ලංගම බසයක් පිටුපසින් ගමන් කළොත් වසර දහයක් තිස්‌සේ දුම් බිව්වා වගෙයි
පිළිකා රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන
පිළිකා රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන
ලංගම බස් රථ දුම් පරීක්‌ෂණයකට ලක් කරන්නේ නැහැ. දුම් දාගෙන තමයි මාර්ගයේ ධාවනය වන්නේ. මේ බස් රථයක් පිටුපසින් ගමන් කළහොත් හරියට වසර දහයක් තිස්‌සේ දුම්බිව්වා වගේ යෑයි මහරගම පිළිකා රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා පවසයි.
ගාල්ල බද්දේගම වෘත්තීය පුහුණු මධ්‍යස්‌ථානයේ පිළිකා ත්‍රස්‌තවාදය පරදවමු යන මැයෙන් පැවැති දැනුවත් කිරීමේ වැඩමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින් වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කීවේය.
මේ දුම මගින් පිටවන රසායනික ද්‍රව්‍ය පිළිකා ජනකයන්, පරිසරය විශාල වශයෙන් දූෂණය වෙනවා. දුම්කොළ හා මත්පැන් රසායනික ද්‍රව්‍ය, ආහාර වර්ග, පාරිසරික සාධක, තරබාරුකම, ඇතැම් ඖෂධ වර්ග, පිළිකා රෝග ඇතිවීමට හේතුවෙලා තියෙනවා.
තරබාරුකම ගැන සඳහන් කළහොත් අපේ රටේ සෑම කාන්තාවන් පස්‌දෙනකගෙන් එක් අයෙක් තරබාරු කාන්තාවක්. පිරිමි පස්‌දෙනකුගෙන් තුන් දෙනෙක් තරබාරු පිරිමින් මේ ගැන ගැඹුරින් සිතා බැලිය යුතුව වෙනවා.
ළමුන් දිහා බැලුවොත් හොඳට මොළේ තියෙන රෝගි දරුවෙක් තමයි හදන්නේ.
දුම්පානය හා මත්පැන් පානය පිළිකා රෝගය ඇතිවීමට බලපානවා. මුඛ පිළිකා ඇතිවීමට මෙය ප්‍රධාන වශයෙන් බලපානවා. දුම්වැටිවල පෝමලික් ආසනික් වැනි පිළිකා කාරකයන් අඩංගු වෙනවා. සක්‍රිය ලෙස දුම්පානය කරන්නන්ට වඩා පනස් ගුණයකින් විතර වටේ ඉන්න අයට මෙය බලපානවා. මේවායේ පිළිකා ජනක 4 ක් විතර ඇතුළත් වෙලා තියෙනවා. මෙය අනියම් මිනී මැරුමක් කියලත් කියන්න පුළුවන්.
සෞඛ්‍ය සම්පන්න නොවන ආහාරත් පිළිකා රෝග තත්ත්වයට හේතු වී ඇති බවද වෛද්‍යවරයා කීවේය. දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් විසින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබිණි.
Code:
http://www.divaina.com/2014/12/03/provin07.html