ලංගම සභාපති ඉල්ලා අස්වෙයි

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ලංගම සභාපති ඉල්ලා අස්වෙයි

    ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි.

    34369b433988c80b38c556516865b58d_L.jpg


    ඒ අනුව සභාපති රමාල් සිරිවර්ධන මහතා ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් එල්.පී.ජයම්පති මහතාට අද (26) පෙරවරුවේ බාරදී ඇත.

    OQChqIm2D26lfOUb2B3jj4Fm4x3mxdPhiKTJY7dONFEbnDVCzVJGRo48Kp35CNf6Z-LK


    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ඉතා ඉහළ බලපෑමක් නිසා ලංගම සභාපතිවරයා ඉල්ලා අස්වන බව ලංගම සේවකයෝ හා වෘත්තිය සමිති පවසයි.

    ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්ය ගරු අර්ජුන රණතුන්ග මහතා විසින් පත්කර එවූ 150 දෙනෙක් පමණ වූ පිරිසක් සේවයේ යෙදවීමට විරෝදය පෑම හේතුකොටගෙන රමාල් මහතා සහ අමාත්යතුමා අතර බහින්බස්වීමක් දුරදිග ගොස් ඇතැයි වාර්තාවේ.

    මේ සදහා දම්මික රණතුන්ග මහතා පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වේ.

    විශාල වශෙයන් පාඩු ලැබූ ලන්ගම යම්තාක් දුරකට නගාසිටවූයේ රමාල් සිරිවර්දන මහතායි.

    ලන්කාදීප
     
    • Like
    Reactions: skymicro

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේ ඕයි කොහොමද මාස පහෙන් ළමයි ඉපදෙන්නෙ?