පුරාවිද්‍යා අධ්‍යක්ෂක විජයගෙන් එහාට ඉතිහාසයක් මේ රටේ නෑ කියනකොට තව මොනවා කියන්නද ?
ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් කිව්වලුනේ.
මේ රටේ ඉතිහාසය පිලිබඳ ප්‍රධාන වගකීම දරන පුද්ගලයා රටේ නියම ඉතිහාසය මුලින් ඉගෙන ගන්න ඕන. මහා වංශයේම එල්ලිලා මේ රටේ ඉතිහාසය හොයන්න බෑ.
අපි නොදැන හිටියට විග්නේශ්වරන්ලා යාපනයේ හිටපු දමිළ රජ පරම්පරාවක විස්තර හොයාගෙන ඉන්නේ. ඒ රජ පරම්පරාව අපේ රජ පරපුරට වඩා අලුත් වුවත්, අපේ රජ පරපුර ගැන නිසි ගවේෂණයක් කර විස්තර සමාජගත නොකරන එකේ වාසිය ඔවුන් ගන්නවා.
මුස්ලිම් මිනිස්සු කුරගලට අයිතිවාසිකම් කියන්නෙත් ඔය විදිහටම ගලක කොටලා තියෙන අරාබි අකුරු කිහිපයක් හින්දනේ.......
කාගෙ හරි කට වහන්න අපිට පුළුවන්ද..ඔයිට වඩා දේවල් කියල ජාතික ගීය දෙමළෙනුත් කිව්වෙ ඒ කාලේ..අනික මංගල සමරවීර වගේ සිංහල උන් ඔයිට වඩා දේශද්‍රෝහී කථා කියල තියෙන්නෙ..
කට වහන්න පුලුවන්ද බැරිද නෙවෙයි මෙතන ගැටලුව. පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශ හැන්සාඩ් ගතවෙන නිසා අනාගතයේ එයම වාසියක් කරගන්න පුළුවන්. පක්ෂ පැත්තකින් තියල මනුෂ ඊයේ කරපු දේ මම ඉහලින්ම අගය කරනවා. හැන්සාඩ් එකෙන් අයින් කරවන එකයි ඇත්තටම වැදගත්.