ලන්කාවෙ උසම සැතැපුම් කනුව

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,914
    3,250
    113
    මේ දවස්වල දෙවුන්දර විශ්නු මහා දේවාලයේ වාර්ශික උත්සවය ... පෙරහැර බලන්න ගියොත් මේ කියන කණුවත් බලලම එන්න.
    ( ඊට කලින් ...දෙවුන්දර කියන්නේ ලංකාවෙ පැරණිම නගරයලු.
    ටොලමි ලෝක සිතියම අදින යුගයේදී මේ නගරයත් හදුන්වලා තියෙනවා. නම් කරලා තියෙන්නේ " දගන " කියලලු. )
    ඉංග්‍රීසි යුගයෙදි ( 1808 ) රජ මංදීරයේ ( දැන් ජනපති මැදුර ) සිට තමයි ප්‍රධාන මාර්ගවල දුර මැනීම අරඹලා තියෙන්නෙ. ඉතිං කොළඹ සිට කතරගම මාර්ගයේ ( දැන් A 2 ) අතරමග තමා දෙවුන්දර හමුවෙන්නෙ. අන්න එතනදි 103 යනුවෙන් කනුවක් හිටවලා. 1808 දී ග්‍රෑන්විල් කියලා කෙනෙක් තමා මේක කරලා තියෙන්නෙ.
    එසේ මෙසේ කනුවක් නෙවේ. අඩි 7 ක් උසයි.
    :::::::::::::::::: :::::: :::::::::::::: :::::::::::::
    දෙවුන්දර සිට මාතර දිශාවට යද්දි... අපේ රොනීද මැල් මුදල් ඇමති තුමාගේ ගේ ඉදිරිපිටයි මේක තියෙන්නෙ.
    ගලින් නිමවූ කනුවක්.
    කනුවේ අඩි 4 ක් විතර ඉහලින් 103 Dondra කියලා කැටයම් කරලා. ඊට ඉහලින් කුරු අලියෙක් ( ලංකාවෙ කුරු අලි හිටියෙ තංගල්ලට කිට්ටු බටඅත පැත්තෙලු. නිර්භීත අලි විශේශයක්. දකුණු පලාත් කොඩියෙත් මෙයා ඉන්නවා. දකුණේ නිර්භීත බව පෙන්නන්නලු.)
    අලියට ඉහලින් දෙවිනුවර කියලත් තියෙනවා.
    පහුගිය කාලෙ යම් පිරිසක් මෙය ගලවන්න උත්සහ කරලා. ඒ නිසා හොදින් කොන්ක්‍රීට් යොදලා ස්ථාවර කරලා.
    කොහොම වුනත් නිවසක තාප්පයකිනුත් මේ කණුව අවහිර වෙලා.
    එහෙනං බිංදුවේ කණු දෙක වගේම මේකත් ලෝකෙටම එකයි කියලයි මම හිතන්නේ.
    FB_IMG_1659873943543.jpg
    FB_IMG_1659873945898.jpg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    වෙලාවට කුලුනු මැතිදු ඕක ගැන දන්නැතුව ඇති. නැත්තම් ගෙදර ලග සැත්පුම් කනුවට කුලුනක් ගහලයි නවතෙන්ඩ තිබ්බේ
     
    • Like
    Reactions: TCB Rox