ලංගම ප්‍රයිවට් බස් ඒකාබද්ධ වේ
ලංගම සහ පුද්ගලික බස්රථ ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කිරීමේ වැඩසටහන පළාත් නවයේම ක්‍රියාත්මක කිරීමට තීරණය වී ඇතැයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා 'දිවයින ඉරිදා සංග්‍රහය'ට පැවසීය.
මේ වන විටත් මධ්‍යම, නැගෙනහිර හා බස්නාහිර පළාත් මාර්ග රැසක මෙම ඒකාබද්ධ කාලසටහනකට අනුව ලංගම හා පුද්ගලික බස් රථ ධාවනය වන බවත් එමගින් ජනතාවට වඩාත් කාර්යක්ෂම හා කඩිනම් ගමන් පහසුකම් සැලසීම අරමුණ බවත් ඒ මහතා කියා සිටියේය.
ඒකාබද්ධ කාලසටහනකට අනුව ලංගම හා පුද්ගලික බස්රථ ධාවනය කිරීමේදී ඇතැම් බස්රථ මන්දගාමී ලෙස ධාවනය කරවන බවට චෝදනා එල්ල වන බවත් නව ඒකාබද්ධ කාලසටහනකට අනුව බස්රථ ධාවනය කිරීමේදී ඇති වන එවැනි ප්‍රශ්න ඇති නොවන පරිදි මෙම වැඩසටහන ක්‍රියාවට නංවන බවද ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසීය.
මේ වන විට ලංගම බස්රථ විශාල ප්‍රමාණයක් මගී ප්‍රවාහනය සඳහා එක්කර ඇති බවත් ලංගමය තුළ සිදුවූ වංචා දූෂණ අක්‍රමිකතා අවම මට්ටමට ගෙනවිත් ඇතැයි ද ඒ මහතා තවදුරටත් කියා සිටියේය.