විදුලි ගාස්තු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව 2024 වසරේ හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ අනුව හදිසි විදුලි ගාස්තු වැඩිකිරීමක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුට පසුගිය 24දා දැනුම් දී ඇති බව අනිද්දා පුවත්පත වාර්තා කරයි. අදාළ ලිපිය විදුලිබල ඇමතිවරයාට, විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ද දැනුම් දී තිබේ.
මෙම ගාස්තු වැඩි කිරීමට හේතුව වන්නේ ලංවිම පාඩුය. 2024දී මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සම්පාදනය කරන ලද මාර්ගෝපදේශ අනුව ලාභය හෝ පාඩුව රු. බිලියන 15 ඉක්මවූ විට ලංවිමට 10%ක ගාස්තු සංශෝධනයක් සිදුකළ හැකිය.
ලංවිම මීළඟ ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වීමට නියමිත 2025 ජුලි මාසයේ සිටය. ඊට පෙර මෙම හදිසි ගාස්තු සංශෝධනය සිදුවීමට ඉඩ තිබේ.
- https://www.dailyreporter.lk/lanka-hot-news/ලංවිම-විදුලි-ගාස්තු-10කින්/