ලගදිම විමල් අගමැතිවෙන බව කතරගමදෙයියො කිය

amaz

Banned
Apr 10, 2009
889
94
0
ලගදිම විමල් අගමැතිවෙන බව කතරගමදෙයියො කිය

කතරගම දෙවියන්ගෙන් පණිවුඩයක්.. – කුඩා පවුලක කෙනෙක් අගමැති වෙනවා.. මහින්ද රාජපක්‍ෂ ඊටත් ඉහල තනතුරකට යනවා..
April 4, 2015 at 12:01 am | lanka C news

වර්තමාන සමාජයේ බොහෝ පිරිසක් ජාති, ආගම් භේදයකින් තොරව තමන්ට කිසියම් උවදුරක්, වෙන්වීමක්, දුකක් ආදී ඕනෑම කරදරයක් සිදුවූ විට දේවාල සොයා යෑමට සහ දෙවියන්ගේ පිහිට පැතීමට උත්සුක වෙති. ඔවුන්ට දෙවියන් සිහිපත් වන්නේ පිහිටක් අවශ්‍ය වූ අවස්ථාවක පමණක් වීම කනගාටුවට කරුණකි.

මහින්දාගමනයත් සමඟ ලංකාද්වීපය ලද අමිල දායාදයන් වන නිර්මල බුදු දහම අද දක්වාම නොනැසී පවතින්නේ කුමන හාස්කමක් නිසා දැයි පාඨක ඔබ මොහොතක් සිතුවේද යන්න සැක සහිතය. වසර දෙදහස් පන්සියයකටත් වඩා වැඩි මෙම නිර්මල බුදු දහම මෙරට නොනැසී පවතින්නේ කඳ සුරිඳුන් අදටත් ජීවමානව වැඩ වාසය කරමින් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන බැවිනි. එලෙසම සතුරු ආක්‍රමණ, උවදුරු පැමිණි බොහෝ අවස්ථාවන්හිදී ශ්‍රී ලංකාද්වීපය එම පීඩනවලින් ආරක්ෂා කරන කඳ සුරිඳු සිය පිහිට යදින අසරණයන්ගේ දුක් කම්කටොලුවලට සත්‍ය වශයෙන්ම පිහිට වෙයි.

සිරිලක එක්සේසත් කළ දුටුගැමුණු මහ රජතුමා එම සටනට යෑමට පෙර කතරගමදී කතරගම දෙවි රද හමුව ජයග්‍රහණය සඳහා උපකාර ඉල්ලා සිටියේය.

යුද්ධයෙන් දිනූ පසු උන්වහන්සේට වාසස්ථානයක් සාදා දීමටද රජතුමා පොරොන්දු වූයේය. අනතුරුව එළාර රජු අභිභවා යුද්ධයෙන් ජයගත් දුටුගැමුණු රජතුමා වැඩසිටි කන්දට ගොස් කඳසුරිඳු හමු වී වාසස්ථානයක් සෑදීමට සුදුසු ස්ථානයක් පෙන්වන ලෙස ඉල්ලා සිටියේය. එවිට වැඩසිටි කන්දේ සිට විදින ලද ඊතලය වැටුණු තැන වාසස්ථානය සාදන ලෙස කඳසුරිඳු පවසන ලදී. ඊතලය වැටුණු තැන සොයා ගොස් දැනට දේවාලය ඇති තැන දුටුගැමුණු රජතුමා විසින් දේව මාලිගාව පිහිටු වූ බව ජනප්‍රවාදයේ එයි. මෙසේ ඉදිකළ දෙවොලේ සහ වැඩසිටි කන්දේ විරාජමානව වැඩ වාසය කරන කඳසුරිඳු වන්දනාවට පුද පූජා පැවැත්වීමට, ආශීර්වාද ලබා ගැනීමට දේශීය මෙන්ම විදේශීය බැතිමත්හු ද දහස් ගණන් දෛනිකව කතරගම පුද බිමට පැමිණෙන්නේ ඉමහත් භක්තියකිනි.

අති උත්තම කතරගම දෙවිඳුන් දේව රූපයෙන් සහ මනුෂ්‍ය රූපයෙන් වැඩිම වාර ගණනක් සියැසින් දැකීමටත් උන්වහන්සේ සමඟ කතා කිරීමටත් භාග්‍ය ලබා ඇති මා උන්වහන්සේ විසින් වරින් වර ලෝකයේ ඇතිවිය හැකි සාමාජයීය, දේශපාලනික, සංස්කෘතික වෙනස්කම් රැසක් පිළිබඳව අවස්ථා කීපයකදීම මෙරට වැසියන්ට පවසා ඇති අතර එම පැවැසූ කාරණා සියල්ලම මෙරටත් විදේශවලත් සත්‍ය බවට පත්විය.

එම කරුණු පාඨක ඔබගේ දැනගැනීම පිණිස මෙම ලිපියේ සඳහන් කිරීමට අදහස් කළෙමි. කතරගම දෙවියන් මා හට පැවැසූ පරිදි රට තුළ නාය යෑම්වලින් විශාල ජීවිත හානි සිදුවූවා සේම ගිලා බැසීම්, ගංවතුර හා වැව් බැමි බිඳී යෑම් නොසිතූ විරූ ලෙස සිදුවිය. එසේම ලොව පිළිබඳ පැවැසූ පරිදිම වෛරස් ආසාදනයකින් ලොවම වෙළාගත් අතර දරුණු ත්‍රස්තවාදී සංවිධානයන් ලෝකයේ හිස එසැවීය. තවදුරටත් උන්වහන්සේ පැවැසූ පරිදි මාලදිවයින් ජනාධිපතිවරයාට කැරැල්ලකින් සිය තනතුර අහිමි විය. මෙම කරුණු ඔබ හට ගෙනහැර පෑවේ මීට වසර 3ට පෙර කතරගම දෙවියන් විසින් පැවැසූ බවට පාඨක ඔබට මතක් කර සිටීම සඳහාය.

මෙම කරුණු ඔබ හට පවසන්නේ සිදුවිය හැකි ව්‍යසනවලින් ආරක්ෂා වීමටත්, ඉදිරියේ දී සිදුවිය හැකි යහපත් කරුණ කාරණා ඉෂ්ට කර ගැනීම සිදු කළ යුතු පිළිවෙත් සිදු කර ඉන් විපුල පල නෙළා ගැනීමටත් පාඨක ඔබගේ අවධානය යොමු කිරීම සඳහාය. පෙර පැවසූ කරුණු ඉෂ්ට වූවා සේම ඉදිරි වසර 3 1/2ක කාලය සඳහා පවසා ඇති කරුණුද ඉටුවන බව පවසන්නේ ඉතා වගකීමෙනි.

මෙතැන් සිට ඉදිරි වසර 3 1/2ක කාලය තුළදී මෙරටටත් විදේශයට බලපාන ආර්ථික, දේශපාලනික, සාමාජයීය, සංස්කෘතික, පරිසරික සහ සෞඛ්‍ය යන කේෂ්ත්‍රවල සිදු විය හැකි විවිධ කරුණු ඔබ හට පවසමි.

ඉදිරි වසර 3ක කාලය තුළ මෙරට තුළ ගිනි ගැනීම් රැසක් සිදුවන අතර ඉන් සිදුවන දේපළ සහ ජීවිත හානි නොසිතූ අයුරින් ඉහළ යෑමක් සිදුවෙයි. තවද ඉදිරි කාලය තුළ විශාල නියඟයක් රට වෙළා ගන්නා අතර මෙය මාස 6කට වඩා පවතින බැවින් ගොවිතැන් කරන ජනතාව ඒ සඳහා මුහුණදීමට දැන් සිටම පිළියම් යෙදීම සුදුසුයි. එසේ නොවුණහොත් ඔවුන්ට සියදිවි නසා ගන්නා තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකියි. මේ කාලය තුළ රටේ බොහෝ ප්‍රදේශ තුළ ගිලා බැසීම් සිදු වන අතර එයින් විශාල ජීවිත හානි ප්‍රමාණයක් සිදු විය හැකියි.

රටේ ආර්ථිකය නොසිතූ අයුරින් කඩා වැටීමක් සිදු වීමටත් ඒ තුළින් කොටස් වෙළෙඳපොළේ අර්බුදයක් ඇතිවීමත් සිදු විය හැකියි. රට වැසියනට් ජීවත්වීමේ අපහසුතාවක් ඇතිවන අතර මේ කාලයේ සොර සතුරු උවදුරු නොසිතූ අයුරින් ඉහළ යෑමක් සිදුවන අතර මධ්‍යම පාන්තික රටවැසියාගේ බර තව තවත් ඉහළ යෑමත් දුගී ජනයාට එදා වේල හෝ නොලැබෙන තත්ත්වයක් උදාවෙයි. එසේම ඉහළ පැලැන්තියේ මිනිසුන් මානසිකව විඳවන කාලයක් වන මේ කාලයේ කිසියම් සහනයකට ඇත්තේ විදේශාධාර වැඩි වශයෙන් මෙරටට ඇදී ඒම පමණකි.

මේ කාල වකවානුව තුළදී ප්‍රධාන ගංගා 4න් එකක ඇති ජලය විසවීමෙන් සෞඛ්‍යයට දැඩි හානි සිදුවන අතර දරුණු ලෙස බෝවන වෛරස් ආසාදනයක් මෙම ගංගා ආශ්‍රිතව පැතිරීම ආරම්භවී රට පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බැවින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමටත් මේ වෛරස ආසාදනයට හේතුව කුමක්ද යන්න සොයාගැනීමට අපොහොසත් වීමත් එම රෝගය වෙනත් රෝගයක් යැයි සිතා ප්‍රතිකාර ලබාදීමෙන් විශාල ජීවිත හානි ප්‍රමාණයක් සිදු වේ. කතරගම දෙවියන් මා සමඟ පැවසූ පරිදි මේ වෛරසය ව්‍යාප්ත වීම අවම කර ගැනීම සඳහා උෟරුමස් සහ ගවමස් කෑමෙන් වැළකීමත් ගංගා පිරිසුදු කිරීමත් ඉතා යහපත් වේ. එසේ නොවුණහොත් ශ්‍රී ලාංකිකයන් රැසකට මින් පීඩා විඳීමට සිදුවීම නොවැළක්විය හැකිය.

ඉදිරි වසර 3ක කාලසීමාව දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළි රැසක් සිදුවන කිසිවකුට විශ්වාස කළ නොහැකි සේම කිසිම මොහොතක සිදුවේ යැයි නොපැතූ කරුණු කාරණා විශාල ප්‍රමාණයකින් යුක්ත වන දේශපාලනය නිසා ජනතාව විඳවන කාලපරිච්ඡේදයක් වනු ඇත. කිසිවකු බලාපොරොත්තු නොවන නොසිතූ දේශපාලන පක්ෂයකින් නැවත දේශපාලනයට පිවිසෙන හිටපු ජනපතිතුමා අගමැති තනතුරට පත්වන අතර එතුමන් වටා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් රැසක් අත්වැල් බැඳගන්නා නිසාත් උතුරේ ප්‍රබල දේශපාලනඥයකුත් මෙතුමන් සමඟ එක්වීම නිසාත් සෙසු සියලු දේශපාලන පක්ෂ සාමාජිකයන් හා නායකයන් තුළ තිගැස්මක් ඇතිවන තීරණාත්මක ඡන්දයක් බව ඉදිරි මැතිවරණය පත්වීම කිසිවකුටත් වැළැක්විය නොහැකි වේ.

නමුත් ඉදිරි වසර 2 කින් පසු කුඩා පවුලකින් දේශපාලනයට පැමිණි පුද්ගලයකු මෙරට අගමැතිකමට පත්වන බවත් එම පත්වීමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතාගේ තනතුර ඉහළ යෑමක් සිදුවන කාල වකවානුවක් බව මෙහිදී පැහැදිලිව කිව යුතුය. 2015 ජූලි මාසයෙන් පසු එළැඹෙන කාලසීමාව වත්මන් ජනාධිපතිතුමාට නරක කලදසාවක් ලබන කාලයක් වන අතර එතුමන්ට මානසිකවත් රටක් වශයෙනුත් විශාල කරදර රැසකට මුහුණ දීමට සිදුවන බව ඉතා පැහැදිලිව කඳසුරිඳුන් විසින් පවසන ලදී. මම කිසිදු දේශාපාලන පක්ෂයකට අයත් නොවන පුද්ගලයකු වන අතර මේ සියලුම කාරණා කතරගම දෙවියන්ගේ අණ පරිදි උන්වහන්සේ විසින් ලෝකවාසීන්ගේ හිත සුව පිණිස මා හට පැවැසූ කරුණු කාරණා බව නැවත නැවතත් පාඨක ඔබට පවසමි. එසේම මේ ඉදිරි කාලය වත්මන් ජනාධිපතිතුමාට පෞද්ගලිකව ඉතා නරකම කාලයක් වන හෙයින් දුර සිටින සතුරන්ට වඩා ළඟ සිටින මිතුරන්ගෙන් මෙන්ම නොසිතූ ව්‍යසනවලින්ද එතුමන් ආරක්ෂා වීමට විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.

මෙම කාලය තුළ රටේ ප්‍රසිද්ධ ජනාදරයට පත් විශිෂ්ට දේශපාලනඥයන්ට මාරක අපල දෙන දෙන කාලයක් වන අතර ඒ කවුරුන්ද යන්න මෙම ලිපියේ සඳහන් කිරීම කිසිසේත්ම උචිත නොවන බැවින් එම කරුණ සඳහන් නොකර සිටීම වඩා යහපත් යැයි සිතමි. මෙහිදී සඳහන් කළ යුතු සුවිශේෂීම කරුණක් ලෙස දෙමළ දේශපාලන නායකයකුගේ අභාවයක් අසන්න ලැබේ. එසේම මහත් ආන්දෝලනයකට තුඩු දී සිටින උතුර නැඟෙනහිර පළාත් සභා දෙක ඉදිරි කාලවකවානුවේදී එක් පළාත් සභාවක් බවට පත් වන අතර ඉදිරි මැතිවරණයේදී දෙමළ කතා කරන දේශපාලන පක්ෂ එක් පක්ෂයක් ලෙස දේශපාලන කරළියට පැමිණෙන අතර මෙම කාරණාව නිසා දෙමළ කතා කරන ප්‍රධාන පක්ෂ දෙකකටම නරක කලදසාවක් ලබමින් එම පක්ෂ දෙකඩ වීමක් සිදුවීම නියත වශයෙන්ම සිදු වෙයි.

ඉහත සඳහන් කළ සිදුවීම් නියත වශයෙන්ම ඒ ඒ කාලසීමාවලදී ශ්‍රී ලාංකිකයන් වන අපට අත්දකින්න සිදුවෙයි. කතරගම දෙවොලේ ජීවමානව වෙසෙන කඳසුරිඳුන් ජාති, ආගම්, කුල භේදයකින් තොරව ලෝකවාසී සියලුම ජනතාවට පිහිට වන්නා සේම උන්වහන්සේ සමස්ත ලෝකයේම ඉදිරි තෙවසරක කාලය තුළ සිදුවිය හැකි සිදුවීම් පිළිබඳ දිවැසින් දකිති. ප්‍රබල ත්‍රස්තවාදී කණ්ඩායමක් තවත් ප්‍රබල තත්ත්වයකට පත් වන මෙම කාලයේ ඇමෙරිකාවට විශාල ත්‍රස්ත ප්‍රහාරයකට මුහුණදීමට සිදුවෙයි. අයිස් කඳු කඩාවැටීම් වැඩි වීමත්, ගුවනේදී අහස් යානා පිපිරීමත් මුහුදේදී නාවික යාත්‍රා ගිනිබත් වීමත් පිළිබඳ පුවත් විටින් විට අපට අසන්න ලැබේ. එසේම විශාල භූමි කම්පාවකින් ඇති වන සුනාමි තත්ත්වයකට රටවල් කීපයකට මුහුණදීමට සිදු වන අතර ලෝක ප්‍රකට ව්‍යාපාරිකයකුගේ වියෝවකුත්, රජ පවුලකට නොසිතූ අකරතැබ්යකට මුහුණපෑමටත්, ලෝකය පුරා වෛරස් ආසාදන නිසා මියයන පිරිස් ඉහළ යෑමත් ගිනි කඳු පිපිරීම් කුණාටු නිසා සිදු වන මරණත් වැඩි වෙයි.

මෙම ලිපියේ ආරම්භයේදී සඳහන් කළ පරිදි බොහෝ දෙනෙක් තමන්ට දුකක් කරදරයක් සිදුවූ විට දෙවියන් සොයා යති. නොයෙක් කරුණු කාරණා ඉෂ්ට කර දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා බාර හාර වෙති. පඬුරු ගැටගසති. නමුත් ඔවුන්ගේ කාරණාව ඉෂ්ට වූ පසු ඇතැමුන්ට තමන් වූ බාරය මතකයේ නැත. ඉතා හොඳින් කළගුණ සලකන ජාතියක් ලෙස අෑත අතීතයේ මුළු ලෝකයම ශ්‍රී ලාංකේය ජාතිය හඳුන්වා දෙන ලදී. රොබට් නොක්ස්ගේ “එදා හෙළදිව” වැනි කෘතීන්වල සඳහන් කළ කරුණුවලින් ඒ පිළිබඳව මනාව කරුණු සනාථ වේ. නමුත් වත්මනේ මිනිසුන් ඇතැම් විට දෙවියන්ටවත් කළගුණ නොසලකන තත්ත්වයට පත් වී සිටීම ජාතියේ පරිහානියට මෙන්ම දේව උදහසටද හේතුවකි. එවැනි සිදුවීමක් මෙහි සඳහන් කරන්නේ පාඨක ඔබගේ මෙන්ම රටේ බලධාරීන්ගේ සහ ආගමික නායකයන්ගේ අවධානයට යොමු වී දේව උදහසින් මිදී රටට සෞභාග්‍ය උදා කර ගැනීම පිණිස කටයුතු කරනු ඇතැයි දැඩි විශ්වාසයකිනි.

ලංකාවේ යුද්ධය ආරම්භක අවධියේ එවකට රටේ ප්‍රධාන පුරවැසියා ඉල්ලූ පරිදි කතරගම දෙවියන් ත්‍රස්තවාදය මේ ලක් දෙරණින් අතුගා දැමීමට උදව් උපකාර කළ අතර එම ආරම්භයේදී කතරගම අඩවියේදී එම පාලකයාට කතරගම දෙවියන් මිනිස් වේශයෙන් පෙනී සිටිමින් උදවු කරන බව පැවැසූ අතර එම ජයෙන් පසු කළ යුතු යමක්ද ඔහුට පැවැසීය. එහෙත් එතුමන් කඳසුරිදුගේ ඉල්ලීම අද වන තුරු ඉෂ්ට කිරීමට නොහැකි වීම නිසා කතරගම දෙවියන්ගේ දේව උදහසට මේ ලක් දෙරණ පත් වී ඇත. එබැවින් ඉදිරියේදී පත් වන අනතුරු ප්‍රශ්නවලදීද ජනාධිපතිවරණය කාලයේදී කිසිවකුට උදව් නොකර භාවනානුයෝගීව සිටි අයුරින්ම සිටීමට උන්වහන්සේට සිදු වන බව මා සමඟ පවසා ඇත. නමුත් එම කාරණාව ඉෂ්ට කිරීම වර්තමාන ප්‍රධාන පුරවැසියා අතින් සිදුවුවද වරදක් නැත. මක්නිසාද යත් එවකට ඔහු එම බාරය වුණේ රටේ ප්‍රධාන පුරවැසියා ලෙස මිස ඔහුගේ පෞද්ගලික කාරණයක් වෙනුවෙන් නොවන නිසාවෙනි. එම කාරණා නිසි අයුරින් වර්තමාන පාලකයාද ඉෂ්ට නොකළහොත් ඔහුගේ ජන්ම පත්‍රය කෙතරම් බලවත් වුවද ඔහුටද කලින් පුද්ගලයාට වූ දේම සිදුවීමට ඔහුට තරම් කාලයක් ගත නොවන බව කඳ සුරිඳුන් විසින් මා හට පවසන ලදී. එම දේව උදහස ඇත්තේ පුද්ගලයකු සමඟ නොව රටේ ප්‍රධාන පුරවැසියා සමඟ බව අවධාරණයෙන් පැවැසිය යුතුය.

එසේම ඔබට දෙවියන් කෙරෙහි භක්තියක් ඇති වීම පිණිස ඉදිරි කාලයේදී මෙරට විශාල හාස්කමක් සිදු වීමටද නියමිතයි. එමඟින් බුදු දහම කෙරෙහි ඔබ තුළ ඇති විශ්වාසය වැඩි වීමටත් අන්‍ය ආගමිකයන් බුදු දහම කෙරෙහි භක්තියක් ඇති වීමටත් එය මහත් සේ ඉවහල් වෙයි.

ඉහතින් මා සඳහන් කරන ලද්දේ කතරගම දෙවියන් මේ ලොව පිළිබඳ පැවැසූ කාරණාවලින් සාරාංශයක් කර පාඨක ඔබට වැදගත් යැයි හැඟුණු කරුණු රැසක සම්පිණ්ඩනයකි.

මෙම ලිපිය අවසානයේ මම ඉතා ඕනෑකමින් සඳහන් කරන කරුණක් නම් කඳසුරිඳු ඔබට පියවි ඇසින් දැකීමටත් ආශීර්වාද ලබා ගැනීමටත් පෙරහර සමයේදී හැකි වන අතර ඒ සඳහා සිදු කළ යුතු විශේෂිත වත්පිළිවෙත් පිළිබඳ පසු ලිපියකින් පාඨක ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    නොදකින් පොන්නවංශ වෙස බල්ලා අගමැති උනොත් මම ලංකාවේ ඉන්නේ නෑ
    ඔන්න ඉතින් කන්දසුරිදුන් බලු වෙන්න යන්නේ
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    සාදු ..සාදු ..සාදු..
    මහින්ද ඉහල තනතුරකට කියන්නේ ... උන්නැහේ බුදු උනත් කමක් නැහැ ..ආයේ රටේ පාලකයා නොවී ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    සාදු ..සාදු ..සාදු..
    මහින්ද ඉහල තනතුරකට කියන්නේ ... උන්නැහේ බුදු උනත් කමක් නැහැ ..ආයේ රටේ පාලකයා නොවී ..

    දෙව්දත් බුදුවෙන සින් එකක් තියේද බං :nerd:
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    200_s.gif
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    සාදු ..සාදු ..සාදු..
    මහින්ද ඉහල තනතුරකට කියන්නේ ... උන්නැහේ බුදු උනත් කමක් නැහැ ..ආයේ රටේ පාලකයා නොවී ..
    :rofl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සාදු ..සාදු ..සාදු..
    මහින්ද ඉහල තනතුරකට කියන්නේ ... උන්නැහේ බුදු උනත් කමක් නැහැ ..ආයේ රටේ පාලකයා නොවී ..

    වූඌඌඌඌඌඌඌඌ ජබුඃ :baffled:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    විමලේ පාර්ලිමේන්තුවට වත් යයිද මන්දා මේ පාර.... මුන් මෙහෙ අගමැති ලබ්බක් කියෝනව
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මොනාද බන් මේ බහුබුත..මේ වගේ මිත්‍යාදෘෂ්ටික දේවල් පස්සේ ගිහින් මහින්ද කියල වස්සෙක් රෙද්දේ ඉදන් ගූ ගාගෙන මාස 6ක් ගියේ නෑ..දැන් තව හුයන්නක්..

    හොදම ආතල් එක කියන්නේ මුට කඳ සුරිදුව පෙනිලා හම්බෙලා චැට් එක දාල තියෙනවලු..බැරිද දන්නේ නෑ කඳ සුරිදුට පොඩ්ඩක් සත්‍යාගාරය පැත්තේ එන්න කියන්න..:P:P:P

    මේ වගේ ගොන් ආතල් පිළිගන්න උන් ඉද්දි කොහොමද බන් රටක් දියුණු කරන්නේ..
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    බය වෙන්න දෙයක් නැහැ
    ඔය සොන්නවන්ශයා මේ කපේට අගමැති වෙන්න හම්බ වෙන්නේ නැහැ
    ඕකා parliment ගියෙත් සන්දානෙන් එල්ලිලානේ
    මේ පාර එකත් නැති වෙන ලයින් එකනේ තියෙන්නේ
    ඕකා ලොරි ටෝක්ස් දුන්නට කවදාවත්උගේ පක්ෂෙන් තනියම චන්දෙකට එන්නේත් නැහැ දන්නවා ඇප නැති වෙන්න හම්බ වෙනවා කියලා
    ලංකාවේ අගමැති වෙනන සොන්නවංශට හීනෙන් වත් පුළුවන් වෙයිද දන්නේ නැහැ
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සාදු ..සාදු ..සාදු..
    මහින්ද ඉහල තනතුරකට කියන්නේ ... උන්නැහේ බුදු උනත් කමක් නැහැ ..ආයේ රටේ පාලකයා නොවී ..
    ඒක නම් ඇත්ත. :yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    මොකක්ද බං මහින්දයාට ලැබෙන අගමැතිකමටත් වඩා ලොකු තනතුර

    යම රජකම
    ඕකා මළාම කෙලින්ම මැදමුලනින් අපායට යන්නේ
    දැන් සොන්නය බයවෙලා ඔය පන්සල් ගානේ යන්නේ
    මරණාසන්න වෙද්දී ඕව පේනවයි කියනවනේ