ලංකා ඉතිහාසය නැවත ලිවිය යුතුය.. විදේශ රටවල&#34

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ලංකා ඉතිහාසය නැවත ලිවිය යුතුය.. විදේශ රටවල&#34

    උතුරු නැගෙනහිර සඳහා ඉඩම් හා පොලිස්‌ බලතල සහිත ප්‍රාන්ත පාර්ලිමේන්තුවක්‌ සහ ස්‌වාධීන මුස්‌ලිම් කලාපීය කවුන්සිලයක්‌ ලබාදිය යුතු බවට දක්‌වන දේශපාලන විසඳුම් මාලාවක්‌ උතුරු පළාත් සභාව පෙරේදා (25 දා) ප්‍රකාශයට පත් කර ඇත.

    මෙය උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් මහතා විසින් ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතාට භාර දී තිබේ.

    රජයේ පොලිස්‌පතිට අමතරව උතුරු නැගෙනහිරට පොලිස්‌පතිවරයෙකු ද සෑම විදේශගත ශ්‍රී ලංකා තානාපති කාර්යාලයකටම උතුරු නැගෙනහිර ප්‍රාන්ත රජයේ නියෝජිතයෙකු පත් කිරීමට ද ඉඩ දිය යුතු බවට එම දේශපාලන යෝජනා මාලාවේ සඳහන් කර ඇත.

    මේ හැර ශ්‍රී ලංකා ඉතිහාසය නැවත ලිවිය යුතු බවද දක්‌වා තිබේ.

    උතුරු පළාත් සභාව ඉදිරිපත් කර ඇති යෝජනා මාලාව මෙසේය.

    ශ්‍රී ලංකාව මින්මතු ෆෙඩරල් ශ්‍රී ලංකා ජනරජය ලෙස නම් කළ යුතුයි.
    එම ෆෙඩරල් ජනරජය ප්‍රාන්තවලින් යුක්‌ත වේ. ස්‌විස්‌ටර්ලන්තයේ ප්‍රාන්ත ක්‍රමයට ශ්‍රී ලංකාවේ ප්‍රාන්ත සකස්‌ විය යුතුයි.
    ජනාධිපති පත්කළ යුත්තේ ඉන්දීය ව්‍යවස්‌ථාවේ 54 – 55 වගන්ති මතය.
    පාර්ලිමේන්තුව කොටස්‌ දෙකකින් සමන්විත විය යුතුයි. එය නියෝජිත මන්ත්‍රීවරු සහ සෙනට්‌ මන්ත්‍රීවරු ලෙසය.
    ඇමැතිවරු සංඛ්‍යාව 20 කට නොවැඩි විය යුතුයි.
    උත්තර මන්ත්‍රී මණ්‌ඩලයට (සෙනට්‌) ද්‍රවිඩ හා මුස්‌ලිම් නියෝජිතයන් පත් කළ යුතුයි.
    ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට සියලුම ජාත්‍යන්තර නීති රීති හා සම්මුති ඇතුළත් කළ යුතුයි.
    ප්‍රන්ත ආණ්‌ඩුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මහ ඇමැතිවරයාය.
    ෆෙඩරල් පොලිසිය සහ රජයේ පොලිසිය යනුවෙන් දෙකක්‌ ස්‌ථාපිත කළ යුතුයි.
    රජයේ පොලිස්‌පති විසින් පරිපාලන කටයුතු ගැන ෆෙඩරල් පොලිස්‌පතිට දැනුම් දිය යුතුවේ.
    විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට ප්‍රාන්ත රජයේ නියෝජිතයෙකු බැගින් පත්කළ යුතුයි.
    නීතිය සහ සාමය රැකීමේ බලතල ප්‍රාන්ත රජයට ලබාදිය යුතුයි.
    වරායන් සහ දේශීය ගුවන් තොටුපළවල් පාලනය සඳහා ව්‍යවස්‌ථාදායක බලතල.
    උතුරු නැගෙනහිරින් මුළු හමුදාවම ඉවත් කළ යුතුයි.
    උඩරට කඳුකරය සඳහා ද්‍රවිඩ කලාපීය කවුන්සිලයක්‌ පත් කර සියලු බලතල ලබාදිය යුතුයි.
    මෙම ඉල්ලීම්වලට අමතරව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු රැසක පාලනයද උතුරු නැගෙනහිර ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ලබාදිය යුතු බවද දක්‌වා ඇත.

    – දිවයින
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මුන්ගේ කිසිම නෑනේ සිංහල ජනතාව ගැන හැඟීමක්.. මේ වෙලාවට තමා සහජීවනේ පැත්තකින් තියල විනේශ්වරන්ගේ අම්මව මතක් වෙන්නේ.. යකෝ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරෙක් වැඩකරන හැටිද මේ..????
     
    • Like
    Reactions: EUMA175

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරෙක් වැඩකරන හැටිද මේ