ලන්කාවෙ අන්ඩවල්ඩ් එක රන් කරන්නෙ හම්බයො

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,032
    35,975
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලන්කාවෙ අන්ඩවල්ඩ් එක රන් කරන්නෙ හම්බයො

    මේ දිනවල බන්ධනාගාර ගතව සිටින පාතාල නායකයින් අතර ඇතිවන ගැටුම් ගැන ආරංචි වරින්වර පළවේ. මෙහි අලුත්ම උණුසුම් තත්වයක් 2020 ආරම්භයේදීම ඇති විය. වසර ආරම්භයේදීම වැලිකඩ බන්ධනාගාර වාට්ටුවක හදිසියේ ඇසුනු විලාප හඬකි. වටපිටාවේ

    සිරකරුවන් පොරකමින් එතැනට එක්කාසු විය. එක් සිරකරුවකු විසින් තවත් සිරකරුවකුට පිහියකින් ඇන තිබේ. සැබෑවටම පිහි ඇනුමකට එහා ගොස් බඩ කපාගෙන ගොස් ඇති බව පෙනුණි. කැපුම් සිදුරෙන් එළියට පැන ඇති අතුණු බහන් අතින් එක්කාසු කරගෙන විලාප තබමින් සිරකරු දුවන්නට විය. මේ වැලිකඩ හා CRP හෙවත්කො ළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ තත්ත්වයයි. සෑම දිනකම පාහේ ඒ තුළ අවම තරමින් පහරදීම් දෙක තුනක්වේ. මේ තුළ සිටිනා දරුණු ගණයේ අපරාධකාරයන් හා සැලකීමේදී එවැන්නක් විය හැකි බවට ඕනෑම
    අයකුට සාධාරණව උපකල්පනය කළ හැකිය.


    මෙවැනි තත්ත්වයක් මත ගත වූ සතියේදී කොස්ගොඩ තාරක සිරමැදිරියෙන් පිටතට එන්නට දෙන උදෑසන 6ත්- 7ත් අතර කාලසීමාවේදී වෙනත් සිර මැදිරියක සිටි අයකුට පහරදුන් පුවතක් වාර්තා විය. ඕනෑම පුවතක්ය නු, එහි පතුලට කිඳා බසින්නේ නම් නොසිතනා කතා රැසක උපතකි. මෙකී පුවතේ පතුල සොයා යන විට හමුවූයේ මෙතෙක් මාධ්‍යවලට සැඟවී තිබූ මහා යුද්ධයක පෙර නිමිතිය.

    කොස්ගොඩ තාරක සිපිරිගතව සිටින්නේ මාතර ස්වර්ණාභරණ මංකොල්ලය නිසාය.

    මාතර මංකොල්ලයෙන් පසුව තාරක හා ඔහුගේ සහෝදරයා මුලින්ම රැගෙන යන්නේ අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයටය. එහි පැමිණෙන අයියා - මලෝ දෙදෙනා වෙනුවෙන් පිළිගැනීමේ සාදයක් පවා පැවැත්වූ බව කියැවේ. ඒ ඔවුන්ගේ ලෝකයයි. තාරක වෙනුවෙන් අදාළ සාදය සංවිධානය කරවන්නේ මාකදුරේ මධුෂ්ය. මධුෂ්ද, තාරකද දෙදෙනාම බෙන්තර ගඟේ එහා එවුන්ය. උන් අතර ඇති “තමන්ගේ කම” දකුණේ පාතාලය කොතරම් අවසන් කරන්නට උත්සාහ කළද කරන්නට නොහැක්කක් බවට පත්වීමේ මූලික හේතුවය. තමන්ගේ කම මෙන්ම, ගඟේ එහා එවුන් වෛරක්කාරයන් කරගත් පසු සිදුවන වින්නැහියද ඊට දෙවැනි නැත.

    දකුණේ උපන් කොස්ගොඩ තාරකට එරෙහිව දැන් මිහිපිට සිටිනා ලොකුම වෛරක්කාරයා වන්නේද දකුණේම එකෙක් වන්නේ එහෙයිනි. හේ දකුණේ පමණක් නොවේ තාරකගේ ගමේමය. එපමණක්ද නොවේ. තාරකගේ මුල්ම මංකොල්ලය කරන්නේද ඔහු සමඟය. හේ කොස්ගොඩ සුජීය.

    ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක බලවත්ම පාතාල කල්ලි ලෙස සැලකෙන්නේ මාකදුරේ මධුෂ්ගේ සහ කොස්ගොඩ සුජීගේ කල්ලි දෙකය. කොස්ගොඩ සුජී සිය කල්ලිය පාලනය කරන්නේ ඩුබායි සිටය. ඔහුගේ කල්ලියේ එල්.ටී.ටී.ඊ. වෙඩික්කරුවෝද සිටිති. පසුගියදා සිය දියණියගේ ශිෂ්‍යත්වයට පෙර දිනයේ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තෙන්නකෝන් ඝාතනය පිටුපස සිටින පොඩි ලැසී මෙන්ම කරන්දෙණියේ සුද්දාද කොස්ගොඩ සුජීගේ අනු කල්ලියක ප්‍රබලයෝය. දැනට වැඩිම සාමාජිකයන් පිරිසක් සිටින්නේ කොස්ගොඩ සුජීගේත් මාකඳුරේ මධුෂ්ගේත් කල්ලි දෙකටය. ඔවුන්ගේ සාමාජික ගණත්වය සියයකට වැඩි මිස අඩු නැත. මේ කල්ලි දෙකට සම්බන්ධ වැඩි පිරිසක් දැන් සිටින්නේ හිරේය.

    බන්ධනාගාරයේ නීතිය අනුව එකම නඩුවක විත්තිකරුවන් හෝ එක වාට්ටුවක සිටිය නොහැකිය. බන්ධනාගාරයේ ඇතැම් උන්දැලාට පඬුරු පාක්කුඩම් දීමෙන් මෙම නීතිය නැවිය හැකිය. ඊට හොඳම උදාහරණය කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටිනා සෙල්විගේ පුත්තුන්ට ලැබෙනා සැපය. කොටි සංවිධානයේ අවශ්‍යතාව පරිදි ගෝඨාභය රාජපක්ෂ ඝාතනයටත්, එය නොහැකි වූ විට ඒ පිළිබඳ තොරතුරු ලබාගන්නට සිටිනා හොඳම සාක්ෂිකාරයා ඝාතනයටත් උරදී සිටින කන්ජිපානි ඉම්රාන් හා සෙල්විගේ පුත්තු තිදෙනා දැන් බන්ධනාගාරය තුළ උපරිම සැප විඳිමින් පසුවේ. මුලින් කී නීතිය නමා, සෙල්විගේ පුතුන් තිදෙනාම සිටින්නේ එක කූඩුවේය. ඔවුන්ට මෙය තමන්ගේ නිවෙස මෙනි. බන්ධනාගාර ඉතිහාසයේ කිසිදාක මෙලෙස එකම පවුලේ අය එකම කූඩුවේ තබා සැප ලබාදී නැත. දැන් එය එසේ වෙමින් පවතී.

    මින් පෙර අපි හෙළි කළ පරිදි ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කරන්නට පැමිණි විදුරංග හෙවත්වි ත්තාට සයිනයිඩ් එන්නත් කර මරා දමන්නට උත්සාහ කළ සිදුවීම බන්ධනාගාරයේ නිලයක් විසින් වහාම වසා දැමුණි. දැන් මේ කියනා නිලය නයි වෛර බැඳ සිටින්නේ එකී පුවත බන්ධනාගාරයෙන් පිටතට දුන්නා යැයි සැක කරන පිරිස සමඟ හා විත්තාට ආරක්ෂාව ලබාදෙමින් සිටිනා පිරිස සමඟය. කොස්ගොඩ තාරක සිටින්නේ විත්තාට ආරක්ෂාව ලබාදෙන කණ්ඩායමේය. එබැවින් කුමන හෝ ආකාරයකින් තාරකව වැලිකඩින් ඉවත් කර විත්තාව තනිකරගැනීමේ මෙහෙයුම දැන් ආරම්භ වී ඇත.

    මීට පෙරද තාරක මරා දමන්නට අර්ථීට් අවි පවා සූදානමින් තිබියදී හෙළි විය. ඒ ඔහු වැලිකඩ බන්ධනාගාරයෙන් දුරකට යවා, එහි සිට නැවත නඩු කටයුතු සඳහා කොළඹ රැගෙන එද්දී මරා දමන්නටය. එසේම තාරක මින් පෙර රඳවා සිටි අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට ගාල්ලට රැගෙන එන අතරේ, කළුතරදී සමයන් ඝාතනය කළ ලෙසට ඝාතනය කරන්නට සූදානමින් සිටි පිරිසක් 2019 වසරේදී අත්අඩංගුවට ගන්නේ උණ්ඩ 3000ක්ද සමඟය. තාරකට එරෙහිව ඇති නඩුවලට කළුතර, බළපිටිය, මොරටුව, ගල්කිස්ස, ගංගොඩවිල, හෝමාගම අධිකරණවලට රැගෙන එන අතර එම අවස්ථාවල පහරදීමට උත්සාහ කරන බව පාතාල මර්දන ඒකකද අනාවරණය කරගෙන තිබුණේය. කොස්ගොඩ සුජී මෙම ඉලක්කය ගැනීමට පවරා තිබුණේ තමාගේ ළඟම සඟයන් වූ දකුණේ පාතාලයේ රණා, රාජු, කරන්දෙණියේ සුදු මල්ලි, පොඩි ලැසී ඇතුළු ගාල්ල බන්ධනාගාරයේ රජ කරන කණ්ඩායමටය. නමුත් ඔවුන්ට ඉලක්කයන් වෙත යෑමට අසීරු නිසා උරගහ
    මයිකල්වත් ලංකාවට එවූ බව කියැවෙන්නේය. ලැබී ඇති බුද්ධි තොරතුරු අනුව ආර්.පී.ජී. ඇතුළු අවි ආයුධ රටට ඇතුළු වී ඇත්තේ වැලිගමට නුදුරු මිරිස්ස ප්‍රදේශයෙනි. මෙම තොරතුරු අනුව දැන් දකුණේ පොලිසිද කැලඹී ගොසිනි. ඒ මෙම අවි ආයුධ තවත් ලේ වැගිරීමකට මිස වෙනකකට නොවන බව දන්නා නිසාය. මේ මහ සටන යට සැබෑවටම ඇත්තේ කිසිවකු නොසිතනා කතාවකි.

