කුරුලු කූඩුවක් තුළ සඟවා තිබූ රුපියල් ලක්ෂ 75 කට අසන්න වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමග ත්‍රිරෝද රථ රියැදුරකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. එම සැකකරු සමග මත්කුඩු ග්‍රෑම් 442 මිලිග්‍රෑම් 225 ක් පොලිස් බාරයට ගෙන ඇත.
යුක්තිය මෙහෙයුමේ යෙදී සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ උපපොලිස් පරීක්ෂක බණ්ඩාර මහතාට බස්නාහිර පළාත් බුද්ධි මූලස්ථානයේ නිලධාරීන් විසින් පුද්ගලයකු සම්බන්ධයෙන් ලබාදෙන ලද තොරතුරකට අනුව කොළඹ 14 මාදම්පිටිය පාරේ නිවසකදී මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මත්ද්‍රව්‍ය සඟවා ඇති ස්ථානයක් සම්බන්ධයෙන් අනාවරණය කරන ලද තොරතුරු අනුව ඔහුගේ මග පෙන්වීම මත වත්තල,
හුනුපිටිය සංඝරාජ මාවතේ ඉදි කරමින් පවතින නිවසක් පිටුපස තිබූ කුරුල්ලන් නොසිටින කුරුලු කූඩුවක සඟවා ඇති බවට අනාවරණය කළ බව පොලිසිය කීය.
ඒ අනුව පොලිස් නිලධාරීන් සැකකරු සමග එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එම කුරුලු කූඩුව ඉබ්බකු යොදා වසා දමා තිබී ඇති අතර සැකකරු සන්තකයේ තිබූ යතුරක් ලබාදීමෙන් පසු එම කුරුලු කූඩුවේ දොර විවෘත කර පරීක්ෂා කිරීමේදී සෙලෝටේප් වලින් ඔතන ලද සිලින්ඩරයක් වැනි යමක් හමුවී ඇති අතර එය පරීක්ෂා කිරීමේදී විනිවිද පෙනෙන සුදු පැහැති ප්ලාස්ටික් බෝතලයක මෙම මත්කුඩු තොගය බහා තිබී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කීය.46 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබාගෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මහා මොළකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීම සඳහා දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
source: https://www.gossiplankanews.com/2024/06/bird-nest-drugs-nabbed.html
kuddo kudu hangana aluthma thana..
hoda welawata kurullo hitiye natte.. nattan un kudu gahalama thamai marenne..
