ලංකාව න්‍යශ්ටික බෝම්බයක් පුපුරවා හරී

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    11.gif
    11.gif


    bmtzgeoy.j1g.jpg


    great books :P:P
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ලංකාව න්‍යශ්ටික බෝම්බයක් පුපුරවා හරී


    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
    මට විශාල බඩගින්නක් දැනුනි.ගෙදරින් පිට යතත් කුස්සියේ දොර නිකම්ම වසා දමා යෑම අම්මාගේ සාමාන්‍ය පුරුද්දක් වුවද,
    එදා අම්මා නාන්න ගගට යෑමේදී දොර යතුරු ලා තද කර ගියේ මා ගෙදර සිටි හෙයිනි.ලේඛන කලාවට මෙන්ම කුස්සියේ සීනි
    බෝතලයටත්,උම්බලකඩ ටින් එකටත්,ළූනු මුට්ටියටත්,පොල් බෑයටත් කුඩා කල සිටම ඒකාකාර ලැදියාවක් දැක්වීමට මා
    පුරුදුව සිටින බව අම්මාට රහසක් නොවේ.එමෙන්ම සීනි,උම්බලකඩ,ළූනු සහ පොල් වැනි කලාත්මක ආහාර ද්‍රව්‍ය මට සොයා ගත
    නොහැකි තැන් වල සගවා තැබීමේ පුරුද්දක් අම්මාට ඇති බවද මට රහසක් නොවේ.කෙසේ වුවද, සොයන්නාට හම්බ වේ යන මතය
    අනුව ධෛර්යය උපදවා තමාට හොරෙන් තමාට හොරෙන් කුස්සියේ හැලි වලං අතගෑමට මා තුල ඇති සහජ දක්ෂතාවය
    ගැන අම්මා ප්‍රීතිය පල කරන්නේ සාමාන්‍යයෙන් තමාගේ කටත් පොල් කටු හැන්දත් ක්‍රියාත්මක කිරීමෙන් ය.එහෙත් මම කිසි විටෙකත්
    පසුබට නොවෙමි.අදත් පසුබට නොවෙමි.බඩගින්න ඉතාමත් දරුණු ලෙස දැනේ.මම කුස්සියට රිංගමි.

    කෙහෙල්මල් ආහාර ද්‍රව්‍ය හිගයක් නිසා කිස්සියේද කිසිවක් නැත.සීනි වලින් බඩ පුරවා ගත නොහැකි බැවින් සීනි බෝතලය
    නොසොයා මම දොර මුල්ල පරික්ෂා කළෙමි.ඊයේ හවස ඉවර කරන ලද වරකා ගෙඩියේ ඇට ටික දොර මුල්ලෙහි විය.මෙය
    හොදට පිටි තිබෙන වරකා ගෙඩියක ඇට හෙයින්,මම කොස් ඇට කිහිපයක් ලිපට දැම්මෙමි.ලිපේ ගින්දර ටිකක් මදි වූ බැවින්
    ලිපට මුහුණ ලංකර පිම්බ කල විසිරී ගිය අළු නිසා මගේ මුහුණ සිනමා නිළියකගේ මෙන් අලංකාර වූ අතර,දිවට දැනුණේ ඇඹුල්
    රසයකි.මම සරමෙන් මුහුණ පිසදා ගත්තෙමි.යලිත් හොස්ස දික් කර මට පිබ්න්නට ලැබුණේ එක පාරකි."ඩෝං" යන මහා හඩක්
    නංවා කොස් ඇටය පිපුරුවේය!මුළු ලෝකයම අන්ධකාර විය!

    හිරෝෂිමාවට පරමාණු බෝම්බය වැටුණු පසු මෙන් ලිපෙන් දස අතට විසි වී ගිය කොස් ඇට කෑලි සහ පිටි වලින් මගේ නහයත්
    කටත් පිරිනි.කොස් පොතු කෑල්ලක් උගුරේ හිර වී මට කැස්සක් ඇති විය.ඇස් දෙක අළු පිරීම නිසා නොපෙනී ගියේය.
    කොස් ඇටය පිපුරුණු හඩ නිසා කන් දෙක ඇතුලේ "ක්‍රීං" යන හඩක් ඇති විය.ගිනි පුපුරක් හිස කෙස් අතරට විසි වී තිබුණ නිසා
    හිස දන්නට විය.එක ගිනි පුපුරක් කමීස සාක්කුව තුලට වැටී පපුව දන්නට විය.තව ගිනි පුපුරකින් බඩ දන්නට වූ පසු මම සරම
    ගසා දැම්මෙමි.මේ අතර ගිනි පුපුරකින් බෙල්ල දන්නට වූ නිසා මම විගහට බෙල්ල පිස දැම්මෙමි.පසුව බිම අතගා සරම සොයා ගෙන
    ඇද ගත්තෙමි.කොස් ඇටය පිපිරීමේ ශබ්ධය ඇසී අම්මා ගගේ සිට දිය රෙද්ද පිටින්ම දුවගෙන අවුත්, වහාම මා කුස්සියෙන් එළියට ඇද
    ප්‍රථමාධාර වශයෙන් පිට කොන්දට වේගයෙන් පාරවල් දෙකක්ද,හෙමින් පහරක්ද ගැසූ පසු මගේ කටේ හිර වී තිබුණු කොස් ඇට කෑලි
    සහ පොතු බායියෙකු දුටු ණයකාරයෙකු මෙන් පළා ගියේ මගේ උගුරටත් නොකියාය.මේ අතර, වට පිටාවේ උන් සියලුම
    බවලත් උදවිය,"මොකද අනේ? මොකද අනේ?" කියමින් අපේ කුස්සිය වටා රැස් වී අම්මාගෙන් කරුණු විමසන්නට වූහ.මා අතින්
    පිපිරුණේ කොස් ඇටයක්‍ ය යන බව පැවසුව හොත් මගේ තත්වයට මදි කමක් වේ යැයි කල්පනා කල අම්මා ඔවුන්ට පැවසුවේ
    "මොකක්දෝ සූත්තරයක් කරන්නට ගිහිල්ලා පුපුරලා!" යනුවෙනි.

    ටිකින් ටික තත්වය උග්‍ර අතට හැරුණි.ගමේ සියල්ලන්ම ටිකින් ටික හා සමූහ වශයෙන් අපේ ගෙදරට ඇදෙන්නට වූහ.මා අතින්
    රතිඤ්ඤයක් පත්තු වූ බව මෙයින් සමහරකට ආරංචි වී ඇති අතර,මා අතින් බෝම්බයක් පිපිරී ඇති බව සමහරෙකුට සැල වී ඇත.
    කටින් කට ගිය කතා නිසා මේ සිද්ධිය පොලීසියට සැල වූයේ මා බෝමබයක් හදමින් සිට එය පිපිරී ගිය බවයි.පොලීසිය වහාම
    අපේ කුස්සිය ඇතුළට අවුත්,ලිපේ අළු සහ විසිරී ගිය කොස් ඇට කෑලි එකතු කොට රජයේ රස පරීක්ෂකයා වෙත යැව්වෝය.
    පොලීසියේ අදහස වූයේ යම් කඩාකප්පල්කාරී පිරිසකගේ උසිගැන්වීම පිට මහා විප්ලවයකට අවශ්‍ය දරුණු ආයුධයක් තැනීමට
    මා පර්යේෂනයක යෙදී සිටියදී එය පුපුරා ගිය බවයි.ඔවුන් අම්මාගෙන් කට උත්තර ලබා ගෙන, වැඩි දුර පරීක්ෂණයකට
    ලක් කරන තෙක් ලිපට සීල් තබා කුස්සියේ දොර ළග මුර කිරීමට පොලිස් බටයන් දෙදෙනෙකු තබා ගිය පසු මම කට උත්තර නැතුව
    බකං නිලාගෙන බඩ උලාගෙන සිටියෙමි.

