ලන්ච් ෂීට් තහනම අගෝස්තු 01 සිට

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    මෙරට සියලුම වෙළෙඳසැල්වල අගෝස්තු මස පළමුවන දා සිට අලෙවි කළ හැක්කේ Biodegradable නැතහොත් ජෛව හායනික ලන්ච් ෂීට් පමණක් බවත්, එම ලන්ච් ෂීට් භාවිතය අනිවාර්යය කිරීමට පියවර ගන්නා බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

    පරිසර අමාත්‍යාංශයේ අද (14) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

    ඒ අනුව පොලිතීන්වලින් නිෂ්පාදනය කරනු ලබන නොදිරණ ලන්ච් ෂීට් ලබන මස පළමු වන දින සිට තහනම් කරන අතර ඒවා නිෂ්පාදනය හා බෙදා හැරීම ද තහනම් වනවා.

    එමෙන්ම දැනට නිෂ්පාදනය කර ඇති ලන්ච් ෂීට් පමණක් අළෙවිය සඳහා මාසයක සහන කාලයක් ලබා දීමට පියවර ගන්නා අතර එම කාලය තුළ පොලිතීන්වලින් නිෂ්පාදිත ලන්ච් ෂීට් නිෂ්පාදනය හා බෙදා හැරීම තහනම් වනු ඇති.

    ඒවා තවදුරටත් නිපදවන්නේ ද යන්න සොයා බැලීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය හා පාරිභෝගික සේවා අධිකාරිය විසින් වැටලීම් සිදු කිරීමට නියමිතයි.

    මෙම නියෝග නොතකමින් කිසියම් කෙනෙකු ඒවා නිෂ්පාදනය හා බෙදා හැරීම සිදු කළහොත් ඔවුන්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රිායත්මක කරන බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා.

    එමෙන්ම වහාම භාවිතයෙන් ඉවත් කිරීම සඳහා තවත් පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත වර්ග 08ක් තහනම් කිරිමේ ලැයිස්තුවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර එම පත්‍රිකාවට අද දින (14) අත්සන් තැබීමට නියමිතයි.

    තහනම් කෙරෙන නිෂ්පාදන ලැයිස්තුව,

    1. වරක් භාවිතා කරන ලද බීම බට හා කළතන.
    2. තනි භාවිත ප්ලාස්ටික් වලින් නිෂ්පාදිත හැදි, ගෑරුප්පු, යෝගට් හැඳි සහ පිහි.
    3. පරිමාව 400X 500 වලට වඩා අඩු පොලිතින් බෑග් (සාප්පු බෑග්)
    4. ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි
    read more
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔක්කොමත් හරි ඉඳිආප්ප වට්ටි වැඩේ තමා හරියන්නැත්තේ
    ඉස්සර වේවැල් වලින් හදපුවා තාම පාවිච්චි කරන්නෙ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,229
    113
    Forest
    වරක් පාවිච්චි කල කැබිනට් මණ්ඩලයක් තහනම් කරන හැටි නැද්ද බන් ඔකේ