අපේ රට ගැන ඉතාමත් සන්තෝසයි - අනුර් හොදයි - මෝඩිගේ ආගමනය ඉතාමත් හොදයි

tarson

Well-known member
  • Feb 25, 2009
    8,860
    6,149
    113
    අපේ රට ගැන ඉතාමත් සන්තෝසයි නේද, ඉන්දියාවෙ මෝඩි ට්විටර් එකේ "මගේ මිතුරා අනුර සමග" කියල දැම්මම. උබල ගෑනු පිරිමි බේදෙකින් තොරව සන්තෝස උනා නේද.

    ඉන්දියාව කියන්නෙ ඉතින් අපේ අසල්වැසියා, ඉතා හොද මිත්‍රයෙක්.
    ඊටත් වඩා අපිට එයාලත් එක්ක අවුරුදු දහස් ගානක පුරාවෘත්තයන්ගෙන් බැදුනු, සන්කෘති සමාන රටවල් දෙකක්. භාශාව ගත්තමත් ඉතින් සන්ස්කෘත භාශාවලින් බෙදී ආපු අපේම සෙට් එකක්.

    අනුර් දිසානායක ආවට පස්සෙ ඉතින් රට තිබ්බ තත්වෙට වඩා දහස් ගුනයක් උඩට ආව. ඉන්දියාවෙ මෝඩිත් ඉතින් තකහනියක් දුවගෙන ආවෙ ඒකයි.
    දැක්කනෙ ට්විටර් එකෙත් "මා මිත්‍ර අනුර" කියල දානව. කොච්චර ආඩම්බරයක් ද අපිට ඒක.

    එයා එන්නෙත් නිකන් නෙමෙයි, ආයෝජන බර ගානක් අරන්. ස්‍රී ලන්කාවෙ ත්‍රීකුනාමලේ ලොකුම ලොකු බලාගාර, තෙල් වගේ බලශක්ති අතින් ලොකු ව්‍යාපෘති අරගෙනයි ආවෙ.

    රටේ අපිට අවශ්‍ය නැති පැති, අපි වැඩක් ගන්නෙ නැති පැති, ඉතාමත් අදික මිලට අපි ඉන්දියාවට දෙනව කියල පේනව නේද. සෑහෙන සල්ලි කන්දරාවක් අපිට ඉන්දියාවෙන් ගන්න පුලුවන් මේ වැඩෙන්.

    කුඩු දිගටම නවත්තනව නේ, උඩින් යටින් මූදෙන්, නිව්ස් වලට එහෙම කියනව සැරෙන් සැරේ. අපරාදත් ගොඩක් කලින්ට වඩා අඩුවෙලා කියල තමයි පේන්නෙ. හොරු අල්ලනව කිව්ව එකත් ඉතින් අනුරට ඉක්මන් කරන්න බෑනෙ, එයා ජනාදිපති මිසක් සක්‍ර දෙයියො නෙමෙයි නෙ. ඒක ඉතින් තියෙන්නෙ ලෝයස්ර් ලගෙ අතේ නේ?

    උගන්ඩා සල්ලි ගේන්නත් පනතක් සම්මත වෙලා මේ ඊයෙ පෙරේද. දැන් ඉතින් පිටරටවල සල්ලි හන්ගපු උන්ගෙ සල්ලි ටික හෙට අනිද්ද (චන්දෙන් පස්සෙ වගේ 😌) ගෙනෙයි.

    දැන් උබල ඒ කාලෙ හිටපු කබලෙන් ලිපට වැටෙන්නෙ නැතුව ගොඩ එනව කියල පේනව නේද. එන එන හැම ආන්ඩුවක් ම උබලට ඇරියට අනුර් නම් එහෙම කලේ නෑ නේද?
    කිව්ව දේ කියන කියන දේ කරන කෙනෙක්. අනුර්.

    දැන් ඉතින් පිටරටවල් වල ඉන්න එවුනුත් බෝට්ටු වලින් හරි ලන්කාවට වරෙල්ල. රටින් සල්ලි එවන්න ඕනෙ නෑ, තව ටික දවසකින් අපි ඉතා සල්ලිකාර රටක් ජාතියක් වෙනව 😌

    තව අවු: 2 කින් ලන්කාව ලෝකයේ බැබලෙන සල්ලි කාර දේශයක්. අපි හැමෝම සල්ලි කාරයො වෙනව 😌

    අපේ රටේ ජීවත් වෙන්නෙ බුද්දිමත් ජනතාවක් 😌
    මම නම් කියන්නෙ මිනිස්සු පිටරටවල් වල ඉන්න ඕනෙ නෑ, ලන්කාව තව ඉතා ටික කාලෙකින් දියුනු උනාම පිටරටවල් වල ඉන්න ඕකුන්ට තේරෙයි. 😌

    උබල මොකද හිතන්නෙ?

    @raman2 @SLK_sri මෙහෙම දැම්මම උබලගෙ හිත හොදයි ද බන්? 😂
    ------ Post added on Apr 11, 2025 at 3:40 PM
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    indiyawen higa kewe nethnma moda sinhalu marila ban, keri sinhalunta monawa nethath pora talk aduwak naha

    ps, owa kiyawanna kammali oi