ලංකා කසිප්පු

arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    කසිප්පු ලංකා

    කිසියම් භාණ්ඩයකට හෝ සේවාවකට අධිත ඉල්ලූමක් පවතින විට සම්මතයට පිටින් හෝ ගොස් ලාබ ලැබීමට නිෂ්පාදකයෝ බිහි වෙති.
    කවුරුන් කැමැති වුණත් නැතත් ඕනෑම වෙළෙඳ පොළක හැටි එහෙමය. අල්පෙනිත්තේ පටන් අවි ආයුධ වෙළෙඳාම දක්වා විශාල පරාසයක මේ නීත්‍යනුකූල නොවන වෙළෙඳාම සිදුවන බව ප්‍රකට කරුණකි.
    image_26cd7f5eda.jpg

    මෙවර සත්‍ය ගවේෂණයට පාදක කරගන්නේ එසේ අප රටේ දිගු කලක් තිස්සේ නීතියට පිටින් සිදුකෙරෙන නිෂ්පාදනයක් ගැනය. ඒ නීතිවිරෝධී මත්පැන් ය.
    නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍යවලින් තොර වූ සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලාංකික සමාජයක් බිහිකිරීම ඊට අදාළ රාජ්‍ය ආයතනය වන සුරාබදු දෙපාර්තමේන්තුවේ දැක්මයි.
    එහෙත් මේ වනවිට නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය වේගයෙන් ඉහළ යමින් පවතී.මහජන සෞඛ්‍යයත් රටේ ආර්ථිකයත් මහා පරිමාණයෙන් විනාශ මුඛයට කැඳවාගෙන ගිය ද ඒ සම්බන්ධයෙන් සිදුවන අධ්‍යයනයන්හි ඇති සීමාසහිත බව නිසා සිදුවන විනාශයේ දිග පළල ගැන නිශ්චිතවම පැවැසීම මෙතෙක් දුෂ්කර වී ඇත.

    එහෙත් කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්යවරයකු ඇතුළු කණ්ඩායමක් විසින් කරන ලද පර්යේෂණයක් මගින් මේ සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වී තිබේ.

    මෙම පර්යේෂණයේදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප‍්‍රියංග දුනුසිංහ ඇතුළු පිරිසේ මූලික අවධානය යොමු වී තිබුණේ නීති විරෝධී මත්පැන් අතුරෙන් කසිප්පු භාවිතය පිළිබඳවය. ආචාර්ය දුනුසිංහ මහතා ඊට අදාළ සංඛ්‍යා ලේඛන දක්වමින් පැහැදිලි කළේ උදා වී ඇති තත්ත්වයේ බිහිසුණු බවයි.

    ” මෙතෙක් කලක් ඉහළ ආදායම් ලැබූ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් අතරේත් කසිප්පු භාවිතය වැඩි වී තිබෙනවා. නීතිවිරෝධී මත්පැන්වලින් සීයට 90 ක්ම පමණ කසිප්පුයි. ආසන්න වශයෙන් කසිප්පු භාවිත කරන්නන් ලක්ෂ 13 ක් පමණ අපේ රටේ සිටිනවා. මේ පිරිසෙන් 35% ක් පමණ දිනපතා භාවිතා කරන්නන් වන අතර 40% ක පමණ පිරිසක් සතියට දින 3ත් 5ත් අතර මත්පැන් පානය කරන අය.කසිප්පු පානය කරන්නන්ගෙන් 25%ක්ම වයස අවුරුදු 40 ට අඩු අය . ඒ කියන්නේ තරුණ පිරිසයි. කසිප්පු භාවිතා කරන්නන් වැඩිම පිරිසක් සිටින දිස්ත‍්‍රික්ක වෙන්නේ නුවර එළිය, පුත්තලම, කෑගල්ල, මොණරාගල, බදුල්ල හා රත්නපුරයි. නුවර එළිය, කෑගල්ල, බදුල්ල හා රත්නපුර දිස්ත‍්‍රික්කවල කසිප්පු භාවිතා කරන්නන් වැඩිවීමට බලපා තිබෙන්නේ වතු ජනයාගෙන් ඊට ඇති අධික ඉල්ලූමයි. මේ සංඛ්‍යා ලේඛන ප‍්‍රතිශත බලද්දී ඉතාම බිහිසුණු තත්ත්ව අපට නිරීක්ෂණය වෙනවා. උදාහරණයකට ගත්තොත් නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ මත්පැන් භාවිතා කිරීමට ඉඩ ඇති වයස අවුරුදු 20 ට වැඩි පුරුෂ ගහණයෙන් 95% ක්ම පමණ කසිප්පු භාවිතා කරනවා. පුත්තලම දිස්ත‍්‍රික්කයේත් එහි අගය 79% ක් වෙනවා. නුවරඑළිය හා මොණරාගල දිස්ත‍්‍රික්කවල මත්පැන් වෙළෙඳ පොලින් 69% ක්ම ආවරණය වෙන්නේ නීති විරෝධී මත්පැන්වලින් බව බොහෝ දෙනෙක් දන්නේ නෑ.”
    image_d75d003896.jpg
    ඒක පුද්ගල මත්පැන් පරිභෝජනයට අනුව ලංකාවේ සැර මත්පැන් භාවිතය ලොව අනෙක් රටවලට වඩා ඉහළ මට්ටමක පවතී. දේශයේ නම රැන්ඳු ක‍්‍රිකට් ආදී ක‍්‍රීඩාවලින් අප පල්ලම් බසිද්දී ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම්වලින් සැර මත්පැන් පරිභෝජනයෙන් අංක දෙක හිමිකරගැනීමට ශ‍්‍රී ලංකාව සමත්ව තිබේ.

    දේශීය මත්පැන් පරිභෝජනයෙන් 88% ක්ම සැර මත්පැන් වීමෙන් එය පැහැදිලිය. එය එසේ වන්නේ ලොව රටවල් රැසකම සැහැල්ලූ මත්පැන් භාවිතය 70% ක් පමණ වෙද්දීය. අපේ රට හරිම වෙනස් යැයි එදිනෙදා කතාවට කීවාට එය මෙතැනට ද අදාළ නොවේද?
    වැටලීම් හා පරිභෝජනය අතර වෙනස
    නීති විරෝධී මත්පැන් වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුකරනු ලබන්නේ පොලිසිය හා සුරාබදු දෙපාර්තමේන්තු මගිනි. එහෙත් දෙපාර්තමේන්තු දත්ත හා ඒවායේ නිලධාරින් පවසන කරුණු අනුව බැලූවහොත් එකක් පැහැදිලිය. එනම්, නීතිවිරෝධී මත්පැන් මැඩපැවැත්වීම හුදෙක් වැටලීම්වලින්ම පමණක් කළ නොහැකි බවයි. නිත්‍යනුකූල මත්පැන් වෙළෙඳ පොල මත ක‍්‍රියාත්මක වන රජයේ බදු නිසි පරිදි මෙහෙයවීම එහිදී අතිශය වැදගත්ය. බොහෝ දෙනා නොදැන සිටියාට ලොව විශාලතම අරක්කු නිෂ්පාදකයා ද ශ‍්‍රී ලංකාවය. :shocked::shocked::shocked: බියර් වැනි සැහැල්ලූ මද්‍යසාර සම්බන්ධයෙන් වූ තුලිත රාජ්‍ය බදු ප‍්‍රතිපත්තිය සැලකිය යුතු ලෙස වෙනස්වීම විසින් ද මත්පැන් පානය කරන්නන් හොර පොට්වලට තල්ලූ කරනු ලැබිණි.
    2015 වසරේදී හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා මද්‍යසාර කර්මාන්තයට අදාළව කළ බදු සංශෝධන මගින් ඇත්තටම වුණේ සමාගම් කීපයක් ගොඩයාමය. උදාහරණයකට ගතතොත් ස්කාගාර බලපත‍්‍ර ගාස්තු මිලියන සියය දක්වාත්, අරක්කු බෝතල් කිරීමේ බලපත‍්‍ර ගාස්තු මිලියන 50 දක්වාත් වැඩි කෙරුණි. එහිදී එම මිල ගණන ගෙවාගැනීමට හැකි වුණේ ආයතන එකක් හෝ දෙකකට පමණි. මද්‍යසාර කර්මාන්තයෙහි ඒකාධිකාරින් තැනෙන මේ ප‍්‍රතිපත්ති අභියෝගයට ලක්කිරීමට අධිකරණයට පවා යෑමට සෙසු නිෂ්පාදකයන්ට සිදුවිය. කෙසේ වෙතත් පසුව නිෂ්පාදකයන්ගේ ඉල්ලීම පරිදි මිලියන 100 බද්ද මිලියනය දක්වාත් මිලියන 50 බද්ද ලක්ෂ පහ දක්වාත් අඩු කිරීමට නව ඇමැතිවරයාගේ අවධානය යොමුවිය. 2015 වසරේදී තොග ලීටර මිලියන 125 ක් වූ බියර් නිෂ්පාදනය ලීටර් මිලියන 59 දක්වා මේ වනවිට පහළ බැස ඇතැයි පවසන්නේ නියෝජ්‍ය මුදල් ඇමැතිවරයාමය. මිල ගණන් වැඩිවීම නිසා ඉතා අඩු මිලට නීතිවිරෝධී මද්‍යසාර වෙත යොමුවීම එහි ප‍්‍රතිපලය වී ඇති බව දැන් විශ්ව විද්‍යාල පරීක්ෂණවලින් හෙලිදරව් වී ඇත. එසේ බලද්දී සරල සිංහලෙන් කිවහොත් දැන් ආණ්ඩුවට සිදුව තිබෙන්නේ බදු ආදායම ද අහිමි කරගෙන ලෙඞ්ඩුන්ට බෙහෙත් කිරීමටය. ලංකාවට සමාන ඒක පුද්ගල ආදායමක් ඇති රටවල පමණක් නොව ඊට වඩා අඩු ආදායමක් ඇති රටවල පවා සැර මත්පැන් භාවිතය පහළ අගයක් ගැනීමෙන් ද බදු බරේ යථාර්ථය පැහැදිලිය. අනෙක් අතට මුදල් අමාත්‍යංශයෙන් 2015 කෙරුණු මෙම බදු ඉහළ දැමීමේ ප‍්‍රතිපත්තිය ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ ද පැහැදිලිවම උල්ලංඝනය කිරීමකි. ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ මද්‍යසාර කර්මාන්තයට අදාළ බදු පැනැවීම්වලදී සැර මත්පැන් නිෂ්පාදනය අධෛර්යමත් කළ යුතු බවය. එහෙත් ලංකාව කරඇත්තේ එහි අනෙක් පැත්තය.
    image_f2a84e36e9.jpg

    සැබැවින්ම පොලිසිය හා සුරාබදු දෙපාර්තමේන්තුව නීතිවිරෝධී මත්පැන් විකිණීම හා ළඟ තබාගැනීමට එරෙහිව නීතිය මගින් ක‍්‍රියා කරන අවස්ථා අඩු වී නැත. එහෙත් පර්යේෂක කණ්ඩායම් පවසන්නේ නීති විරෝධී මත්පැන් භාවිතය ඉහළ යෑමට සාපේක්ෂව මෙම වැටලීම් මීට වඩා වැඩි විය යුතු බවයි. අනෙක් අතට බලවතුන්ගේ ආශිර්වාදය ඇතිව නීතිවිරෝධී වෙළෙඳාම ජයටම කරගෙන යන පිරිස් නැතිවාම නොවේ. එවැනි වැටලීම්වලදී අවසන අසරණ වන්නේ එක්කෝ පොලීසියය. නැත්නම් ඔත්තුකරු හෝ පැමිණිලිකරුය. කසිප්පු වැනි මත්පැන් නිෂ්පාදනය කෙරෙන්නේ කිසිදු ප‍්‍රමිතියකට නොවේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය හැටියට සීනිවලට අමතරව යූරියා මෙන්ම කෘමිනාශක වර්ග ද මිශ‍්‍ර කෙරෙන අතර කටුකම්බි ආදිය ද උත්පේ‍්‍රරක හැටියට භාවිත කෙරේ. කෘතිම ඊස්ට් මගින් පැසවන ගෝඩා මිශ‍්‍රණය පරිසරයට විවෘතව පවතින නිසා කෘමින් ඇතුලූව කටුස්සන්, මීයන්, සර්පයන් වැනි සතුන් ඊට වැටී මිය යාම සාමාන්‍ය දෙයකි. කසිප්පු නිපදවන්නේ එසේ සකස් කරගත් මද්‍යසාර ආසවනයෙනි. කසිප්පුවල වඩාත් බිහිසුණු සංඝටකය වන්නේ මීතයිල් මධ්‍යසාරයයි. වෛද්‍යවරුන් පවසන ආකාරයට මීතයිල් මද්‍යසාරය මිලිලීටර 10 ක් පානයෙන් ස්ථිර අන්ධභාවය ඇතිවිය හැකි අතර මිලිලීටර 30 ක් හෙවත් උගුරු තුනක් මාරාන්තික විය හැකිය. එසේ බලද්දී ලංකාවෙන් සැලකිය යුතු පිරිසක් නිරතව සිටින්නේ මාරාන්තික ක‍්‍රීඩාවකය. :no::no::no:
    පැවැති ආණ්ඩුව මතට තිත සංකල්පය රාජ්‍ය ප‍්‍රතිපත්තියක් හැටියටම ක‍්‍රියාත්මක කළේය. එහෙත් සංඛ්‍යාලේඛන පැවැසුවේ ඊට වෙනස් කතාවකි. මේ ආණ්ඩුව ද ඒ වෙනුවෙන් ජාතික ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කර තිබේ. 2015 වසරේදී පැවති සමස්ත ලංකා සුරාබදු සැරයන් හා නියාමක සංගමයේ 64 වැනි සංවත්සරය අමතමින් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ රජයට ආදායම් ලබාදෙන ප‍්‍රධාන ආයතන වන රේගු, ආදායම් බදු හා සුරාබදු ආදී දෙපාර්තමේන්තු වල ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් කිසි විටෙකත් තමා පෙනී නොසිටින බවය. තව ද නීතිවිරෝධී මෙන්ම නීත්‍යනුකූල මත්පැන් අලෙවි බලපත‍්‍ර මගින් අලෙවි කරන මත්පැන්වලින්ද මිනිසුන්ට සිදුවන්නේ හානියක් පමණක්ම බව ද එහිදී අවධාරණය කළේය. මීට අමතරව රජයේ ප‍්‍රධානීන් එදිනෙදා දේශපාලන කතාවලදී ද අවධාරණය කරන්නේ මතින් තොර ව්‍යාපාරය සාර්ථකව දියත්ව ඇති බවකි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රජයේ අදහස් ද මේ වනවිට පරස්පර වෙමින් තිබේ. මුදල් ඇමැති මංගල සමරවීර මහතා නීතිවිරෝධී මත්පැන් භාවිතය 61% ක් වී ඇති බව පාර්ලිමේන්තුවේදී පිළිගැනීමෙන්ම එය පැහැදිලිය. නියෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා ද එම අදහස පිළිගත්තේය.
    නීතිවිරෝධී මත්පැන් භාවිතයේදී වැඩිපුරම ඊට යොමුවන්නේ දරිද්‍රතාවෙන් පෙළෙන අඩු ආදායම්ලාභීන් බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති. ලංකාවේ සමෘද්ධි සහනාධාරය ලබන පිරිස ලක්ෂ 14කට ආසන්නය. ඊට අමතරව පසුගියදා දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් කළ සමීක්ෂණයකදී තවත් ලක්ෂ 11ක පිරිසක්
    image_2e0abf1bc1.jpg
    ඊට අයැදුම්පත් යොමුකළහ.

    එකී පිරිසෙන් කොපමණ පංගුවක් මෙම කුලකයට අයිති වනු ඇති ද? නීතිවිරෝධී මත්පැන් සැපයුම ඉහළ යාමේදී ආණ්ඩු ප‍්‍රධාන ප‍්‍රශ්න දෙකකට මුහුණ පායි. පළමුවැන්න රජයට හිමි විය යුතු බදු අහිමිවීමයි. දෙවැන්න ප‍්‍රමිතියෙන් තොර මද්‍යසාර නිසා මිනිසුන් පීඩා විඳින රෝගවලට ප‍්‍රතිකාර කිරීමේදී සෞඛ්‍යාරක්ෂණයට පිරිවැයක් දැරීමට සිදුවීමය. මෙසේ බලද්දී අවසාන විග‍්‍රහයේදී ආණ්ඩුවේම සුබසාධන ඉලක්ක සහ රාජ්‍ය බදු ප‍්‍රතිපත්ති අතර ඇත්තේ විශාල නොපෑහීමක් නොවේද? ආදායමත් නැති කරගෙන ලෙඩුන්ට බෙහෙත් කරන්නට සිදුවන තැනකට ආණ්ඩු තල්ලූවන්නේ නම් එය සම කළ හැක්කේ අතින් කාලා හරක් බැලීමකටය. :angry::angry:
    මෙවැනි කාරණා සදාචාර තර්කවලින් වැසිය නොහැකිය. එසේ වසාදැමීමට උත්සාහ කිරීමේ අනිටු විපාකය ද යළි එන්නේ මහජනතාවටමය. මන්දයත් නැවත සෞඛ්‍ය සේවයට වියදම් වන්නේ ද මහජන ධනයම වන බැවිනි
    .


    කාලයට ගැලපෙන සේ බදු ප‍්‍රතිපත්ති සකස් විය යුතුයි : මුදල් ඇමැති මංගල සමරවීර ජුනි 23 පාර්ලිමේන්තුවේදී
    ”දැනට මත්පැන් ස්කාගාර 24ක් පවතිනවා. ව්‍යාපාරිකයන් ගෙනයන අධිකරණය ක‍්‍රියාමාර්ග නිසා මිල අඩු කළත් රජයේ ආදායමට කිසිසේත් එය බලපාන්නේ නැහැ. අද මත්පැන් භාවිතය විශාල ප‍්‍රශ්නයක් වෙලා. සියයට 61ක් පමණ මත්පැන් අද භාවිත කරන්නේ නීතිවිරෝධී මත්පැනුයි. බලපත‍්‍ර ගාස්තු වැඩි කරන්න වැඩි කරන්න නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වෙනවා. ඒ නිසා බදු සංශෝධන බලපත‍්‍ර නිකුත් කිරීමේ
    image_21daf21bc9.jpg
    ක‍්‍රමවේදයක් හඳුන්වාදීමට බලාපොරොත්තු වෙනවා. කිසිම රටක මත්පැන් පානය අවම කරන්න බැරි බව අප දන්නවා. සෞඛ්‍යයට අහිතකර නොවන බියර් හා වයින්වලට සහන ලබාදෙන්න ඕන. නීත්‍යානුකූල බාර් තිබෙන අය අපට කියන්නේ වැඩිපුරම බෝතල් විකිණෙන්නේ පෝයට දවසටයි කියායි. සමහර බාර් හිමියන් කරන්නේ පෝය දවසට ගෙදර ඉදන් දෙගුණයක මිලට අරක්කු විකුණනවා. නත්තල් දවසේ බාර් වහනවා. සංචාරක මෙරටට පැමිණෙන දෙසැම්බර් මාසයේ මත්පැන් හල් වසා තැබීමෙන් අදායම් නැතිව යනවා. මේ වගේ යල්පැන ගිය නීතිරීති පිළිබඳ අපි නැවතත් හිතා බලන්න ඕන. තායිලන්තය අපි වගේම බෞද්ධ රටක්. ඒ අය වසර පහ හයකට සැරයක් මත්පැන් හල් වහන්නේ මැතිවරණයක් තිබෙන දවසට පමණයි. ඒ නිසා අපි මත්ද්‍රව්‍ය විකිණීමේදී ප‍්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඉන්පසුව තීන්දුව ගත හැකියි.”



    සුරාබදු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.හෙලන්. ඒ. මීගස්මුල්ල මහත්මිය
    image_edf176e290.jpg
    ”නීතිවිරෝධී මත්පැන් භාවිතය ඉහළ යාමට ප‍්‍රධාන හේතු දෙකක් මම දකිනවා. පළමුවෙන්ම මිනිස්සු ඉතින් අඩු මිලට තිබෙන දේ තමයි පාවිච්චි කරන්න පෙළඹෙන්නේ. අනෙක් අතට අපරාධ සම්බන්ධයෙන් වැටලීම්වල ප‍්‍රමාණාත්මක නෑ. කසිප්පු වැනි නීතිවිරෝධී මත්පැන්වලට වැඩිපුර පෙළඹෙන්නේ දුප්පත් මිනිස්සු. අපට සිටින නිලධාරින් ප‍්‍රමාණවත්. නමුත් වැටලීම්වල ප‍්‍රශ්නයක් ඇතැයි මා හිතනවා. නීත්‍යනුකූලව අළෙවිය සිදුකරන තැන්වල ඇති කාර්මික අපරාධ සම්බන්ධයෙන් නම් අපි ප‍්‍රමාණාත්මක මැදිහත්වීමක් කර තිබෙනවා. රා නිෂ්පාදනයට දී ඇති අවසරයෙන් කෘතිම රා නිපදවීම ඊට එක උදාහරණයක්. පසුගිය මාසයේ දින කීපයක් ඇතුළත පමණක් එවැනි මද්‍යසාර ලීටර දෙලක්ෂයකට වඩා අත්අඩංගුවට ගත්තා. විශ්ව විද්‍යාලයේ පර්යේෂණ ප‍්‍රතිපලය විමසා බැලිය යුතු යැයි මා සිතනවා. මේ වැඩිවීම 25% ඉක්මවනවා නම් අනිවාර්යෙන්ම අපි දැඩි අවධානයක් මේ සඳහා යොමු කළ යුතුයි. ”



    උපුටා ගැනීම http://www.lankadeepa.lk/features/ලෝකය-හෙල්ලූ-ලංකා-කසිප්පු/2-520049
     
    Last edited:
    • Like
    Reactions: sudu23 and somalal

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කසිප්පු කියන්නේ ජරාව නෙමෙයි. ඔක වානිජව කරන උන් සිමෙන්තී ඊස්ට් ඩීසල් මදුරු කොයිල් පල්මානික්කම් දාලා ඔක චාටර් කලාට. හොදට අසවනයෙන් පලතුරුවලින් පෙරන්න පුලුවන්නම් විස්කි කැලේ..
     

    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    කසිප්පු කියන්නේ ජරාව නෙමෙයි. ඔක වානිජව කරන උන් සිමෙන්තී ඊස්ට් ඩීසල් මදුරු කොයිල් පල්මානික්කම් දාලා ඔක චාටර් කලාට. හොදට අසවනයෙන් පලතුරුවලින් පෙරන්න පුලුවන්නම් විස්කි කැලේ..

    api nam palathuru wadi danawa puthe auruddata ehema
    wodka kele
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    අර කසිප්පු සිරාගේ පොට් එකද දන්නේ නැ අල්ලලා තියෙන්නේ :shocked:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කසිප්පු කියන්නේ ජරාව නෙමෙයි. ඔක වානිජව කරන උන් සිමෙන්තී ඊස්ට් ඩීසල් මදුරු කොයිල් පල්මානික්කම් දාලා ඔක චාටර් කලාට. හොදට අසවනයෙන් පලතුරුවලින් පෙරන්න පුලුවන්නම් විස්කි කැලේ..

    Gewal wala karaddi kohomath methanol ithuru wena seen ekak thiyanwa neda...
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Arabinta,Lankave aya Kasippu perala povala, Unta eka allala gihilla, Arabi kiyanne kasippu valata Lanka whisky kiyalalu. Lankave Kasippu hadana kota, sara enna kiyala, Kasippu valata ----Gu-------danavalu.
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    උඹලා බෝගල සවුන්දිරිස් බැලුවා the ඒකේ පෙන්නනවා ඉස්සර සුද්දෝ ලංකාවේ මිනිස්සුන්ට ඔය ජරාවල් පුරුදු කරපු හැටි දැන් බලපල්ලා අපේ රට ලෝකෙන්ම පළවෙනියා වෙලා..
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    අරක්කු වල ..අරක්කු වලට වඩා 5ගුනයක් බදු තියෙනවලු ...රත්නපුරේ ජොන් .ලාල් කාන්ත දෙන්නම කිවා අරක්කු වල මිල වැඩි උනාම ගෙදරට ගේන බඩු මල්ල අඩු වෙන්නේ කියලා ..
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    කසිප්පු කියන්නේ ජරාව නෙමෙයි. ඔක වානිජව කරන උන් සිමෙන්තී ඊස්ට් ඩීසල් මදුරු කොයිල් පල්මානික්කම් දාලා ඔක චාටර් කලාට. හොදට අසවනයෙන් පලතුරුවලින් පෙරන්න පුලුවන්නම් විස්කි කැලේ..

    :lol::lol: ඒක ඇත්ත බන්