ලංකාව වෙල්කම් කිව්වට ලංකාවට ගුඩ්බායි කිය
පහුගිය දශකයක කාලය පුරාම රටේ ආණ්ඩු උත්සාහ කළේ ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයේ කේන්ද්‍රස්ථානය කරන්නටය. සුද්දන් ලක්ෂ ගණනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නටය. ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරන්නට හැදුවේ සංචාරක
ව්‍යාපාරය පදනම් කර ගනිමින්ය. එහෙත් සුදු හමක් දුටු සැණින් කුලප්පුවන, තමන් දකින්නේ රටට එන අවසාන විදේශිකයා යැයි සිතා ඔහුව සූරා කන්නට උත්සාහ කරන, ශික්ෂණයකින් තොර අවිනීත සමාජයක සංචාරක ව්‍යාපාරය යනු වියරුවකි. මේ වියරුව අපට වැටහෙන්නේ නැත. එය හොඳටම දැනෙන්නේ රටට එන විදේශිකයන්ටය.
මේ කතාව අපට කියන්නේ මේ රටට පැමිණි විදේශිකයන් කීප දෙනෙකි. ඔවුන් අපට හමුවන්නේ අහඹු ලෙසය. ඔවුන් සියලු දෙනාම මාස කිහිපයක කාලයක් රට තුළ ජීවත්වෙමින් සිටින අයය. මේ මිනිසුන් අපේ රට ගැන අපට කියන කතාව ඇසෙනවිට විළිලැජ්ජා හිතෙන්නේය. අපේ ෆැන්ටසියේ ඇති මහා ගරු ගාම්භීර සමාජ සංස්කෘතික අභිමානය ඇත්තටම පවතින්නේ කොතැනදැයි අපෙන්ම විමසා ගන්නට හිතෙන්නේය.
මුලින්ම මේ කතාව අපට කියන්නේ විදේශිකයෙක් හා විවාහ වී සිටින ශ්‍රී ලාංකික කාන්තාවකි. සිය විවාහයෙන් අනතුරුව ලංකාවේ ගෙවූ වසර තුළ ඇය තමන් දිවි ගෙවූ සමාජයේ මෙතෙක් නොදුටු පැතිකඩක් දැක තිබිණි.
මම මගේ සැමියත් එක්ක මේ රටේ ජීවත්වෙන්න පටන් ගත්තට පස්සෙ තමයි මට මගේ රටේ හැටි හරියටම තේරෙන්න ගත්තෙ. අපි දෙන්නට පාරෙ බැහැල එන්න බෑ. ලොකුම කරදරය ත්‍රීවීල්වලින්. අපි පයින් ඇවිදගෙන යනකොට මේ අය බලහත්කාරයෙන් අපිව ත්‍රීවීල් එකට නග්ගා ගන්න හදනවා. පයින් යනකොට අපි දෙන්නා එක්ක ඉස්සරහට ත්‍රීවීල් එක පදවමින් ත්‍රීවීල් එකට නඟින්න කතා කරනවා. සමහරු කහ ඉරෙන් පාර මාරු වෙන්න දෙන්නෙ නෑ. පාර හරස් කරනවා. මේක පුදුමාකාර අවහිරයක්. සමහර අවස්ථාවලදී මේ මිනිස්සු හැසිරෙන්නෙ මගෙ ආත්ම ගෞරවයත් තුට්ටුවට දාලා. මඟතොටට බැස්සත්, කඩයකට ගියත්, මගෙ රටේදි මගෙ සැමියා ඉදිරියෙම හැම දිනකම මං බරපතළ ලැජ්ජාවටත් අපහසුතාවටත් පත්වෙනවා." ඇය කියන්නී වේදනාවෙනි.
ලංකාවට සංචාරය කරන්න එන්න කැමැති විදේශිකයො කොපමණවත් ඉන්නවා. එහෙත් ලංකාවට ඇවිත් යන බොහෝ දෙනකු යන්නෙ රට ගැන යහපත් ආකල්පයකින් නෙවෙයි කියලා මට හිතෙන්නෙ මගෙ විදේශික මිතුරන් කියන කතා ඇහෙනකොට. මේ එන සියලුම සංචාරකයන් කෝටිපතියන් නෙවෙයි. අවුරුද්ද පුරා තමන් උපයන මුදලින් කොටසක් වැය කරලා ඒ මුදල ප්‍රවේශමෙන් වියදම් කරමින් නිවාඩුවක් ගත කරන්න ලංකාවට එන විදේශිකයන් වැඩියි. මේ මිනිස්සුන්ට භාණ්ඩ හා සේවාවන්වලට අනවශ්‍ය මිලක් ගෙවන්න අවශ්‍ය නෑ. සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම කෙසේ වෙතත් රටේ ආත්ම ගෞරවය ආරක්ෂා කර ගැනීමේ වැඩසටහනක් රට තුළ දියත් කරගැනීම වැදගත් කියන හැඟීමක් දැන් මට තියනවා." ඇය කතාව හමාර කළාය.
අනතුරුව අපට හමුවන්නේ පෝලන්ත ජාතික කාන්තාවකි. ඇය ඇනා නොවැක්ය.
මම ලංකාවෙ ජීවත් වෙන්නේ දැනට මාස හයක් තිස්සේ. මගේ රැකියාවට අදාළ ප්‍රායෝගික පුහුණුවක් ලබන ගමන්. මේ කාලය ඇතුළත ත්‍රිරෝද රථ රියැදුරන් සහ නොයෙක් මාදිලියේ භාණ්ඩ හා සේවා සපයන්නන්ගෙන් මට කිසිදා අමතක නොවන නරක අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවුණා. මෙහේ බොහෝ ත්‍රිරෝද රථවල මීටර හෝ අප ගමන් කරන දුර සඳහා නිශ්චිත මුදලක් තීරණය කෙරෙන ක්‍රමයක් නැහැ.
දිනක් මගේ අවශ්‍යතාවකට මල් බඳුනකට දැමීමට මල් ටිකක් ගැනීමට මට කළුතර මල් අලෙවි කරන ප්‍රදේශයකට යන්න අවශ්‍ය වුණා. මම යා යුතු ස්ථානය ත්‍රිරෝද රථ රියැදුරාට පැවසූ විට ඔහු ඉතා උදේයා්ගයෙන් ගමන භාර ගත්තා. මා නැවතී සිටි හෝටලයේ සිට එම ස්ථානයට වැඩි දුරක් නෑ. එම ස්ථානයට ගොස් මට අවශ්‍ය මල් මම තෝරා ගනිමින් සිටිද්දී ඊට වඩා ලස්සන මල් මේ අලෙවිහල් සංකීර්ණයේ තිබෙන බව පවසමින් ත්‍රිරෝද රථ රියැදුරා තවත් තැන් කිහිපයකට මා රැගෙන යෑමට උත්සුක වුණා. අලෙවි හල් දෙක තුනක් නිරීක්ෂණය කිරීමෙන් පසු මම මල් මිලදීගෙන මා නැවතී සිටි හෝටලයට ආවා.
ත්‍රිරෝද රථවලට අය කෙරෙන ගණන් පිළිබඳ ඒ වන විටත් මට යම් දැනුමක් තිබුණා. මගේ නිගමනයට අනුව ඒ ගමනට මා විසින් ගෙවිය යුතු උපරිම මුදල රු. 400ක් හෝ 500ක්. ඒත් මේ ත්‍රිරෝද රථකරුවා මගෙන් රු. 3000ක් ඉල්ලුවාම මට එය අදහා ගන්නවත් බැරි වුණා. අනෙක ඒ වෙලාවෙ මගේ අතේ ඒ මුදල තිබුණෙත් නෑ. රු. 3000ක් දීම මා විසින් ප්‍රතික්ෂේප කරන විට ඔහු අනිවාර්යයෙන් එය අවශ්‍ය බව පැවසුවා. මම පත්වුණේ හරිම අපහසුතාවකට. හෝටලේ සේවකයන් මේ සිදුවීමට මැදිහත් වූ අතර ඔවුන්ගෙන් මුදල් ඉල්ලා ගත් මම ඒ මුදල ගෙවා දැමුවේ ඔවුනට පසුව එය ලැබීමට සලස්වමින්.
