ලන්කාවේ නිව්ටන්

karikota

Well-known member
  • May 26, 2015
    359
    408
    63
    වකපුටේ
    ලන්කාවේ නිව්ටන්

    අයිසැක් නිව්ටන් ලංකාවේ ඉපදිලා, ලංකාවේ ගෑනු කෙනෙක් බැන්ද නම්....
    කවදාවත් ගුරුත්වාකර්ෂණයහොයා ගන්නේ නෑලු..
    මෙහෙම වෙන්න තිබුන.

    නිවුටන්ගේ බිරිඳ : මොකද ඔයා ආපු වෙලාවේ ඉදල කල්පන්නා කර කර ඉන්නේ.

    නිව්ටන් : අද මගේ ඔලුවට ඇපල් ගෙඩියක් වැටුනනේ.

    බිරිඳ : ඇපල්...? කොහෙදිද?

    නිව්ටන් : අර ටව්මේ කෙලවරට වෙන්න වගේ තියෙන්නේ ඇපල් වත්තක්, එකේදී.

    බිරිඳ : ඔයා එහෙ ගියාද, මට කිව්වේ නෑ නේ,
    මන් දවස් ගානක් කිව්වා මාත් එක්ක යන්න බලන්න ආසයි කියල,
    මන් අවරුදු ගානකින් ගෙදරින් පිටට ගිහින් නෑ,

    නිව්ටන් : නෑ නෑ.. මන් එහෙම විනෝද වෙන්න ගිය ගමනක් නෙවෙයි හාමිනේ.

    බිරිඳ : එහෙනම් මොන මගුලකටද ගියේ.
    මට හිතුන පහු වෙනකොට ඔහොම ගමන් යෙදෙයි කියල ඔයාට.
    මුලදී නම් කිව්වේ කොහොමද.

    නිව්ටන් : නැහැ නැහැ.. තේරුම් ගන්නකො පොඩ්ඩක්, මන් පැහැදිලි කරන්නම්කො ඔක්කොම ඔයාට.

    බිරිඳ : හරි කියනවා කව්රු එක්කද ගියේ කියල.
    බොරු කියල නම් අහුවෙන්නෙපා හොදේ..

    නිව්ටන් : මම තනියම හිටියේ ඇපල් ගහක් යට.

    බිරිඳ : තනියම...? බොරු කියන්නෙපා ඉතින්..
    මට ඇත්ත කියනවා ගැනියෙකුත් හිටිය නේද..

    නිව්ටන් : නෑ .. නෑ.. මං තනියම හිටියේ, කියනකන් ඉන්නකෝ, එතකොටම උඩ ඉදල ඇපල් ගෙඩියක් වැටුන මගේ ඔලුවට.

    බිරිඳ : මන් නම් හිතන්නේ තමුසේ ගෑනියෙක් එක්ක ඇපල් ගහ යට මොකක් හරි අසික්කිත වැඩක් කර කර කර ඉද්දි කව්රු හරි තමුසෙට ගහන්න ඇති ඇපල් ගෙඩියකින්..

    නිව්ටන් : නෑ .. නෑ.. කියනකන් ඉන්නකෝ, එතකොටම මට හිතුන ගුරුත්වාකර්ෂණය කි.

    බිරිඳ : ඔය කිව්වේ..ගුරුත්වා ද නම ඒ ගැනිගේ.. ගුරුත්වා ආකර්ෂණය වෙද්දී මං විකර්ෂණය වෙනවා ඇති නේද..

    නිව්ටන් : නෑ .. නෑ.. හාමිනේ. මන් මේ කියන්නේ ගුරුත්වාකර්ෂණය.

    බිරිඳ : මේ.. දැන් මෙතන බොරු හදන්න ලෑස්ති වෙන්න එපා හොදේ
    මන් මේ ඉවසනවා වැඩියි.. දැන් වත් මට ඇත්ත කියන්න.. කව්ද ඒ ගෑනි..

    නිව්ටන් : නෑ හාමිනේ. ඇපල් ගෙඩිය එහෙම වැටෙන්නේ..

    බිරිඳ : ඇපල් ගෙඩිය නෙවෙයි, , මං අහන්නේ කව්ද ඒ ගෑනි කියල..

    නිව්ටන් : මට මේක තේරුම් කරන්න දෙන්නකෝ..

    බිරිඳ : මට තවත් මොකුත් තේරුම් කරන්න ඕන නෑ.. මට දැන් තේරෙනවා මොකද්ද වෙලා තියෙන්නේ කියල.. ඇති හොදටම මේ...

    නිව්ටන් : නෑ හාමිනේ. මං මේ ගෙදර ඇවිත් කල්පනා කරේ..

    බිරිඳ : ඔව් මන් දන්නවා කල්පනා කරේ මොනවද කියල, ඇපල් ගහ යට කරපුව වෙනනැති..

    නිව්ටන් : දෙයියනේ කියන දේ තේරුම් ගන්නකො..

    බිරිඳ : මන් තේරුම් අරන් ඉන්නේ හොදට, ඉන්නවාකෝ මන් හොද වැඩක් කරන්න,
    තමුසෙම නේ මට කිව්වේ සෑම ක්‍රියාවකටම සමාන වූත් ප්‍රති විරුද්ධ වුත් ක්‍රියාවක් තියනවා කියල,
    මාත් මේකට හොද පාඩමක් උගන්නන්නම් තමුසෙට.
    මන් යනවා අපේ මහා ගෙදර.
    තමුසේ එන්න නම් එපා මන් එක්ක යන්නේ ආයේ.
    මන් එන්නේ නෑ.. නෑ.. නෑ.. මයි...

    ඉන් පසු නිවුටන්ට ඇපල් ගෙඩිය වැටුන සිදුවීම අමතක විය. බිරිද නැවත ගෙන්වා ගැනීමට ක්‍රමයක් කල්පනා කරන්න සිදුවිය..

    (මේක මට නිකමට හිතුනේ.... Dasith Weerawarna)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙ ගෑණියෙක් බැන්දත් කරන්න බෑ නිව්ටන් මැරෙනකංම virgin ලු :baffled: