ලංගමයට ලක්ෂ 1150ක පාඩුවක්

neonz

Member
Mar 31, 2008
1,349
55
0
ලංගමයට ලක්ෂ 1150ක පාඩුවක්

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක රැලිවලට ජනතාව රැගෙන ඒම නිසා ශ්‍රී ලංගමයට රුපියල් ලක්ෂ 1150 ක පාඩුවක් සිදුව තිබෙන බවත්, මේ නිසා මෙම මුදල අය කරගැනීමට අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යවරයා කටයුතු කළ යුතු බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරයි.

ලංගම සතුව තිබූ ධාවනය කළ හැකි බස්රථ 4500 න් බස් රථ 2400කට වැඩි ප්‍රමාණයක් මැතිවරණ සමයේදී ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් බවත්, මෙලෙස යොදාගත් බස් රථ සඳහා මුදල් ගෙවා තිබේදැයි ලංගම ඩිපෝවලින් සිදුකළ සොයාබැලීමේදී ඒ වෙනුවෙන් ගෙවා තිබෙන්නේ රුපියල් ලක්ෂ 250 ක මුදලක් පමණක් බව හෙළි වී ඇති බවත් එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ශාන් විජේතුංග මහතා සඳහන් කළේය.

එහෙත් බස්රථ යොදාගැනීමෙන් ලංගමයට රුපියල් ලක්ෂ 1400 ක් අයවිය යුතු බවට හෙළි වී තිබෙන බවත්, මේ නිසා ඉතුරු මුදල් අය කරගන්නා ලෙසට අභ්‍යන්තර ප්‍රවාහන කටයුතු අමාත්‍යවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටි බවත් ඔහු පවසා සිටියේය.
 

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    1511137_709093999209386_5097302168941434427_n.jpg
     

    Similar threads