ඔව් බං.රෝමෙ පට්ට bureaucracy එකක් තිබ්බ empire එකක්නෙ.ඉතිං උං කරන,සිද්ධවෙන හැම මගුලම ලියලා store කරනවා.කොටින්ම කියනවනම් Vesuvius ගිනිකන්ද පුපුරපු වෙලාවත් උන්ගෙ records වල තියෙනවා.(lunch time

)
ඒවයෙ තියන විදියට Emperor Claudius ගෙ කාලෙදි උගේ Navy Centurian වගේ officer කෙනෙක් කුනාටුවකින් හෝ ඕනිකමින්ම කුතුහලෙන් තැප්‍රොබේන් හොයාගෙන ඇවිත් තියනවා. මතක විදියට මන්නාරමේදි උගෙ නැව repair කරගත්ත සීන් එකකුත් කියනවා.ආපහු යද්දි ඌ එක්කම හෝ නැත්නම් වෙනම අපේ උනුත් සෙට් එකක් Rome වලට තානාපතිවරු විදිහට ගිහින් තියනවා.
හැබැයි අනුරාධපුර ගවේෂණය කරද්දි එච්චර වැදගත්කමක් ඔය ඇතුල් වෙලද නගරයට දුන්නා කියලා මට හිතෙන්නෑ.ඒක අපරාදයක්. අර ඕල්කට්තුමාලා,අනගාරික ධර්මපාලතුමාලගෙ සංවිධාන වැඩිපුර ආගම පැත්තට බර දුන්න නිසා වෙලද නගර,පැරණි නිවාස,වීදි,නගර ප්‍රකාර වලට වඩා පිරිවෙන්,දාගැබ් වලට ලැබුනා කියලත් හිතෙනවා.1930 ගණං වෙද්දිම ගරාවැටිලා තිබ්බ හුගක් දාගැබ්,නටබුන් ප්‍රතිසංස්කරණය උනාට අර විශාල නගරය පැත්ත ගැන අවධානයක් යොමු උන්නෑ වගේ.පස්සෙ ගොවි ජනපද හදලා දැන් මිනිස්සු පදිංචි වෙලා ඉන්නෙත් ඒවා උඩ වෙන්න පුලුවන් සමහර විට.අදටත් අපි touristලට කියන්නෙත් Anuradhapura Sacred city කියලනෙ.වෙලද සීන් එක,ocean trade එක ගැන,නාවික කර්මාන්තය ගැන අවධානය යොමු වෙලා තියන ප්‍රමාණය නම් හොදටම මදි කියලයි මට හිතෙන්නෙ. අනුරාධපුරෙන් පස්සෙ ආපහු පරාක්‍රමබාහුගෙ කාලෙ ලංකාව economy,military හැම පැත්තෙන්ම උඩට ආවට ඒක අවුරුදු සීයක්වත් අද්දන්න පුලුවන් උන්නෑ..ඊට පස්සෙ ඉතිං අද වෙනකං අවුරුදු නවසීයක් විතර ආර්ථික,සමාජ පැත්තෙන් රෙද්දෙ රෙවමින් යන්නෙ.