සුනිල්ගේ ඇත්ත තිත්තයි, වර්තමානයේ ඇල්පෙනිත්තක දෙයක් ඇපිට හදාගන්න බෑ ඉතිහාසය ගැන වන්සේ කබල් ගානව. සුනිල් කියන්නේ බොරු නම් අපි දියුණු ජාතියක් වෙන්න ඕනේ , දේශපාලන අස්ථාවර ණැති, ණය බර නැති උඩින් යටින් පාරවල් තියන මානව සංවර්ධණ දර්ශක වල ඉහල ස්ථාවන වල ඉන්න රටට අවශ්‍ය නිශ්පාදන අපිම කරගන්න රටක් වෙන්න ඕනේ. ලංකාව හොදනම් මෙල්බන් එම්සීජී එක පිරෙන්න ඕස්ට්‍රේලියාව ලංකාවේ මිනිස්සු ඉන්න විදිහක් නෑනේ. සුනිල්ගේ කතාව ජාති මාමක ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්නේ නේ තේරුම් ගන්න උත්සහ කරන්නේ නෑ එහෙම තේරුම් ගත්තනම් මේ වගේ කලකන්නි දේශපාලුවෝ අපිව පාලනය කරන්න අපි පත් කරගන්නෙත් නෑ. නිකන් වැල් බයිලා කියනවා සුනිල් කුරුස කාරය ඌට 2500 ඉතිහාසෙන් වැඩක් නෑ කියලා කෝ ඉතින් අනිත් උන් මොකද දැන් ලංකාවට කරේ අගලේ බැස්මට දිය වෙල්ලක් තියා කානුවක් කපා ගන්න බෑ . හදපු ඒවා එක්කෝ ලොස්පිට ලොස් නැත්තම ගෙවල් ගිලා බහිනව වතුර ලීක් වෙලා. එක්කෝ 365 වැඩි දවසක් කැඩිලා. කොල නිල රතු උම්මාදයක හිර වෙලා කොහෙවත් ඉන්න පාංකඩයෝ ටිකකට බෙන්ස්වල යන්න උන්ව පත් කරල උබල සැමන් වෙලා කෝච්චියේ ගෙදර යනවා. සුනිල්ට බැන්න වගේ මෙගේ රෙප් කැපුවත් කමක් නෑ ඇත්ත තිත්තයි ගොඩක් අයට
ඔය කථාව හොදයි මෝඩයන්ට. ලංකාවෙන් ඩොලර් බිලියන 10.4 ක වටිනා භාණ්ඩ අපනයනය කරනවා කියලා දන්නේ නැද්ද? ලෝකයේ තියෙන රටවල් 195 න් අපි ඉන්නේ 65 ස්ථානයේ අපනයනය කරන
භාන්ඩ ප්‍රමාණයේ වටිනා කම අතින්. 2011 ට සාපේක්ෂ ලෙස මේක 1.46% කින් වැඩි වෙලත් තියෙනවා 2016 දී. මේ 2016 වාර්තාව, තාම 2018 එක ඇවිත් නෑ. ඒක ඊට වඩා වැඩියි වෙන රටවල් එක්ක තිබ්බ වෙළද සම්බන්ධතා ශක්තිමත් වෙච්ච නිසා. http://www.dailymirror.lk/article/Australia-Sri-Lanka-trade-tops-A-bn-143588.html
ලංකාවෙන් අපනයනය කරන්නේ ඇගලුම්, තේ, රබර්, විවිධ ආහාර වර්ග, වාහන (නැව් පවා හදනවා යකෝ), මත්ස්යය වර්ග, රසායනික ද්‍රව්‍යය, කාර්මික උපකරණ, පිරිපහදු කරන ලද ඛණිජ තෙල්, පොල් තෙල්, දැව, කඩදාසී, මැණික් වගේ වටිනා ගල් වර්ග, සපත්තු/සෙරෙප්පු, පෝසිලේන්, යකඩ/ඇලුමීනියම් වගේ ලෝහ වර්ග, විද්‍යාත්මක උපකරණ, පදම් කල හම් (ලෙදර්).
මේ වගේ තව ගොඩක් තියෙනවා. මෙතන පොඩියට වගේ පෙනුනට බයිසිකල් අපනයනය කරලම ලංකාව හොයනවා ඩොලර් මිලියන 35.9 ක්, ඒ කිව්වේ රුපියල් බිලියන 5ක්.! ( 5,548,704,000.00 )
ගම් වල මෝඩ මිනිස්සුන්ව රවට්ටන්න ඔය කතා හොදයි. කළු සුද්දෝ ටිකත් ඇවිත් ඉතින් ඔළුව වනලා හුරේ පාලා දාලා යනවා උන්ගේ මහ උන්ගේ රටවල් ගැන පුරාජේරු කියන ගමන්.


. හැබැයි ඉතාලි නං ගියා මාරවිල වෙන්නප්පුව පැත්තෙ අය
ඒත් දැන් අඩුයි. මේකයි මම සුනිල් කියන සමහර දේවල් වලට එකඟයි ඒත් මිනිහ ලංකාව ගැන සර්ව අසුභවාදී විදියට බලන්නෙ. උෟත් එක්ක ඉස්සර තියපු සමහර ඉන්ටර්විව් වල කියල තිබුන ලංකාවෙ පාලනය කරන්න සිංහල නැතුව වෙන ජාතිකයෙකුට දෙන්න කියල, වෙන ජාතිකයෙකුට දුන්නම හොරකන් කරන්නෑලු (ඒකතාව අර්ජුන් මහේන්ද්‍රනුයි බෑණයි අපූරුවට ඔප්පු කරල දුන්න). හැබැයි උගේ සමහර ඒව නොසලකා හරින්න බෑ. ලංකාව නිදහස ගන්නකොට ආසියාවෙන් දෙවෙනියට ඒක පුද්ගල ආදායම තිබුන රට (වැරදි නං නිවැරදි කරන්න). අපේ දේශපාලන්ඥයො නිසා වෙනත් රටවල් අපිව පසුකරන් සෑහෙන දුරක් ගිහිල්ල
.ඒත් හිතන්නෙපා සුද්ද නිදහස නොදී හිටිය නං ලංකාව හොංකොං වගේ වෙයි කියල. අපි කවුරුත් කැමති නෑ වෙන රටකට යටත් වෙලා ඉන්න ඒත් නිදහසින් පස්සෙ දේශපාලනඥයෝ අපිට ඒ නිදහස විඳගන්න දුන්නෑ. සුනිල්ගෙ චරිතෙ ගත්තත් ඌට පැහැදිලි වෛරයක් තියෙනව සිංහලකම ඒක්ක හේතුව තමයි 1970 ගනන් වල ගුවන් විදුලියෙ ප්‍රතිපත්ති නිසා එයා වගේ අර්ටිස් ලට ලොකු අසාධාරණයක් වුනා, ඒ කාලෙ බටහිර සංගීත භාණ්ඩ හා ක්‍රම යොදාගත්ත ගීත වෙළඳ සේවය ස්වදේශිය සේවයෙ දාන්න දුන්නෑ. මිනිහ ඕක ගැන වෛරයෙන් හිටිය. පබුද්ධ අයට විරුද්ධව ලොකු මතයක් අරන් යන්න හැදුව . පොර අයි ටී එන් එකේ කිව්වා අමරදේවයි වොලී බැස්ටියනුයි සමානයිලු
මෙයාට මේ කියන වෛරය නිසා බොහෝවේලාවට අසුභවාදී දැක්මක් තමයි සිංහලකම ගැන තියෙන්නෙ අනිත් පැත්තෙන් ස්ටැග් නයිට් වගේ වලත්ත වැඩ කරකර...