feb 6, 2022 at 8:49 PM