ලන්කාවේ DATA Package වලට පුනරුදය උදා වෙයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඩේට පැකේජ ගණන් වැඩි කරයි..

    CG_ac703image_story.jpg


    ඕනෑම ජාලයක් වෙත මසක කාලයක් නොමිලේ දුරකතන ඇමතුම් ලබා ගැනීමට සහ සමාජ මාධ්‍ය වෙත නොමිලේ පිවිසීමට හැකි දිනකට ගිගාබයිට් එක බැගින් මසකට ගිගාබයිට් 30 ක ප්‍රමාණයක් ලබා දී තිබූ දුරකතන පැකේජවල මිල ඉහළ දමා ඇතැයි පාරිභෝගිකයන් මැසිවිලි නගන බවට බීබීසී සිංහල වෙබ් අඩවිය සඳහන් කරයි.

    පාරිභෝගිකයකු එතෙක් රුපියල් 988 ක මුදලක් ගෙවා සක්‍රීය කරගත් පැකේජය 2024.10.05 වැනි දින සිට ලබාගත නොහැකි බව එම පාරිභෝගිකයාට සේවා සපයන දුරකතන ජාලය දන්වා තිබිණි. ඒ වෙනුවට, 1,298 ක් වැය කර නව පැකේජය සක්‍රීය කර ගන්නා ලෙසට අදාළ සමාගම විසින් දැනුම් දී ඇති අතර පසුව නව පැකේජයක් හඳුන්වා දෙමින් දුරකතන සමාගම දන්වා ඇත්තේ එම පැකේජය සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 1,989 ක් බවයි.

    මෙම නව පැකේජ ගාස්තු සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය එක්තරා දුරකතන සමාගමකින් විමසූ අවස්ථාවේ ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ගිගාබයිට් 30 පැකේජය ගිගාබයිට් 12 දක්වා අඩුකර ඇති බවටය. පසුගිය සැප්තැම්බර් මස 1 වැනිදා සිට නව සබඳතා ලබාගත් පාරිභෝගිකයන් ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කළ බවද දුරකතන සමාගම ප්‍රකාශ කර ඇත.
    මේ සම්බන්ධයෙන් තවත් සමාගමකින් විමසීමක් කළ විට එම සමාගම සඳහන් කර ඇත්තේ පැවති පැකේජවල මිල ගණන් නොවෙනස්ව පවතින බවයි. මෑතකදී දුරකතන ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදුකර නොමැති බවත් රුපියල් 797 සහ 1,599 පැකේජ අලු‍තින් හඳුන්වා දුන් පැකේජ බවත් ඔවු

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට ක්‍රියාත්මක වන පැකේජ ගාස්තු සංශෝධනය කර නොමැති නමුත් දුරකතන සමාගම් අලු‍තින් “Tariff plans” (අයක්‍රම සැලසුම්) අනුමත කරගෙන ඇති බවයි. ඉන් පවතින අයක්‍රම සැලසුම්වල මිල වැඩි කිරීමක් හෝ පවතින ප්‍රතිලාභ අඩු කිරීමක් ඉන් සිදු නොවන්නේ යැයි ඔහු ප්‍රකාශ කර ඇත. අයක්‍රම සැලසුමක් ඉදිරිපත් කළ පසු එම පැකේජය භාවිත කරන පුද්ගලයකුට දුරකතන සමාගම අවම වශයෙන් වසරක කාලයක් සේවාව සැපයිය යුතු බවද වසරකට පසු සංශෝධනයකට යෑමට හැකි බවද සඳහන් කර තිබේ. දුරකතන සමාගම්වල අවශ්‍යතාව පරිදි නව පැකේජ වෙළෙඳපොළට හඳුන්වා දීමට අනුමැතිය ඉල්ලා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඉල්ලු‍ම් කරන බවද ඔහු සඳහන් කර ඇත.

    පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පෙන්වා දී ඇත්තේ ඩේටා පැකේජ හරහා පාරිභෝගිකයන්ගෙන් අනිසි ලෙස මුදල් අයකිරීම් සිදුවන බවය.

    ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
    Deshaya
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    හැමෝටම ඩේට පැකේජ් අවශ්‍ය නැහැ. ඒවා ගන්න පුළුවන් වත්කමක් තියෙන එවුන් ගත්තාම ඇති කියල තාම ජෙප්පෙක් කමෙන්ට් එකක් දාල නැහැ නේද :ROFLMAO: 🤌
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    හැමෝටම ඩේට පැකේජ් අවශ්‍ය නැහැ. ඒවා ගන්න පුළුවන් වත්කමක් තියෙන එවුන් ගත්තාම ඇති කියල තාම ජෙප්පෙක් කමෙන්ට් එකක් දාල නැහැ නේද :ROFLMAO: 🤌
    නෑහෑ දෑන් කියයි Data වලින් එහා ලොකයක් තියෙනවා කියලා🤣🤣🤣☝️
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,380
    6,481
    113
    ඩේටා පැකේජස් මිල වැඩිකලේ ෆේස්බුක් tiktok වල කාලය කා දැමීම අඩු කිරීමට @මෝල්කාන්ත
     
    • Like
    Reactions: Yin And Yang

    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,613
    113
    හාන්ස් ලා Dialog ලොක්කෝ නිකන් වැඩ කරන්නම් කියල එන්නේ නිකන්ම කියලද හිතුවේ :lol:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,374
    1
    17,104
    113
    −273.15°C
    අනවශ්‍ය අය අන්තාර්ජාලයට පිවිසිම අවහිර කරන්න තමයි අපි ඩේටා ගාස්තු වැඩි කලේ.
    ක්ලීන් ස්‍රී ලංකා වෙතින් පණිවිඩයකි.
     
    • Haha
    Reactions: Dr.Amdan

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    අනවශ්‍ය අය අන්තාර්ජාලයට පිවිසිම අවහිර කරන්න තමයි අපි ඩේටා ගාස්තු වැඩි කලේ.
    ක්ලීන් ස්‍රී ලංකා වෙතින් පණිවිඩයකි.
    Sirawatama internet sudusu nathi un use krnawa kiyala hitenne nadda ban 😁😅
     
    • Like
    Reactions: Absolute Zero