ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව බුද්ධි ගලන ප්‍රති-සුනාමියකට ( රැල්ල යම් ලක්ෂ්‍යයක් වෙතින් ඉවතට යෑම ) මුහුණ දීමට සූදානම් විය යුතුය....දක්ෂ වෘත්තිකයන්, උගතුන්, බොහෝ ක්ෂේත්‍ර වල පළපුරුද්ද සහ නිපුණතාව ඇත්තන් සියල්ලෝම විදෙස් ගතවීමට සැලසුම් කරමින් සිටිති...
1. ශ්‍රී ලංකාවේ සුදුස්සාට සුදුසු තැන ලැබීම උගහටය.
2. බල්ලන්ගේ වැඩේ කරන්නට පත් කරන බූරුවෝ එමටය.
3. අලුත් යමක්, සුඛෝපභෝගී යමක් භාවිතා කර ජීවිතේ සැපක් විඳින්න පෙරුම් පිරිය යුතුය
4. විනෝදාස්වාදය මිනිසුන්ගෙන් අවශ්‍යතාවයක් ලෙස නොසලකන රාජ්‍යයකි. සමාජයකි.
5. ඉඩමක් කඩමක් ගෙන සුවසේ නිරුපද්‍රිතව ජීවත් විය හැකි ගෙයක් දොරක් සාදාගැනීම සිහිනයක් පමණි. අලුත් වාහනයකින් රජය මිනීමරු බද්දක් අය කරන අතර ( දැන් ගෙන්වීමටවත් අවකාශ නැත ) පට්ට පරණ කල් කබල් වූ වාහන ලඩි වලට වැටුපෙන් 60% පමණ ලීස් ගෙවීමට සිදුවනු ඇත.
6. වෘත්තිකයන්ට "රට ගැන හිතඤ්ඤ" කියන දේශපාලකයන් රට ගැන සිතන්නේ නැත. රට ජාතිය, දේශ ප්‍රේමය යනාදි මේ සියළු සංරචක ගැන කථා කිරීමද දාර බොරුවකි.
මිනිසා සමාජ ජීවියෙක් යැයි කීම වනාහි ජීව විද්‍යාව අමතක කර පවසන "අර්ධ - සත්‍යයක් " පමණි. මිනිසා යනු "රැකවරණය සහ පැවැත්ම තහවුරු කරගනු පිණිස" සමූහයක් හෝ සමාජයක් ලෙස සංවිධානය වන, අතිශය පෞද්ගලික ජීවිතයකි. මේ අතිශය පෞද්ගලික ජීවියා සමාජයක් ලෙස සංවිධානය වන්නේ තමන්ගේ රැකවරණය සහ පැවැත්ම තහවුරු කරන අවස්ථා ගණන සහ සම්භාවිතාවය වැඩි කරගන්නට පමණි.
එනයින් බලන කළ, මොන දේශ ප්‍රේමෙ බයිලා ගැහුවත්, ඉඩක් ලද සැණින් රට හැර යන්නේ, "රට" නමින් ව්‍යුහගත කර තිබෙන සමාජයට වඩා, අර පෞද්ගලික ජීවියාගේ සැපය සහ පැවැත්ම තහවුරු කර ගැනීම පෙරට පැමිණෙන නිසාය. බොරුවට සමාජය ඉදිරියේ තමන් පොරවල් ලෙස කැපී පෙනෙන්න, වෙනස්ම පුද්ගලයෙකු ලෙස පෙන්නාගන්න වැල් බයිලා ගැහුවත්, කොයි කවුරුත් කැමති "සැපේ ඉන්නටය"...අතිශය බහුතරයක් කැමති පරිභෝජනයටය.... තමා එසේ නොවේ යැයි පෙන්නාගන්න මහන්සි වෙන අයගෙන් අති බහුතරයක් එසේ කියන්නේ අවංකව නොවේ.... පොදු පූර්වජයන්ගෙන් ආදි වානරයන් බිහිවීමද, උන්ගෙන් මිනිසා බිහිවීමද පැමිණි ගමන් මඟ ගැන අධ්‍යනය කරන ඕනෑම කෙනෙකුට එය එසේ වන්නේ ඇයිදැයි සිතා ගැනීමට උවමනාවටත් වඩා කරුණු තිබේ.....
අපේ තිබෙන්නේ "හර්ඩ්" මානසිකත්වය සහ සංවිධානය විනා "හයිව්" මානසික සැකැස්ම හෝ සංවිධානය නොවේ. මේ දෙකම බැලු බැල්මට එක වගේ පෙනුනත් බරපතළ ලෙස වෙනස්ය. මිනිසා "හයිව්" එකක් ලෙස සංවිධානය වීමට නම් සියල්ලෝම රහත් විය යුතුය. අඩුම ගානේ අනාගාමී වත් විය යුතුය. හර්ඩ් එකේ ඉන්නා එකා එසේ ඉන්නෙ තමන්ගෙ සර්වයිවල් චාන්සස් වැඩි කරගන්නටය. තමන්ට දේවල් පහසු කරගන්නටය. හයිව් එකක ඉන්නා එකා එසේ ඉන්නේ හයිව් එකේ පැවැත්ම තමාගේ එකම අරමුණ නිසාය. හර්ඩ් එකේ ඉන්නා එකා, අර කියපු අරමුණු ඉෂ්ඨ නොවෙන සඳ හර්ඩ් එක හැර යයි....වෙනත් ඉසව්වකට යයි.... තමන්ගේම හර්ඩ් හදාගනියි....හයිව් එකේ ඉන්නා එකා මරණය තෙක්ම හයිව් එක වෙනුවෙන් පෙනී සිටියි....මී පැණි ගන්න එනවුන් පණපිටින් පුළුස්සා දමද්දීත් අවශේෂ මීමැස්සන් මී වදයේ කේන්ද්‍රය රකිමින් එතැනම සිටිති....සිරියානු මිනිසුන් අතර සරණාගතයන් සිටියත්, සුප්‍රකට සිරියානු මී මැස්සන් අතර සරණාගතයන් නැත....උන් කවදා හෝ මියැදෙන තුරුම මීය සමඟ සිටිති.....
එවිට සන්තර්පණ අවශ්‍යතා අඩුවෙන් පුරවාලන සමාජ වලින් පලා නොගොස් රැඳී සිටින අය ගැන කියන්නට තිබෙන්නේ කුමක්ද?....සරලම පිළිතුර වන්නේ ඔවුන් එහි සිටින්නේද කිසියම් දෘෂ්ඨිවාදයක් විසින් කොටා පොවන ලද ආත්ම යහපතක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් බවය....නො-එසේ නම් ඔවුන් එය හැර යන්නට නිසි අවස්ථාව එනතෙක් ඉන්නා බවය....නිදසුනක් ලෙස ආගමික අන්තවාදය විසින් රාජ්‍ය පාලනය යටත් කරගෙන තිබෙන රටක තව දුරටත් ඉන්නා තැනැත්තා බොහෝ විට ඒ ආගමික අන්තවාදය සමඟ එකඟ වන අයෙකි. ඔහු හෝ ඇය සිතන්නේ, එසේ රැඳී සිට, ඒ ආගමට 100% කීකරු වීම නිසා, මේ ජීවිතයෙන් ඔබ්බේ පවතින සුපිරි ආත්ම නඩත්තුවක් තුළදී තමන්ට මීටත් වඩා විශිෂ්ඨ සදාතනික වූ සැප විඳින්නට ලැබෙන බවය.... නො-එසේ නම් වෙනත් ජීවිත වල බොහෝ සැප සහිත ලෝක වල ඉපදී, සුපිරියටම සැපේ ඉන්න ලැබෙන බවය......ආගමෙන් කියන කයි කතන්දර තමන්ගේ යථාර්තයෙන් කොටසක් කරගෙන සිටින මිනිසුන්ට, මේ ජීවිතයේ සැප විඳීමේ ආශාව, මරණින් මතු ලැබෙන ඊටත් වඩා සුවිශිෂ්ඨ අවස්ථාවක් වෙනුවෙන් කැප කිරීම යනු අර අතිශය පෞද්ගලික ජීවියාගේ "පැවැත්ම සහ ආරක්ෂාව" තහවුරු කර ගැනීමේ ඉන්ස්ටින්ක්ට්ස් වලින්ම කොටසකි.....එතනත් කරන්නේ ආත්ම නඩත්තුවක් නිසා, සියලු දේට බම්බු ගහගන්නැයි කියා තමන් උපන් සමාජය අතහැර යන අයත්, මොවුනුත් ඉන්නේ එකම බෝට්ටුවේය....වෙනස් වන්නේ හබල් දෙක පමණි.....
සමහර අය එසේ රැඳී ඉන්නේ තමන්ට තවමත් අවස්ථාවක් ලැබී නැති නිසාය.....නැතහොත් අතහැර යන්නට නොහැකි යම් කරුණක් ඒ සමාජයේ තිබෙන නිසාය....ඒ අවස්ථාව ලැබුණු වහාම හෝ, ඒ බාධකය ඉවත් වූ වහාම, ඔවුහු ශබ්දයේ වේගය පරදවා, ගිගුම් දී, රාව ප්‍රතිරාව නංවමින් එම සමාජය අතහැර පළා යන්නෝය.... එතකල් හිත හදාගන්නා කතන්දර කියමින් සිටිති.....( නිදසුන් : "හැමෝම ගියාම හරි යනවද?"...."මම ඉන්නෙ මේක හදඤ්ඤ මගෙන් කෙරෙඤ්ඤ ඕන දේ කොරලා යඤ්ඤ ".... "මෙහේ හුළඟ සැපයි....ගස් කොළන් තියෙනවා.... අව්ව තියෙනවා.....පොල් ගස් තියෙනවා....වැටෙකෙයියා පඳුරු තීනවා.....අම්මගෙ රෙද්ද තීනවා.... ".....)
අන්තීම අතළොස්සක් අවංකව මොකක් හරි ඉටිගෙඩියක් අනුන් වෙනුවෙන් කරන්න සිටින අතර, ඔවුන් යම් දිනක තමන්ට ලැබුණු අවස්ථා ගැන සිතමින් කණගාටුවට පත්වෙති....විවෘත වෙළඳපොළ සංවර්ධනයේ ලොතරැයිය දිනාගන්නට තරම් ප්‍රශස්ථ ලෙස භූගෝලීයවත්, සාමාජිකවත් ස්ථානගත වෙන රාජ්‍යය හැර, අනෙක් රාජ්‍ය කිසිදාක සංවර්ධනය නොවෙති....මෙලොව කවදාවත් සමබිමක් වන්නේ නැත....පන්ති අහෝසි වන්නේද නැත....ඇති නැති පරතරය අහෝසි වන්නේද නැත....එසේ වන්නට නම් අප මීමැස්සන්ගෙන් පරිණාමය වී සිටිය යුතුය....ප්‍රිමාටාවන් හැම විටම බලන්නේ "ඇල්ෆා" වන්නේ කෙසේද, ඇල්ෆෙකුට ලිංගික සහකරුවෙක් හෝ සහකාරියක් වන්නේ කෙසේද, අන් අයට අහිමි බළතල සිය සිරුරට ගන්නේ කෙසේද, තම ජානමය තොරතුරු දිගටම සහ ශක්තිමත්ව පවතින බව තහවුරු කරගන්නේ කෙසේද යන්නය.....ප්‍රිමාටාවන්ගෙන් කායික පරිණාමික පියවර තැබූ ජීවීන්, ඒ පියවර තබා ඇත්තේ එකී ලක්ෂණ වඩාත් තීව්‍ර වන දිශාවකට මිස, අඩුවන දිශාවකට නොවේ....
ඒ නිසා රට හැර යන අයට දොස් තැබිය නොහැක.... ඔවුන් කරන්නේ ඔවුන්ට පෙර විසූ පූර්වජ වානර පරම්පරාවල එක් එක් වඳුරා කරන ලද දෙයමය....කරන්නට ප්‍රෝග්‍රෑම් වෙච්ච දෙයමය.....මේ වඳුරු විශේෂය, අනෙක් වඳුරන්ට පෙන්වන එකම වෙනස සමහර වඳුරන් තාම දෘෂ්ඨිවාදය නිසා ආත්මික වාසිය තකා, භෞතිකව අවාසි සහගත ලෙස සිය කැමැත්තෙන් ස්ථානගතව සිටීමය....
ශ්‍රී ලංකාව ඉහත කී කරුණු වෙනස් කර නොගතහොත්, වත්මන් තත්වය දිගටම පැවතිය හොත්, ශ්‍රී ලංකාවේ බුද්ධි ගලනය ලෝකයේ දරුණුම බුද්ධි ගලනයන්ගෙන් එකක් වනු ඇත....
Copied

Last edited: