ලංකා වාණිජ මණ්‌ඩලයෙන් මූලධර්ම දහයක්‌

KALUSUDHA

Member
Oct 15, 2015
136
15
0
ලංකා වාණිජ මණ්‌ඩලයෙන් මූලධර්ම දහයක්‌

ලංකා වාණිජ මණ්‌ඩලයෙන් මූලධර්ම දහයක්‌



පෞද්ගලික අංශයේ සහ රටේ ආර්ථීකයෙහි දිශානතිය කෙරෙහි වන තම බලපෑමේ ප්‍රවේශයට මගපෙන්වීම සඳහා ලංකා වාණිජ මණ්‌ඩලය විසින් මූලධර්ම දහයක්‌ හඳුන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික මණ්‌ඩලයක්‌ විසින් පළමු වරට හඳුන්වා දෙන මෙම මූලධර්ම, 'රට පළමුව' යන සිතුවිල්ල යටතේ වන ව්‍යාපාර හිතකාමී ප්‍රතිපත්තිය සහ නීතිකරණය වෙනුවෙන් වන ලංකා වාණිජ මණ්‌ඩලයේ දිරි ගැන්වීම්වලට පදනම වනු ඇත. පෞද්ගලික අංශය තුළ තම කටයුතු මෙන්ම පෞද්ගලික අංශය හා රජය අතර කටයුතු ද කලින් කලට වෙනස්‌ වන ස්‌ථාවරයන් වෙනුවට, ස්‌ථිර හා පැහැදිලි මූලධර්ම මත පදනම්ව පවතිනු ඇති බවට සහතික කිරීමට උත්සුක වන බවද වාණිජ මණ්‌ඩලය කියයි.

ඒ අනුව, අදාළ මූලධර්ම 10 වනුයේ 'යහපාලනය, ප්‍රතිපත්තිවල ස්‌ථාවරත්වය හා නියාමනයේ ගුණාත්මකභාවය, ජාතික ඒකාබද්ධතාව, එක්‌සත්භාවය හා සාරවත්භාවය, වෙළෙඳපොල දිශානතිය හා පෞද්ගලික අංශය විසින් මෙහෙයවන ආර්ථීකයක්‌, තරඟකාරීත්වය මත පදනම් වූ හා අපනයන විසින් මෙහෙයවන ආර්ථීකයක්‌, අෙන්‍යාaන්‍ය වශයෙන් ඵලදායක වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම, ශක්‌තිමත් හා සමෘද්ධිමත් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකත්වයක්‌, ව්‍යාපාර හරහා කලාපීය වර්ධන විෂමතා සමනය කිරීම, ගුණාත්මක සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගනිමින් වැඩි දෙනා කැමැත්තක්‌ දක්‌වන ආයෝජන ස්‌ථානයක්‌ බවට ශ්‍රී ලංකාව පත් කරලීම, තිරසාර සහ සංවර්ධනය පරමාර්ථ කරගත් තාක්‌ෂණික අභිවර්ධනය හා නවෝත්පාදනය, සහ ඉල්ලුම කෙරෙහි යොමු වූ අධ්‍යාපන හා කුසලතා සංවර්ධනය යන ඒවායි.

විකාශය වන සමාජයීය, දේශපාලනික සහ ආර්ථීක තත්ත්ව යටතේ තම සාමාජිකත්වය, සමස්‌ත පෞද්ගලික අංශය, රජය සහ මහජනතාවට නූතනයේදී පවතින අවශ්‍යතාවන්ට අනුකූලව යමින් සංවිධානයේ භූමිකාව පරිනාමනය කිරීමට ලංකා වාණිජ මණ්‌ඩලය ගනිමින් තිබෙන පියවර යටතේ මෙම මූලධර්ම 10 හඳුන්වා දීම සිදු කෙරේ.

මෙම මූලධර්ම සැකසීමේදී ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේ ලංකා වාණිජ මණ්‌ඩලයේ නායකත්ව කණ්‌ඩායම සහ පෞද්ගලික අංශයේ නොයෙකුත් ක්‌ෂේත්‍ර නියෝජනය කරන ප්‍රමුඛතම විධායකයන්ගෙන් සමන්විත එහි ප්‍රධාන කමිටුව විසිනි. ලංකා වාණිජ මණ්‌ඩලයේ 176 වැනි වාර්ෂික මහා සභාවේදී පනවනු ලැබූ නියමයන් යටතේ, 'ස්‌ථාවර කමිටුව ඒ' වෙනුවට පත් කළ සාමාජිකයින් නව දෙනෙකුගෙන් සමන්විත එහි නව අධ්‍යක්‌ෂ මණ්‌ඩලයේ අනුමැතිය ද මේ සඳහා ලැබුණු බව ලංකා වාණිජ මණ්‌ඩලය පවසයි.
 
  • Like
Reactions: IveyStyle