ලතින් ඇමෙරිකානු පිරමීඩ

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලතින් ඇමෙරිකානු පිරමීඩ

    ‘පිරමීඩ’යැ යි පැවසූ සැණින් නිතැතින් ම අපේ සිහියට නැගෙන්නේ ඊජිප්තුව වුවත්, ලෝකයේ අනෙක් රාජ්‍යයන් සතු පිරමීඩ සියල්ලේම එකතුවට වඩා ලතින් ඇමෙරිකාව සතු පිරමීඩ සංඛ්‍යාව ගණනින් වැඩි බව ඔබ දැන සිටියා ද? ඔල්මෙක්, මායා, ඇස්ටෙක් සහ ඉන්කා වැනි ලතින් ඇමෙරිකානු ශිෂ්ටාචාරයන් බොහෝමයක් ඔවුන්ගේ මියගිය රජවරුන් වෙනුවෙන් පමණක් නොව දෙවිවරුන්ට වාසය කිරීම සඳහා ද පිරමීඩ ගොඩනගා තිබෙන අතර, ඔවුන්ගේ ජන ජීවිතය කේන්ද්‍රගත වී තිබුණේ දේවස්ථාන ලෙස වැඳුම් පිදුම් කරන ලද පිරමීඩ වටා යි. ලතින් ඇමෙරිකාවේ දී දැකගැනීමට ලැබෙන ජනප්‍රිය ම පිරමීඩ ලෙස මධ්‍යම මෙක්සිකෝවේ පිහිටා ඇති ටියෝටුවාකන්හි සූර්ය පිරමීඩය සහ චන්ද්‍ර පිරමීඩය, යුකටාන් අර්ධද්වීපයේ චිචෙන් ඉට්සාහි පිහිටා ඇති එල් කැස්ටිලෝ පිරමීඩය, ටෙනික්ටයිට්ලෑන් නම් ඇස්ටෙක් අගනුවර පිහිටා ඇති මහා පිරමීඩය, චොලූලාහි පිරමීඩය සහ පේරු රාජ්‍යයේ කුස්කෝ නුවර පිහිටා ඇති ඉන්කාවරුන්ගේ මහා දෙවොල සැලකෙනවා.
    STzAC5WSlP834TuA_Picture-1.jpg

    © Adrian Whittleලතින් ඇමෙරිකානු පිරමීඩ ගොඩනගන්නන්ගේ පිබිදීම

    ක්‍රි. පූ. 1,000 දී පමණ පිරමීඩ ගොඩනැගීම අරඹන ලද මෙසෝ ඇමෙරිකානුවන් (ස්පාඤ්ඤ ආක්‍රමණයන්ට පෙර මෙක්සිකෝවේ සහ මධ්‍යම ඇමෙරිකාවේ වාසය කළ ස්වදේශිකයන්) 16 වැනි සියවසේ මුල්කාලයේ දී ස්පාඤ්ඤ ජාතිකයන්ගේ ආක්‍රමණයන්ට ලක් වන තුරුම පිරමීඩ ගොඩනැංවීමේ යෙදී සිටි බව යි පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් හෙළිදරව් වී ඇත්තේ. මෙසේ ගොඩනගන ලද පිරමීඩ අතරින් දැනට හඳුනාගෙන ඇති පැරණිම පිරමීඩය පිහිටා ඇත්තේ මෙක්සිකෝවේ ටැබැස්කෝ ප්‍රාන්තයේ ලා වෙන්ටා ප්‍රදේශයෙන්. ඔල්මෙක්වරුන් විසින් ගොඩනගා ඇති එය අයත් වන්නේ ක්‍රි. පූ. 1,000 - 400 අතර කාලයට යි.
    wzLxxntSsA5yKPNh_Picture-2.jpg

    (© Kenneth Garrett) ඔල්මෙක්වරුන් විසින් ගොඩනගන ලද ලා වෙන්ටාහි පිරමීඩයබොහෝ විට මෙසෝ ඇමෙරිකානුවන් එක්වරක් ගොඩනගන ලද පිරමීඩයක පවතින සැකිල්ල රාජ්‍ය අනුග්‍රහය ඇතිව නැවත නැවතත් අලුතෙන් ගොඩනැංවීමේ යෙදී ඇති අතර, ඔවුන්ගේ විශ්වාස වී ඇත්තේ රජු සහ දෙවියන් අතර පවතින සබඳතාවය ශක්තිමත් කිරීම සඳහා එය අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් බව යි. මුල්කාලයේ දී පුරාවිද්‍යාඥයින්ගේ විශ්වාසය වුණේ කොළොම්බියානු යුගයට පෙර ගොඩනංවන ලද සියලුම පිරමීඩ ද‍ෙවිවරුන්ගේ වාසස්ථාන ලෙස නිර්මාණය කර ඇති බව වුවත්, රජවරුන්ගේ සොහොන් කොත් ලෙස ගොඩනගන ලද පිරමීඩ ද ඒ අතර ඇති බව මෑතක දී සිදුකරන ලද කැනීම් කටයුතු මගින් අනාවරණය වී තිබෙනවා. එසේම ඇතැම් පිරමීඩ හමුදා මුරපොළවල් ලෙස භාවිතා කර ඇති බවට සාක්ෂි පවතිනවා.
    ඇස්ටෙක්වරුන්ගේ සූර්ය සහ චන්ද්‍ර පිරමීඩ

    173kN4W3N2iM10r3_Picture-3.jpg

    (© Mario Roberto Durán Ortiz) ටියෝටුවාකන්හි සූර්ය පිරමීඩයලතින් ඇමෙරිකාව සතු ජනප්‍රියම තනි පිරමීඩයක් වන සූර්ය පිරමීඩය පිහිටා ඇත්තේ මෙක්සිකෝවේ ටියෝටුවාකන් නුවර යි. මෙසෝ ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළේ නගරයක් වූ ටියෝටුවාකන් නුවර, 5 - 6 වැනි සියවස අතර කාලයේ දී ගණනින් 100,000 - 200,000 පමණ වූ ජන කණ්ඩායමකට සෙවණ සපයා තිබෙනවා. ඇස්ටෙක් සාම්ප්‍රදායන්ට අනුව හිරු සහ සඳු පමණක් නොව සමස්ත විශ්වයේම මූලාරම්භය සිදු වී ඇත්තේ ටියෝටුවාකන්හි දී යි. ටියෝටුවාකන්හි සූර්ය සහ චන්ද්‍ර පිරමීඩ ගොඩනංවා ඇත්තේ ක්‍රි. ව. 1 – 250 අතර කාලයේ දී වන අතර බොහෝමයක් මෙසෝ ඇමෙරිකානු පිරමීඩ මෙන්ම ඇස්ටෙක්වරුන්ගේ සූර්ය සහ චන්ද්‍ර පිරමීඩ ද්විත්වය නිර්මාණය කර ඇත්තේ ද ගල් කැබලි ගර්භයක් මැදි කරගෙන ගොඩනංවා ඇති පනා බැමි (retaining walls) ආධාරයෙන්. මෝඩ ගඩොල් උපයෝගී කර ගනිමින් නිමවා ඇති පනා බැමි පසුව හිරිගල් යොදා ආවරණය කර තිබෙනවා.
    ටියෝටුවාකන්හි සූර්ය පිරමීඩ පාදමේ එක් පාදයක් දිගින් අඩි 730ක් පමණ වන අතර ඒ මත පිහිටා ඇති මහල් පහකින් යුතු මළුව (ටෙරසය) අඩි 200ක පමණ උසකින් යුක්ත යි. 1971 දී සූර්ය පිරමීඩයට යටින් පිහිටා ඇති හැඩයෙන් සිව් පත්‍ර උඳුපියලිය කොළයක් හා සමාන කුටියක් සොයාගැනීමට පුරාවිද්‍යාඥයින් සමත් වී ඇති අතර එහි පැවති මෙවලම් මගින් පෙනී ගොස් ඇත්තේ පිරමීඩය ගොඩනැංවීමට බොහෝ කාලයකට පෙර එම කුටිය, දෙවොලක් ලෙස භාවිතා කර ඇති බව යි. සූර්ය පිරමීඩයේ කුඩා ආකෘතියක් ලෙස දිස් වන චන්ද්‍ර පිරමීඩය, ටියෝටුවාකන්හි මහා දෙවඟන වෙනුවෙන් කැප කරන ලද්දක් බව සැලකෙනවා.
    UTLzs3FisZMpIL7X_Picture-4.jpg

    (© Gorgo / Wikimedia Commons) ටියෝටුවාකන්හි චන්ද්‍ර පිරමීඩයමායාවරුන්ගේ පිරමීඩ කලාව

    මෙසෝ ඇමෙරිකාවේ වාසය කළ ප්‍රබල ජන කොට්ඨාසයක් වූ මායාවරුන්, පිරමීඩ ගොඩනගා ඇත්තේ ඔවුන්ගේ නගරයන්හි කේන්ද්‍රය සලකුණු කරමින්. ජනප්‍රිය මායා පිරමීඩයක් වන මෙක්සිකෝවේ පැලෙන්කේහි ශිලා ලිපි දෙවොල නිර්මාණය කර ඇත්තේ 7 වැනි සියවසේ වාසය කළ හනැබ්-පැකල් රජුගේ සොහොන් කොත ලෙස යි. 8 වැනි සියවසේ දී පමණ ගොඩනංවන ලද මායාවරුන්ගේ උස ම පිරමීඩය පිහිටා ඇත්තේ ග්වාටමාලාවේ ටිකල් නුවර වන අතර යුකටාන් අර්ධද්වීපය පුරා පූජකයින් වෙනුවෙන් තනන ලද මායා පිරමීඩ රාශියක් විසිරී තිබෙනවා.
    uGuy1I0vt4bCx5Zp_Picture-5.jpg

    (© Brett Burton) චිචෙන් ඉට්සා නුවර එල් කැස්ටිලෝ පිරමීඩයමායාවරුන්ගේ චිචෙන් ඉට්සා නුවර දී එල් කැස්ටිලෝ පිරමීඩය හෙවත් කුකුල්කාන් දෙවිඳුන් (පියාපත් සහිත සර්පයා) වෙනුවෙන් ගොඩනගන ලද දෙවොල දැක ගත හැකියි. ක්‍රි.ව. 1,100 දී පමණ වර්ග අඩි 180ක පාදමක් මත ගොඩනංවා ඇති එය, දෙවොලේ ප්‍රධාන දොරටුව ඉදිරිපස ඇති තනි පඩිය හා සම්බන්ධ වන පියගැට 91ක් බැගින් වූ පියගැටපෙළ 4කින් සමන්විත වෙනවා. එම පියගැට 365 මගින් මායා දින දර්ශනය සංකේතවත් වන බව යි පුරාවිද්‍යාඥයින් විශ්වාස කරන්නේ.
    දකුණේ පිහිටි මොචේ සහ ඉන්කා පිරමීඩ

    දකුණු ඇමෙරිකාව දෙසට වන්නට වැඩි වශයෙන් දැකගැනීමට ලැබෙන්නේ මොචේ (ඉන්කා ශිෂ්ටාචාරයට පෙර පේරු රාජ්‍යය ආශ්‍රිතව පැවති ශිෂ්ටාචාරයක්) සහ ඉන්කා පිරමීඩ යි. මොචේ වැසියන් බොහෝ විට පිරමීඩ ගොඩනැංවීම සඳහා මෝඩ ගඩොල් හෝ සූර්ය රශ්මියෙන් වියළන ලද මැටි ගඩොල් යොදාගෙන තිබෙනවා. මොචේ වැසියන් සූර්ය දෙවිඳුන් වෙනුවෙන් ගොඩනංවන ලද පිරමීඩය උසින් අඩි 100ක් පමණ වන අතර, එය ගොඩනැංවීම සඳහා ගඩොල් මිලියන 143ක් යොදාගෙන ඇති බව යි පුරාවිද්‍යා කැනීම් කටයුතුවල දී අනාවරණය වී ඇත්තේ.
    1JGkKCAA7umkaE9e_Picture-6.jpg

    (© Clarence Wong) ඇන්ඩීස් කඳුවැටිය මුදුනේ මචූ පිචූ නගරයපැචකූටි යුපන්කි නම් ඉන්කා පාලකයා, ඉන්කාවරුන්ගේ විශිෂ්ටතම පිරමීඩ දෙවොල ලෙස සැලකෙන සැස්කුවාමන් පිරමීඩය නිර්මාණය කිරීම අරඹා ඇත්තේ ෆ්‍රැන්සිස්කෝ පිසාරෝ නම් ස්පාඤ්ඤ ආක්‍රමණිකයා ඇන්ඩීස් කඳුවැටියට පැමිණීමට දශක 8කට පමණ පෙර යි. වසර 50කට අධික කාලයක් මුළුල්ලේ කම්කරුවන් 20,000ක් යොදවමින් නිර්මාණය කරන ලද එය ගොඩනැංවීමේ දී ගල් කුට්ටි එකිනෙක සම්බන්ධ කිරීම සඳහා බදාම භාවිතා කිරීමක් සිදු වී නැහැ. ලතින් ඇමෙරිකාවේ අවසන් ශිෂ්ටාචාරය ලෙස සැලකෙන ඉන්කාවරුන් විසින් ඇන්ඩීස් කඳු මුදුනේ මචූ පිචූ නම් සොඳුරු ශෛලමය නගරය ගොඩනැංවීම සඳහා යොදාගෙන ඇත්තේ සැස්කුවාමන් පිරමීඩය නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නා ලද ශිල්ප ක්‍රම යි.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පට්ට tfs
    ලෝකේ ම්ලිචම උන් ඉන්න Europe උන් නිසා ඉතිරි වෙලා තිබුන ටිකත් 100% නැති වෙල ගියා ශිෂ්ටාචාරයක්.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇස්ටෙක් වරු , මායා වරු කියන්නේ දියුණු ශිෂ්ඨාචාරයකට උරුමකම් කියපු මිනිස්සු. පේරු වල '' මාචු පිචු '' අත් හරියේ වසුරිය වසංගතය නිසා කියල මම අහල තියෙනවා.The ruins චිත්‍රපටියෙත් ඔය වගේ පිරමිඩයක් තියෙනවා.වටිනවා මචන්...
    රෙපඩ් බයි ඩෝඩෝ මහත්තයා......:yes::yes: