ලංකා උගතුන් ලංකාවටම

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
ලංකා උගතුන් ලංකාවටම

ජාතික වශයෙන් පිළිගත් නමක් දිනූ, ආර්ථික අතින් සවිමත්, ශ්‍රී ලංකා සමාගම්හි රැුකියා තොරතුරු වෙබ් අඩවියකින් පළ කැර මහා බි‍්‍රතාන්‍යයේ සිටින ශ්‍රී ලංකා සිසුනට රැුකියා අත්වැලක් සැළසීමට ශ්‍රී ලංකා ජාතික වෙළෙඳ මන්ත‍්‍රණ සභාව මහා බි‍්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාර්ස් කාර්යාලයය සමග එක්වී සිටියි. එංගලන්ත මහා කොමසාරිස් දොස්තර ක‍්‍රිස් නෝනිස්ගේ ප‍්‍රධානත්වයෙන් එහි ආරම්භක උළෙලට ආ එරට සිටින ශ්‍රී ලංකා සිසුහු ඒ ගැන ලොකු උනන්දුවක් දැක්වූහ. ශ්‍රී ලංකා ජාතික වෙළෙඳ මන්ත‍්‍රණ සභාවේ සභාපති අශෝක හෙට්ටිගොඩ හා මහා කොමසරිස් කාර්යාලයයේ අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු බාර සමන් ඒකනායක මහත්වරු ද ඒ අවස්ථාවට එක්වූහ. www.nccsl.lk වෙබ් අඩවියට පිවිස ශ්‍රී ලංකා සිසුනට එහි ලියාපදිංචි විය හැකියි.




44340fa539.jpg


ccb5d0bef9.jpg


4e741f9b3a.jpg


f4afd6c75a.jpg


sri_lanka_flags_3dclipart.gif


JAYA SRI