    සිද්ධිය මෙයින් කෙලවර වූයේ නැත.සවස් වීගෙන එන විට පුවත් පත් වාර්ථා කරුවන් අපේ ගෙදරට වුත් මේ ගැන අම්මාගෙන් සහ
    මගෙන් ප්‍රශ්න කර, සිද්ධිය වහාම ඒ ඒ පුවත් පත් වලට වාර්ථා කල අතර එතෙක් කෝපයෙන් මා දෙස රවාගෙන සිටි අම්මාට
    හිනා වෙන්නට කියා ඡායාරූප ගැනීමටද අමතක කලේ නැත.ඔවුන් ගිය පසු අම්මා මට දෙහි කපන්නට වූවාය.එහෙත් පසුදා
    පුවත් පත් වල පල වූයේ මගේ විද්‍යාත්මක පර්යේෂණයන් සදහා මට නොමසුරු ආධාරය සාහ අනුබලය දී ඇත්තේ අපේ අම්මා
    බවය.

    පසු දින මා අත් අඩංගුවට ගන්නා ලදී.අපරාධ නඩු සංවිධාන සංග්‍රහයේ 114,115 සා 279 යන ඡේදයන් යටතේ මට විරුද්ධව
    නඩු පැවරීමට පොලීසිය කටයුතු කෙළේය.මේ අතර, දිවයින පුරා හදිසි නීතියද, මහනුවර දිස්ත්‍රික්කය පුරා ඇදිරි නීතියද
    පනවන ලදී.

    විදේශ රට වල මේ පුවතට විශේෂ තැනක් ලැබිනි."ලංකාව පරමාණු බෝම්බයක් පුපුරවයි", "ලංකාව න්‍යශ්ටික ආයුධ තනයි",
    "ලෝක සාමයට ලංකාවෙන් තර්ජනයක්", "ලංකාවෙන් ජලකර බෝම්බයක්" සහ "න්‍යශ්ටික බලය ලංකාවටද?" ආදී ශීර්ෂයන්ගෙන්
    යුතුව විදේශීය පුවත් පත් වල විස්තර පල වන්නට විය.මේ අතර පොලව යට හා අළු යට කෙරෙන න්‍යශ්ටික අත්හදා බැලීම්
    වහාම නවත්වන ලෙස ලෝකයේ සෑම රටකින්ම පාහේ ලංකාවට කේබල් පණිවිඩ ගලා එන්නට විය.තවද, අර්ධ න්‍යශ්ටික
    අවි තහනමට මොස්කව් නුවරදී අත්සන් තැබූ ලංකාව එකී ගිවිසුම කඩ කිරීමෙන් මහා වරදක් කර එති බැවින් එක්සත් ජාතීනගේ
    ආරක්ෂක මණ්ඩලය වහා රැස් කරන මෙන් ලෝකයේ මීට විරුද්ධ සෑම රටකින්ම බල කිරීමක් විය.ජිනීවා නුවර පැවැත්වෙන
    න්‍යශ්ටික අවි පිළිබද කතා බහට මගෙන් ලැබී ඇත්තේ මරු පහරක් බව බොහෝ රටවල් ප්‍රකාශ කර සිටියහ.

    කෙසේ වුවද, අපේ අම්මාගේ ඉල්ලීම අනුව එක්සත් ජාතීන්ගේ විශේෂ නිරීක්ෂක පිරිසක් අපේ ගෙදරට අවුත් මේ සිද්ධිය
    පිළිබද පරීක්ෂණ පවත්වන බව රිමාන්ඩ් බාරයේ සිටි මගේ දැන ගැනීමට ලක් කෙරිණි.කුමකින් කුමක් සිදු වන්නට
    යන්නේ දැයි නොදැන,එඩරු තෙල් පානය කර ශරීර සෞඛ්‍ය විපර්‍යාසයකට පත් වූවෙකු මෙන් බයෙන් ගැහි ගැහී රිමාන්ඩ්
    බාරයේ සිටි මම මෙම විශේෂඥ පිරිසට සත්‍ය අවබෝධ කරවන මෙන් දෙවියන් වහන්සේට යාච්ඥා පැවැත්වීමි.

    ලෝක විශේෂඥයන් අපේ කුස්සියේ පර්යේෂණ පවත්වන ගමන්, දොර මුල්ලේ තිබුණු කොස් ඇට දැක අම්මාගෙන් විශේෂයෙන් ඒ ගැන
    ප්‍රශ්න කර ඇත.එම කොස් ඇට තම්බාගෙන හෝ කබලෙන් බැද හෝ ලිපේ දමා පුළුස්සා හෝ කෑමට ගත හැකි බවත් එය ඉතා රසවත්
    කෑමක් බවත් අම්මා ඔවුන්ට පවසා තිබේ.හදිස්සි වූ ඔවුන් එය ඉතා ඉක්මණින් පිලියෙල කර ගත හැක්කේ කෙසේ දැයි ප්‍රශ්න කල
    පසු අම්මා කියා ඇත්තේ ලිපට දමා පිලිස්සීමෙන් කාර්යය ඉක්මන් කල හැකි බවයි.ඔවුන් කොස් ඇට කිහිපයක් ලිපට දමා
    ළගට වී බලා සිටි අතර, අම්මා ලිපෙන් ඈත් වී සිටියේ කොස් ඇට වල පිටි වැඩි බව දත් නිසාය.මොහොතකින් කොස් ඇටයක්
    පිපිරී ගොස් ඇති අතර, එයින් බියට පත්ව උඩ ගිය විශේෂඥයින්ගේ ඔළුගෙඩි වැදීම නිසා දුම්මැස්ස කැඩී, පෙරලී ගිය හැලි
    වලං වලින් කිහිපයක් ඔවුන්ගේ හිස් වසා හිර වී ඇත.

    විශේෂඥයින් ආධාර ඉල්ලා කෑ ගසද්දී,අම්මා ඔවුන්ගේ ඔළු වල හිරවුණු හැලි වලං ඉවත් කර ඔවුන් බේරා මා තින් වූයේද
    එවැනිම සිද්ධියක් බව ඔවුන්ට පෙන්නුම් කර සිටියාය.සත්‍ය අවබෝධ කර ගත් ඔවුහු කොස් ඇට සාමාන්‍ය වශයෙන්
    අන්තරාදායක වුවද ලෝක සාමයට තර්ජනයක් එයින් නැති බවත්, මගේ අතින් ලංකා ආණ්ඩුවට සහ ලෝක සමුළුවට
    අපේ කුස්සියේ සිටම ගුවන් විදුලි පණිවුඩ මගින් දන්වා සිටියහ.එමෙන්ම, මා වහාම රිමාන්ඩ් බාරයෙන් නිදහස් කල යුතු බවත්
    මගේ ආරක්ෂාව සදහා අපේ වත්තේ වරකා ගහ කපා දැමිය යුතු බවත් ඔවුහු වැඩි දුරටත් නිර්දේශ කලහ.

    මා රිමාන්ඩ් බාරයෙන් මිදී ගෙදර එන විට ලෝකය සන්සුන් වී තිබූ අතර ලංකාව ලෝකයේ බලගතු රටක් විදියට මුළු
    ලෝකය විසින්ම පිලිගනු ලැබී තිබුණි.එහෙත් ඊටත් වඩා වැදගත් යමක් සිදු වී ඇති බව පෙන්වීමට අම්මා මා වත්තට කැදවාගෙන
    ගියාය.බලපත්‍ර ලබා ගත නොහැකිව මෙතෙක් කල් කැපීමට ක්‍රමයක් නැතිව තිබූ කොස් ගස වත්ත මැද කපා දමා තිබූ අතර ලී
    ඉරීම සදහා සාදන ලද අට්ටාලයක් මත සිංහ කොඩිය බැබලෙමින් තිබුණි.

    ඉවරායි...... :eek::eek::eek:

    peenna akke