තවත් දිනෙක මම පා පැදියකින් ගමන් කරමින් සිටියදී එහි දෝෂයක් නිසා මට මහමඟ නැවතීමට සිදුවුණා. ඒ වෙලාවේ හොඳටම වාහන තදබදය. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙන් ත්‍රිරෝද රථයක් නවතා පා පැදිය එයට දමාගෙන මා රථයට ගොඩ වුණා. එතැන් සිට නවාතැනට වෙනදා ත්‍රිරෝද රථයෙන් ගිය විට මම ගෙව්වේ රු. 200ක්. නවාතැන අසලට පැමිණ බයිසිකලය ඉවතට ගෙන ඔහුට මුදල් ගෙවීමට සැරසෙන විට ඔහු පැවසුවේ ගාස්තු 200ක් බවත්, පා පැදිය දාගෙන ආ හෙයින් 800ක් අවශ්‍ය බවත්ය. එහෙත් මම රු. 800ක් ගෙවීමට එකඟ වුණේ නෑ. ඒ වෙලාවේ මගේ අතේ රු. 1000 නෝට්ටුවක් තිබුණා. ඔහු සැණින් එය උදුරාගෙන වේගයෙන් ත්‍රිරෝද රථය පදවාගෙන ගියා.
ශ්‍රී ලංකාව සුන්දර රටක්. එහෙත් සංචාරකයන්ට මීට වඩා හොඳට සලකන්න පුළුවන් නම් ලංකාව වඩාත් සුන්දර ස්ථානයක් වේවි.
මාර්චින් ඔපල්කා - පෝලන්ත ජාතික
මම ලංකාවේ ජීවත් වන්නේ මාස 8ක පමණ කාලයක සිට. ඒ මුළු කාලය ඇතුළත යම් අප්‍රසන්න සිදුවීමකට මා මුහුණ නොදුන් දවසක් තිබුණේ කලාතුරකින්.
මෙහේ බොහෝ භාණ්ඩ හා සේවාවලට විදේශිකයන් සඳහා ඉහළ මිලක් අය කෙරෙනවා. මෙහේ ටික කාලයක සිට ජීවත් වෙන නිසා මම දැන් නියම මිල ගණන් දන්නවා. ඒත් අලුතින් මෙහි එන සංචාරකයන් ඒවා දන්නෙ නෑ.
බොහෝ වෙලාවට මට නිදහසේ පාරේ යන්න බැහැ. හිඟන්නන් පමණක් නෙවෙයි, සාමාන්‍ය මිනිසුන් පවා ඇවිත් සල්ලි ඉල්ලනවා. සමහරුන් මගේ ඇඟේ ගෑවෙන මට්ටමටම ළංවී මට සමාන්තරව ගමන් කරමින් මගේ මුහුණටම එබෙමින් මගෙන් තොරතුරු අහනවා. ඔවුන් එකවර මෙසේ ළං වන විට මම තිගැස්සුණු අවස්ථාත් එමටයි.
මම ඉතා අකැමැති සහ මම කාලයක් තිස්සේ පසක් කර ගත් කරුණක් නම්, මෙහි භාණ්ඩ හා සේවා අලෙවි කරන්නන්ට අපට ඔවුන්ගේ භාණ්ඩ හා සේවා අනවශ්‍ය බව පැවසූ විට ඔවුන් එය විකුණා ගැනීමට පෙරටත් වඩා උත්සාහ දැරීමයි. "එපා කියනකොට වැඩියි" යන්න එය පැහැදිලි කළ හැකි හොඳම වාක්‍යයයි. ඔවුන් ඇවිටිලි කරමින් මා පසුපස ඇවිදගෙන එනවා.
ලංකාව ලස්සන රටක්. මුලින්ම මට අවශ්‍ය වුණේ මගේ ව්‍යාපාරයක් ආරම්භ කර ලංකාවේ ජීවත් වෙන්නයි. ඒත්, නිදහසේ පාරේ ඇවිදගෙන යන්න බැරි රටක ජීවිත කාලයම ගත කිරීම අපහසු දෙයක්. ඒ නිසා මම මගේ අදහස වෙනස් කළා. මගේ සොහොයුරිය ලංකාවෙ නිවාඩුවක් ගත කිරීමට ඉතා ආශාවෙන් සිටියා. එහෙත් දැන් ඇය මෙහි එනවාට මම කැමැති නැහැ. ඇය එනවා නම් මෙහි ඇති රැවටීම් හා බාධාවන් මඟහැරීමට මා හෝ සමීප ශ්‍රී ලාංකිකයෙක් සිටිය යුතුයි.
සමන්මලී කරුණානායක
source : GossipClanka.com

its kind of hard to go out with him in lanka