අද (නොවැ. 25) දහවල් සිට ක්‍රියාත්මක වන පරිදි අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඒ හේතුවෙන්, විදුලි බිඳ වැටීම් සිදු විය හැකි බව ද එම සංගමය පවසන අතර කෙසේ වෙතත්, හදිසි විදුලි බිඳ වැටීම්වලදී රාජකාරී කටයුතුවලට යොමු වන බව ද ඔවුහු සඳහන් කළහ.
ශ්‍රී ලංකා රජය සහ අමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගම අතර යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් ඉකුත් දා ඇති කර ගත් ''අවිධිමත් සහ නීත්‍යානුකුල නොවන ගනුදෙනුව ක්‍රියාත්මක කිරීම'' ඇතුළු කරුණු 6ක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන ඇත.
Source: nethgossip.lk
Last edited:
