ලංඩන්ගමන ජනාධිපතිතුමාගේ කීර්තිය නැතිකි&#
Top Lanka News
ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජයේ මැති ඇමතිවරු පිරිසක් පසුගිය කාලයේ කරපු ලොකුම කාර්‍යය උතුරට වසන්තය උදාකිරිමයි. රාජ්‍ය භාණ්ඩගාරයේ මුදල් වැඩිම ප‍්‍රමාණයක් වැයකළේ මේ වෙනුවෙනි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්කළ සිංහල ගම්වල මිනිස්සු ආහාර හිඟයෙන්, විදුලිය නැතිව, ගමට පාරක් නැතිව අනේක දුක් විදිද්දී ඔවුන් ගැන කිසිම සැලකීමක් නැතිව උතුර ගොඩනැගීමට වෙහෙසුනාට තමිල්නාඩුව සහ දෙමළ ඩයස් පෝරාව සතුටට පත් කිරිමට නොහැකි බව තවදුරටත් ඔප්පු කළ යුතුද? ඊළම හැර වෙනත් කිසිම විසදුමකින් විජාතික බලවේගය සතුටට පත්නොවේ. මෙය පැහැදිලි කරන හොදම නිදසුන බිතාන්‍යයට ගොහින් සිටින ජනාධිපතිවරයාට දෙමළ ඩයස් පෝරාව දක්වන විරෝධයයි. අපට වැටහෙන ලෙසට ජනාධිපතිතුමාගේ ලංඩන් සංචාරය පසුපස දෙමළ ඩයස් පෝරාව ක‍්‍රියාත්මක වුයේය. ජනාධිපතිතුමාව ලංඩනයට ගෙන්වා මෙවැනි උද්ඝෝෂණයක් කර ජාත්‍යන්තරයේ අවධානය තමන් වෙත ලබාගැනිමේ උවමනාව මත මේ සියලූම කටයුතු සිදුවුනි. ලංකාවේ තානාපති කාර්‍යාලවල නිලධාරීන්ට මෙලෝ හසරක් නැත. මහින්ද රාජපක්ෂ විරෝධි බලවේගය මොනතරම් ලස්සනට මොනතරම් සුක්ෂම ලෙස ක‍්‍රියාත්මක වෙනවාද ඥානවන්තයින් ට හොදහැටි වැටහේ. සිංහල ජනයා රැවැට්ටීමට ඇතැම් ජනමාධ්‍යකරුවෝ ලංඩනයේ සිදුවන දේ හංගති.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලංඩනයට ගෙන්වීමේ එක අරමුණක් ජාත්‍යන්තර වශයෙන් එතුමා ලබා සිටින කීර්තිනාමය නැතිකර දැමීමයි. දේශිය ජනතාවට එය දැන්වීමට නොයෙකුත් ප‍්‍රචාරක වැඩ සිදුවේ.
ඇල්ටීටීඊය යුද්ධයෙන් පරාජය වු නමුත් රට බෙදීමේ සටන අවසන් වි නැත. රට බෙදීමට වෙහෙසෙන විජාතික බලවේගය දේශීය පිරිස් ද ඊට හවුල් කරගෙන් ජනාධිපතිවරයා දුර්වල කිරීමේ මහා වැඩපිළිවෙලක් දියත්කර ඇත. පසුගියදා ඉන්දියාවේ විදේශ ඇමති ක‍්‍රිෂ්ණා ලංකාවට ආයේ දෙමළ ප‍්‍රශ්නය පිළිබද ඉන්දියාවේ ස්ථාවරය ප‍්‍රකාශ කර ඊට ජනාධිපතිතුමාගේ අනුමැතිය ලබාගැනිමේ අරමුණනි. 13වන සංශෝධනය ක‍්‍රියාත්මක කර බලය බෙදා දිය යුතු බවත්, උතුරු සහ නැගෙනහිර දෙමළ ජනතාවට සිය ප‍්‍රදේශවල පාලනය හිමිකර දිය යුතු බවත් ඔහු කෙලින්ම පැවසුවේය. උතුරේ දෙමළ ජනයා සඳහා වෙනම තානාපති කාර්යාලයක් පිහිටුවීමට වැඩ කළේය. මේ ගැන කිසිවක් ජනතාවට නොදැන්වු ඇතැම් ජනමාධ්‍යයෝ ජනමාධ්‍යයෝ ක‍්‍රිෂ්ණා දෙමළ ජාතික සංවිධානය සමග කතා නොකර ආපසු ගියේ යයි සදහන් කළේ සිංහල ජනතාවට ගොනාට ඇන්දවිමේ පරමාර්ථයෙනි.
ක‍්‍රිෂ්ණාගේ වැඩ පිළිවෙල ගෙඩිය පිටින්ම අනුමත කරන ඇමතිවරු පිරිසක්ම ආණ්ඩුව තුළ සිටිති. ආතාවුද සෙනවිරත්න තිස්ස විතාරණ රාවුෆ් හකීම් වැන්නෝ රට බෙදීමට ප‍්‍රසිද්ධියේම කැමත්ත දක්වති. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උතුරට මේතරම් සේවා කර තියෙද්දීත් දෙමළ ඩයස්පෝරාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එරෙහිව නැගී සිටින හැටි මොවුන් නොදැක්කා සේ ඉදිරියටත් කටයුතු කරනු ඇත.
ජාති හිතෛශී ජාතික ව්‍යාපාරයේ සභාපති ගුණදාස අමරසේකර මහතා ඊයේ මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් මේ පිළිබදව පැහැදිලි කිරිමක් කරතිබේ. මහජනයා දුක්විඳ ගොඩනගාගත් රජය විනාශ කිරිමට ජාතික හා විජාතික බලවේග කටයුතු කරන හැටි පැහැදිලි කරන අමරසේකර මහතා රංජිත් මැල්කම් කාදිනල්තුමා සහ චිකේරා බිෂොප් තුමා කරපු ප‍්‍රකාශ විජාතික බලවේගවල හඩ පිටකරන ජාතිද්‍රෝහී ප‍්‍රකාශ ලෙසින්ද හදුන්වා තිබුණි.
මේ අවස්ථාවේ ජාතික බලවේගය කළයුතු කාර්්‍යය වන්නේ යථාර්ථය වටහාගෙන ජනාධිපතිවරයා ප‍්‍රතිගාමී කදවුරෙන් නිදහස්කර ගැනීමයි. මිත‍්‍රයින් ලෙසින් එතුමාගේ ඔඩෙක්කුවට පැනගෙන සිටින සර්පයින්ගෙන් එතුමා ගලවා නොගත්තොත් යුද්ධයෙන් ලබාගත් ජය වතුරේ යාමට පුලුවන. ජනාධිපතිවරයාට මෙන්ම රටට දැයට ආදරය කරන සියලූම ජනයාගේ යුතුකම එයයි.
රමණි - ලංඩනය