    මේ වනවිට ගාල්ල, තංගල්ල, බූස්ස යන බන්ධනාගාර සියල්ලම ඇත්තේ මුස්ලිම් පාතාලයේ පාලනයට
    යටත්වය. නිලධාරීන් කොතරම් සිටියද මෙකී බන්ධනාගාරවල තීරණ ගන්නේ එහි පාලන බලය හිමි කණ්ඩායම විසිනි. මධුෂ් සමඟ ඩුබායි සිටි කන්ජිපානි ඇතුළු මුස්ලිම් කුඩු ජාවාරම්කරුවන් ඒ සඳහා පිරී ඉතිරී යන්නට වියදම් කරමින් සිටියේය. රට තුළ මුස්ලිම් පාතාලය බලවත් වෙද්දී රටේම හෙරොයින් වෙළෙඳපොළ තනිව අයිතිවන්නේද මුස්ලිම් පාතාලයටය. වක්‍රව කියන්නේ නම් කන්ජිපානි ඉම්රාන් ඇතුළු පිරිසටය. එබැවින්මෙ රට පාතාලය පාලනය වන බන්ධනාගාරද කෙසේ හෝ මුස්ලිම් ආධිපත්‍යයට නතු කරගත යුතුය. නමුත්හදිසියේම කන්ජිපානි ඇතුළු පිරිස ඩුබායිහිදී අත්අඩංගුවට පත් විය. අනතුරුව මෙරටට පිටුවහල් කළ අතර මෙරටදීද නැවත අත්අඩංගුවට පත් විය. දැන් කන්ජිපානි ඉම්රාන් සිටින්නේ මෙතෙක් ඔහු මුදල් වියදම් කොට තැනූ බන්ධනාගාර පාතාලය තුළය. නමුත් ඔහු බලාපොරොත්තු නොවූවක් මේ තුළද සිදුවිය. එනම්, වැලිකඩ බන්ධනාගාරය තුළ තවමත් මුස්ලිම් පාතාලයට බලය තහවුරු කරගන්නට හැකි වී නැත. ඒ වෙනුවෙන් ගත වූ කාලය පුරාම සිංහල හා දෙමළ සිරකරුවන්ට ඇති පදම් හෙරොයින් සැපයීම සිදුවිය. තමන්ගේ රාජ්‍යයට එක්කාසු වෙන සියල්ලන්ටම එලෙස මත්කුඩු, සිගරැට් ලැබේ.

    මේ අතර දෙමළ සිරකරුවන් අතරින් කන්ජිපානිට යෝජනාවක් ලැබිණි. තම ඉහළ නායකයන්ගේ ඉල්ලීම පරිදි, ගෝඨාභය රාජපක්ෂ ඝාතනයට සූදානම් කර තිබූ අයකු දැන් තම නායකයන් පාවාදෙන්නට සූදානමින් සිටින බවත් අදාළ පුද්ගලයා ඝාතනය කරන්නේ නම් වැලිකඩ බන්ධනාගාරය තුළදී තමන්ගේ සහාය කන්ජිපානිගේ පිරිසට හිමිවන බවත්ය. විත්තා හෙවත් විදුරංග ඝාතනය සැලැසුම් වන්නේ මේ අනුවය. විදුරංගගේ පිනකට මෙන් සයිනයිඩ් ප්‍රහාරය එල්ලවන මොහොතේ විදුරංග අසල සිටියේ කොස්ගොඩ තාරකගේ මල්ලීය. මල්ලී වහාම විදුරංග ආරක්ෂා කරන්නට පැන්න බැවින් තාරකටත් කොහේ‍ෙදා් සිට මේ කන්ජිපානි - LTTE ගනුදෙනුවේ කොටසක් වන්නට සිදුවිය. අවසානයේ දැන් කන්ජිපානි ඇතුළු පිරිසගේ ඝාතන ඉලක්ක දෙකකි. එකක් විදුරංගය. දෙවැන්නා තාරකය.

    කන්ජිපානි වෙනුවෙන් සියලු වියදම් දරන්නේ දැනට ඉන්දියාවේ සිටිනා පාතාලයෙකි. මෙහි ඇති අපූරු කරුණ වන්නේ කන්ජිපානි සමඟ මුස්ලිම් පාතාලය ශක්තිමත් කරන්නට එකතු වී සිටිනා සිංහල පාතාලයන්ය. හෙරොයින්හෝ මුදල් හෝ නිසා බන්ධනාගාරය තුළ මුස්ලිම් පාතාලය වෙනුවෙන් පෙනී සිටිනා සිංහල අපරාධකරුවන්රැසකි. සිංහල වේවා, මුස්ලිම් වේවා, දමිළ වේවා සියල්ලෝම අපරාධකරුවන්ය. මේ සමාජයේ පවට උපත ලැබූ, නීතියෙන් හෝ සොබාදහමෙන් දඬුවම් ලැබිය යුත්තන්ය.

    පාතාල කල්ලිවලට උපකාර හම්බ කරගන්නා ඇතැම් නිල ඇදුම් දරන්නන්ගේ පව් ගෙවන්නට වන්නේ ඔවුන්ගේ දරුවන්ටය. දැනට යම් කාලයකට පෙර ඝාතනය වූ එක් නිලධාරියකුගේද මෙවැනි දුක්බර සම්බන්ධතා ඇතැයි හෙළිව ඇත.

    කොස්ගොඩ තාරකට එරෙහිව කොස්ගොඩ සුජී ඩුබායි සිටම මරණ වරෙන්තුව නිකුත් කරන්නේ 2017 වසරේදී තම මාමා වූ ජගමුණි මහින්ද රාජා ඇතුළුව ඔහුගේ පවුලේ සිවුදෙනකු එකම දිනක ඝාතනය කිරීමේ පළිය ගන්නටය. කොස්ගොඩ පොලිස් වසමේ යුද පිටියක් කරමින් ගම් තුනකට පැය භාගයක් තුළ කඩාවැදී හතරදෙනාම මරා දැමුවේ කොස්ගොඩ තාරක ඇතුළු කණ්ඩායමකි. මහින්ද රාජා කලක් බළපිටියේ එජාප මන්ත්‍රිවරයකුද වූයෙන් කොස්ගොඩ සුජීට ඔහුගෙන් විශාල රැකවරණයක් විය. මාමාගේ පවුලට කළ අපරාධයට ලෙයට ලෙය පළිගන්නට කොස්ගොඩ සුජී තම කණ්ඩායම් යවා 2017 ඔක්තෝබර් 31දා රාත්‍රියේ බටපොළදී කොස්ගොඩ තාරකගේ මාමා වූ අසංක මනෝරාජ්ද සොයිසා ඇතුළු දරුවන් තිදෙනාත් අසල සිටි අයකුත් ඇතුළු පහකට වෙඩි තැබූහ. එතැනදී පස්දෙනාම තුවාල ලබා බේරුණෙන් සුජී තම පළිය කොයි මොහොතේ හෝ ගන්නට සැලසුම් කළද තාරක සැඟවුණු චරිතයක් නිසා කොටු කරගත නොහැකි විය. ජාත්‍යන්තර රතු නිවේදන පවා නිකුත් කර ඇතත් අදටත් කොස්ගොඩ සුජී හෙවත් ජගමුණි සුජීව ද සොයිසා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට ගෙන්වාගත නොහැකිව ඇත්තේය. මාන්නගේ ‍ෙදාන් රොෂාන් පද්ම කුමාර නමින් 55233373 දරන ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රය භාවිත කරමින් 2016 පෙබරවාරි 14දා ඩුබායි බලා ගිය සුජීගේ විවාහයට පවා අස්සන් කර රටින් පනින්නට උදවු කරන්නේත් වත්මන් රජයේ ප්‍රබල අමාත්‍යවරයකුමය. ගණේමුල්ල මාකිලංගමුවේ සංජීව නමැති එල්.ටී.ටී.ඊ. කල්ලි සමඟ සබඳතා පැවැත්වූ පාතාල නායකයා සමඟත්, කිඹුලාඇළ ගුණාගේ කල්ලි සමඟත් ඍජු සබඳතා පවත්වන බව කියැවේ. දෙමටගොඩ පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ඩග්ලස් නිමල් සහ ඔහුගේ බිරිය අතුරුගිරිය පාරේ ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කරවන්නේද කිඹුලාඇළ ගුණා ඉන්දියාවේ සිටය.

    තාරකව ඝාතනය කරන්නට ආර්.පී.ජී. අවි කිහිපයක් බෝට්ටු මාර්ගයෙන් මෙරටට පැමිණ ඇති බව පසුගිය සමයේ හෙළි විය. ඉතාලියේ සිටින රත්ගම නදුන්ගේ සහාය මැද කොස්ගොඩ සුජී මෙරටට ආර්.පී.ජී. අවි දෙකක් හා ටී 56 දහයක් කුඩු රැගෙන එන බෝට්ටුවලින් රැගෙන ආ වග බුද්ධි අංශවලට තොරතුරු ලැබුණේ උරගහ මයිකල්ගේ ආගමනයත් සමඟය. උෟරගහ මයිකල් රට තුළ සිටින බවට තහවුරු වන්නේ ඇල්පිටියෙන් මෙම සතියේ යළිත් පාතාල ඝාතනයක් සිදුවීමෙන්ය. අලුත්ගම සිට ඇල්පිටිය බලා ගමන් ගත් ලංගම බස් රථයකට නැඟගත් වෙඩික්කරුවන් රංජිත් ජයවර්ධන නමැති අයව ඝාතනය කරන්නේ පසුගිය 06දාය. ඇල්පිටියේ පළාත්පා ලන ඡන්දය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මෙම ඝාතනය සිදුවන්නේ කොස්ගොඩ සුජීගේ අණින්ය.
    ඇල්පිටිය, රත්තොටුවිලදී චමිල දීපාල් හා සමන් සුරේෂ් දෙදෙනා ඝාතනය කර සමන්සුරේෂ්ගේ බෙල්ල කපාගෙන ගොස් රත්තොටුවිල සමුපකාරය අසල තබා ගොස් තිබුණේය. ඒ සුජීගේ කල්ලියත්මේ ආකාරයට තම ප්‍රතිවිරුද්ධ කල්ලියේ අයකුගේ ගෙල කපා විත් මෙම ස්ථානයේ දමා යෑමෙන් පසුය.

    දැනට කලෙකට පෙර මාකදුර මධූෂ් හා කොස්ගොඩ තාරක මිතුරන්ය. නමුත් තාරක, සමයන් හා මිතුදම්ගො ඩනඟා ගත් බව දැනගන්නා මධුෂ්ද තාරක සමඟ වෛර බැඳගනී. මධුෂ්ගේ අතවැසියා වූ කන්ජිපානි ඉම්රාන් සිරගෙදරදී කොස්ගොඩ තාරකව ඝාතනය කරන්නට ගත් පළමු උත්සාහය ගත වූ සතියේ වාර්තා විය. ඒ වෙනුවෙන් කන්ජිපානි කොන්ත්‍රාත්තුව ලබාදෙන්නේ හර්ෂ නමැත්තකුටය. ඔහු වත්තල ප්‍රදේශයේ ඝාතනයකට මෝටර් සයිකලය පදවා මාට්ටු වූ පාතාලයේ ළදරුවෙකි. ඔහුගේ


    ළදරුභාවය දන්නා තාරක උදෑසන ගොස් ඔහුට තරවටු කරන්නේ වැඩක් බලාගෙන පාඩුවේ හිටපන් කියාය. සැබෑ කතාව නොදැන එළියට එන්නේ මෙම සිදුවීමයි.

    එපමණක් නොවේ. වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දිනෙක බන්ධනාගාරයේ චාරිකාවක නිරත විය. ඔහු එම සංචාරය සිදු කළේ හේතුවක් රහිතව වන්නට නොහැකිය. මේ වනවිට මෙරට බන්ධනාගාරවල වඩාත්ම දූෂිතව ඇත්තේ ඒවායේ සිටිනා ඇතැම් නිලධාරීන්ය. අවම තරමින් බන්ධනාගාර කොමසාරිස්ව ජෙනරාල්වරයාට පවා පාලනය කළ නොහැකි බලයක් වැලිකඩ හා කොළඹ රිමාන්ඩ්බ න්ධනාගාර තුළ කන්ජිපානි ඉම්රාන්ගේ කණ්ඩායමට තිබේ. ඊට හේතුව වන්නේ මුදලට කෑදර හරුම නිලධාරීන්ය. මුදලට ඇති ආශාව වෙනුවෙන් බන්ධනාගාරය තුළ ඔවුන්ට උපරිම සැප ලබාදෙන්නටත්, ඔවුන්ට විරුද්ධ වන පිරිස කෙසේ හෝ වෙනත් බන්ධනාගාරවලට මාරු කරවන්නටත් ඔවුහු ක්‍රියාමාර්ග ගනිති. මෙරට පාතාල මර්දනයේ ඇසූ පිරූ අත්දැකීම් සහිත වත්මන් ජනපතිවරයා මෙකී පාදඩ නිලධාරීන්ගෙන් මෙරට නීතිය බේරාගනු ඇතැයි බන්ධනාගාර තාප්පයෙන් එපිට - මෙපිට සිටිනා සියල්ලෝම උදක් බලාපොරොත්තු වෙති.

    ප්‍රසාද් අබේවික්‍රම
     
    • Wow
    Reactions: Asmodeus

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගෝට ස මොකද බන් මුන් ටික සුද්ද කරල දාන්නෙ නැත්තෙ ?

    2/3 ගන්නකං ඉන්නෙ බං. ඊට පස්සෙ බලපංකො උඹල මෙන්න මානව හිමිකම් කඩනෝ කියල අඬන ගානට සුද්ද කරන්න ගන්නව :yes:
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    824
    698
    93
    ගෝට ස මොකද බන් මුන් ටික සුද්ද කරල දාන්නෙ නැත්තෙ ?


    එක පාරක් සුද්ද කරලා සමනල්ලු සෙට් එකයි, 3% කොමිස් හිගන්න්නොයි කරේ නගින්න අවානේ මානව හිමිකම් පුකක් කියොගෙන. ඉස්සෙල්ලම 3% හිගන්නෝ අයින් කරන්න ඔනෙ ඔකුන් තමා රට කන්නේ,
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එක පාරක් සුද්ද කරලා සමනල්ලු සෙට් එකයි, 3% කොමිස් හිගන්න්නොයි කරේ නගින්න අවානේ මානව හිමිකම් පුකක් කියොගෙන. ඉස්සෙල්ලම 3% හිගන්නෝ අයින් කරන්න ඔනෙ ඔකුන් තමා රට කන්නේ,

    :yes::yes: ඔව්ට බේත් තියෙනව අදාල වෙලාවෙදි අදාල තැනදි හම්බෙයි එදාට මනව හිමිකාම් අරක මේක කියල නාඩ ඉමු....
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    2/3 ගන්නකං ඉන්නෙ බං. ඊට පස්සෙ බලපංකො උඹල මෙන්න මානව හිමිකම් කඩනෝ කියල අඬන ගානට සුද්ද කරන්න ගන්නව :yes:




    දැක්කේ නෑ වගේ ඉන්ටෝන :(
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නීතිය ක්‍රියාත්මක කරන තැනේ ඉදල මුලු රටම දූෂිතයි.... මේව ඉතින් රටේ නීතියට නිවැරදි කරන්න ගියොත් පරම්පරා 10 ක් යයි....
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කර්නල් ගෝඨාභය හරියට මෙන්න මේ වගේ :love::love::love::love:



    NThvrqN.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොළඹ නගර සභාව මුස්ලිම් පාලනේට නතුවෙලා නගරාධිපති මුලු රටේම රගන කාලෙක ගෝඨා නගරාදිපතිට ඇපත් නැතිකරල පාතාලේ සැහෙන්න අඩුකලා කාලයක්...
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මෙන්න අද ඊ නිව්ස් එකට රිදිලා ඕකට...




    බන්ධනාගාරයේ සිටින දුමින්දලාගේ 'කැට්බෝයි කාටෙල්' පාතාලයේ මත්ද්‍රව්‍ය සඟවා තබන ඥානසාර‌ගේ පන්සල් සහ පාතාල‌යෙන් සන්‌‌තෝසම් ලබන ලියනප්පුලා..!
    -ජේලර් ‌‌පොඩ්ඩාගේ තවත් ‌හෙළිදරව්වක්..



    (ලංකා ඊ නිව්ස් -2020.පෙබ.16, ප.ව.11.30)





    පසුගිය දා ලංකා ඊ නිව්ස් හි පළවූ ජනපති නන්දසේන ‌නොදුටු බන්ධනාගාරයේ කුඩු දුමින්ද සහ ‌දෙමටගොඩ චමින්ද ‌මෙහෙයවන 'කැට්බෝයි කාටෙල්' පාතාලය පිලිබඳව ජේලර් ‌පොඩ්ඩාගේ ‌හෙළිදරව්වෙන් පසු බන්ධනාගාර මත්ද්‍රව්‍ය මාෆියාව සහ එයට උඩ ගෙඩි දෙන ලංකාවේ මාධ්‍ය මාෆියාව කැළඹී ඇත.







    දිනකට හෙරොයින් ග්‍රෑම් 500- 800 ක් අලෙවි වන කොළඹ බන්ධනාගාරය..
    -------------------------
    ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය මාෆියාවේ සුක්කානම අතට ගැනීමට නම් එම මාෆියාවේ මූලස්ථානය වූ කොළඹ බන්ධනාගාරයේ බලය අතට ගත යුතුය. කොළඹ බන්ධනාගාරය යනු ශ්‍රී ලංකාවේ විශාලතම මත්ද්‍රව්‍ය විවෘත වෙළඳපොලයි. මත් පෙති, කොකේන් සහ අයිස් (ක්‍රිස්ටල් මෙත්) මත්ද්‍රව්‍යන්ට අමතරව දිනකට හෙරොයින් ග්‍රෑම් 500ත් 800ත් අතර ප්‍රමාණයක් කොළඹ බන්ධනාගාරය තුල පමණක් අලෙවි වේ. මත්ද්‍රව්‍ය මාෆියාව විසින් දිනකට මෙයින් උපයන මුදල රුපියල් කෝටි ගණනකි . මත්ද්‍රව්‍ය මිලදී ගන්න මෙතරම් මුදල් ප්‍රමාණයක් සිරකරුවන්ට ලැබෙන්නේ කෙසේදැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැක . සිර ගෙදර මත්ද්‍රව්‍ය මිල දී ගන්නට අත්පිට මුදල් අවශ්‍ය නැත . මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු වන්නේ දෙන්නම් කාසි වලට සහ ඊසි කෑෂ් ක්‍රමයට ය. සිරකරුවන්ගේ ඥාති මිත්‍රාදීහු මෙම මුදල් පියවනු ලබති.









    මත්ද්‍රව්‍ය පාතාලයන්ගෙන් යැපෙන ලියනප්පුලා..
    -------------------------
    කුමන ක්‍රමයකින් වුව දිනකට කොළඹ බන්ධනාගාරය තුළ සංසරණය වන මුදල කෝටි ගණනකි. දූෂිත බන්ධනාගාර නිලධාරීන් සහ මත්ද්‍රව්‍ය පාතාලයින් හැරෙන්නට මෙම ජාවාරමෙන් තවත් ප්‍රතිලාභ ලබන පිරිසක් සිටිති. එනම් මත්ද්‍රව්‍ය සහ පාතාලය පිළිබඳ නිතරම කතන්දර ලියන ජාතික පුවත්පත් යැයි කියාගන්නා පුවත්පත් කිහිපයක ලියනඅප්පුලාය. මෙකී ලියනඅප්පුලාගේ කාර්යය වී ඇත්තේ තමන්ට දොලපිදේනි දෙන පාතාලයින් ආරක්ෂා කොට සිය මිත්‍ර පාතාලයින්ට එරෙහි පාතාල කල්ලිවලට බර පටවා වාර්තාකරණයේ යෙදීමයි. දූෂිත බන්ධනාගාර හා පොලිස් නිලධාරීන්ට නොදෙවෙනි මුදලක් පාතාල මත්ද්‍රව්‍ය මාෆියා කරුවන් විසින් මෙම ලියනඅප්පුලාට ද ගෙවනු ලැබේ .









    වෙලේ සුදාගේ "මාලුවා" ලකුණ හෙරොයින් සහ ඩාවුද් ඊබ්‍රාහිම් කල්ලිය..
    -------------------------
    මේ වන විට දුමින්ද පාර්ශ්වයට අමතරව අංගොඩ ලොක්කා , මාකඳුරේ මධූෂ් , කංජිපානි ඉම්රාන් සමග වූ මුස්ලිම් හා දෙමළ පාතාල පාර්ශවයන් බන්ධනාගාරය තුළ සහ පිටත ක්‍රියාත්මක වේ. ලංකාවේ මාධ්‍ය සුපුරුදු පරිදි සිංහල දෙමළ හා මුස්ලිම් වශයෙන් පාතාලද බෙදීමට උත්සාහ ගත්තත් මෙකී සෑම වර්ගයක්ම මේ පාතාලයන් තුළ අඩු වැඩි වශයෙන් ඇත. දේශපාලනයේ සේම පාතාලය තුළ ද සදාකාලික මිතුරන් හෝ සදාකාලික සතුරන් නොමැත . එකිනෙකා ඇනකොටා ගත්ත ද මිතුරු වුව ද දිගු කාලයක සිට විවිධ පාර්ශව ඔස්සේ ශ්‍රී ලංකාවේ පාතාලයට අවශ්‍ය මත්ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් සපයනු ලබන්නේ පකිස්ථානයේ සිට ක්‍රියාත්මක වෙන 'ඩාවුද් ඊබ්‍රාහිම් කල්ලිය' විසිනි. දුමින්ද සිල්වා පාර්ශ්වය සමග සෘජු සම්බන්ධතාවක් පවත්වන දැනට බන්ධනාගාරගතව සිටින 'වෙලේ සුදා' තවමත් ඩාවුද් ඊබ්‍රාහිම් කල්ලියේ මෙරට ප්‍රබල නියෝජිතයෙකි. ශ්‍රී ලංකාව තුළ අලෙවි වන මත්ද්‍රව්‍ය වලින් තවමත් වැඩිම ඉල්ලුමක් තිබෙන්නේ වෙලේ සුදාගේ "මාලුවා" ලකුණ දරණ හෙරොයින් වෙතය.









    දුමින්දලාගේ 'කැට්බෝයි කාටෙල්' එක සඟවන මව්බිමේ සහ අරුණේ ලියනප්පුලා..
    -------------------------
    ආණ්ඩු මාරුවත් සමග දුමින්ද සිල්වාගේ "කැට්බෝයි කාටෙල්" එක දේශපාලන බලයක් ආරූඪ කරගෙන ඇති අතර මේ වන විට මත්ද්‍රව්‍ය වෙළෙඳපොළ ඒකාධිකාරිය සඳහා සටන දියත් කොට ඇත. යථෝක්ත ලියනඅප්පුලා හරහා ක්‍රියාත්මක වෙන්නෙ ද එම සටනේ කොටසකි . මේ දිනවල බන්ධනාගාරයේ වැඩි අවධානයක් යොමුවී ඇත්තේ කොස්ගොඩ තාරක වෙතය . කොස්ගොඩ තාරක නියෝජනය කරනු ලබන්නේ දුමින්ද සිල්වාගේ "කැට්බොයි කාටෙල්" පාර්ශවයයි. කොස්ගොඩ තාරක දුමින්ද ගේ හිර ගෙදර චන්ඩියා ය. සිරකරුවන්ට කරුණු ලබන අඩතේට්ටම් සහ පහරදීම් නිසා බන්ධනාගාර අධිකාරිය විසින් මොහු බූස්ස බන්ධනාගාරය වෙත මාරු කිරීමට නියමිත ව ඇතත් දුමින්ද සිල්වාගේ දේශපාලන හා ධන බලය නිසා එම තීරණය ක්‍රියාත්මක නොවී පවතී . පසුගියදා මව්බිම පුවත්පතේ ප්‍රසාද් අබේවික්‍රම විසින් පල කළ ලිපියකින් කොස්ගොඩ තාරක බූස්ස බන්ධනාගාරයට මාරු නොකිරීම දෙමටගොට චමින්දගේ උපදෙස් පරිදි සාධාරණය කර තිබේ. (කියවන්න https://mawbima.lk/news-more/50742)

    පසුගිය කාලයේ මෙම පුවත්පත්වල පළ කරනු ලැබූ සියලුම මාධ්‍ය වාර්තා වල කොළඹ බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය විකුණන ප්‍රධාන පාර්ශවයක් වූ දුමින්ද සිල්වා ගේ සෙවන ලබන දෙමටගොඩ චමින්ද සහ ඔහුගේ සොහොයුරු දෙමටගොඩ රුවන්ගේ පාර්ශවය හෙවත් "කැට්බෝයි කාටෙල්" එක පිළිබඳව කරුනු හිතාමතාම සඟවා ඇත .
    අරුණ පුවත්පතේ ලියනඅප්පුට සහ මව්බිම පුවත්පතේ ලියනඅප්පු ප්‍රසාද් අබේවික්‍රමට දුම්බර බන්ධනාගාරයේ සිටිමින් කොළඹ බන්ධනාගාරයේ දුමින්ද පාර්ශවය වෙනුවෙන් මත්ද්‍රව්‍ය මාෆියාව මෙහෙයවන දෙමටගොඩ චමින්ද විසින් නිතර දෙවේලේ දුරකථන ඇමතුම් හරහා අවශ්‍ය උපදෙස් ලබා දෙයි .










    කතාගොතන ලියනප්පුලාට විශාල සන්තෝසම්..
    -------------------------
    දෙමටගොඩ චමින්දගෙන් ලබාගන්නා තොරතුරු වලට අනුව ඔහුට වාසි වෙන ආකාරයට පාතාලය සහ මත්ද්‍රව්‍ය මාෆියාව ගැන කිලිපොලා යන කතන්දර ගොතන මේ දෙන්නාට ඒ වෙනුවෙන් විශාල සන්තෝසමක් ලැබේ. පසුගිය කාලයේ පාතාලයන් විසින් හිටපු ජනාධිපති ගමරාල සහ හිටින ජනාධිපති ගෝඨාභය ඝාතනය කිරීමට කරන ලද කුමන්ත්‍රණයක් පිළිබඳව පොලිසියේ ඇතැම් පිරිසක් සමග මාධ්‍යවේදී පොහොට්ටුවන් විසින් කතාවක් ගෙතුවේය. මේ වන විට එම කතාව "කැට්බොයි කාටෙල්" එකට එරෙහි පාර්ශව මර්දනය කිරීම සඳහා ලියන අප්පුලා විසින් යොදා ගනිමින් සිටිති.

    මෙම සියලු ප්‍රයත්නයන්ගේ අරමුණ වී ඇත්තේ කොළඹ බන්ධනාගාරය සහ ලංකාවේම මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ ඒකාධිකාරය දුමින්ද සිල්වා ප්‍රමුඛ "කැට්බොයි කාටෙල්" පාර්ශවය වෙත නතු කර ගැනීමයි.










    මත්ද්‍රව්‍ය සඟවා තබන ‌'සේෆ් හවුස්' වූ ඥානසාරගේ පන්සල්..
    -------------------------
    පසුගියදා බන්ධනාගාර ගතව "කැට්බොයි කාටෙල්" සමග කල් ගෙවූ ව්‍යාපාරිකයෙක් අලුත් රජය සමඟ එක්ව ඔහුගේ මුදලින් බන්ධනාගාරය තුළ රැඳවියන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට යයි . බැලූ බැල්මට ඉතා විශිෂ්ඨ වැඩකි. නමුත් ව්‍යාපාරිකයන් මීයක් කඩන්නේ අත ලෙවකන්න ‌නොවන නිසාම මෙම ව්‍යාපෘතිය පිළිබඳව බලධාරීන් අවධානය යොමු කළ යුතු ව ඇත . එමෙන් ම බොදු බල සේනාවේ ගලබොඩ අත්තේ ඥානසාර චීවරධාරියා ද පසු ගිය කාලයේ "කැට්බෝයි කාටෙල්" සමග සහයෝගයෙන් වැඩ කිරීමට ගිවිස ගත්තෙකි.

    මේ වන විට "කැට්බෝයි කාටෙල්" සතු මත්ද්‍රව්‍ය තොගයන් සඟවා තබනු ලබන "සේෆ් හවුස්" බවට පත්ව ඇත්තේ මෙම චීවරධාරියා සමඟ සම්බන්ධතා දක්වනු ලබන කොළඹ තදාසන්නයේ පිහිටි බෞද්ධ විහාරස්ථාන කිහිපයකි. එකී විහාරස්ථාන වල මේ දිනවල සුපිරි ආවාස ගෙවල් ඉදිවෙමින් පවතියි.
    මේ දිනවල යුරෝපයේ සංචාරයක ‌යෙදෙන ඥානසාර ‌ගෝඨාභයට අවශ්‍ය විදිහට වැඩ කරගෙන යන්න ‌නොදෙන්න‌ේ නම් මහින්ද රාජපක්ෂ අත් අඩංගුවට ගත යුතුයැයි වදාරා තිබීම ද සැලකිය යුතුය.
    ලංකාවේ මාධ්‍ය මාපියාවේ ලියන අප්පුලා සිය පක්ෂග්‍රාහී වාර්තාකරණය ගැන පවසන්නේ ඔවුන් විසින් පාතාල කන්ඩායම් අතර බලය බැලන්ස් කරන බවයි . බැලන්ස් කළ යුත්තේ යමක් පවත්වාගෙන යාමට ය. එහෙත් විය යුත්තේ සියලුම පාතාලයන් සහ ක්‍රියාකාරකම් හෙලිකොට විනාස කිරීමයි. අඳෝමැයි.., දූෂිත නිලධාරීන්ගෙන් දේශපාලකයින්ගෙන් පමණක් නොව දූෂිත මාධ්‍ය කරුවන්ගෙන් ද ඒ සඳහා ඉඩක් නැත.


    ජේලර් ‌පොඩ්ඩා
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ලී ක්වාන් සිංගප්පූරුව හදනකොට මුලින්ම කරපු වැඩක් තමා පාතාල කල්ලි හොඳින් හෝ නරකින් නැති කරපු එක. ලීගේ ළගින් හිටපු මිනිහෙක්ව පවා නැති කරන්න උනා.
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    ගෝට ස මොකද බන් මුන් ටික සුද්ද කරල දාන්නෙ නැත්තෙ ?

    Machan Balaya kiyana eka hari puduma deyak... Balaya mata tama hema dema tiyenne eth balaya tiya ganna.. karanna ona dewal tiyanwa.. hariyta rahata maluwak hadanna eka eka dewal danwa wage... ewa padamata dapuwama tama adala maluwe uparima rasa ganna puluwan.. anna ehma tama me desapalana Balaya kiyana eka... Un Kisi deyak neti karanneth ati karanneth neta... tamngema padamata siyalla tiyagannawa...Mona rateth ehmai.. eka unge ART ekak... Eka srilankawe desapaluwo danne nee.. unge ART eka wenas....me srilankawe.. desapalkaya.. darunu athmartakamiii un... un hitanne unge un gena vitarai... Ubalta Apita penenna MEDIA sandarshana dala apiwa vindanykata lak karala apiwa tiyana inwa...witin wita atal ganna unta meke wejabenna. apita nodenenna.. Un hemotama wena tarawala idam gewal tiynwa.. Me lankawata kelama wenkam meke saraya ura bonwa.. 1505 idala me dakwa une eka tama...

    Sorry Srilankan... tama.. tawa aurudu 1000 giyath me rata wala pallata agadaytama tama... pena tek maneka ne meka goda ganna ona ekek... siyalla Mudal saha Balayta yatawela... iwarai.. aya goda enna be... :frown::confused::angry: