‼️රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩු අළුතින් අනුමත කිරීම නවතී

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    රාජ්‍ය නිලධාරීන්ට දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    නොවැම්බර් මස 24 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් මත මෙම පියවර ගන්නා බව ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා දැනුම් දී ඇත.

    ඒ අනුව නව නිවාඩු අයදුම්පත්‍ර හෝ නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම්පත්‍ර භාරගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළ යුතු බව අමාත්‍යාංශ ලේකම්වරයා, සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අදාළ චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ.

    ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට වසර 5ක උපරිමයකට යටත්ව දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට අවස්ථාව ලබා දෙමින් 2022 වසරේ ජුනි මස 22 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කර තිබුණි.

    කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩලයේ තීරණයකට අනුව එම චක්‍රලේඛයේ සඳහන් විධි විධාන යටතේ දේශීය හා විදේශීය නිවාඩු අනුමත කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට පියවර ගෙන ඇති අතර දැනට දේශීය විදේශීය නිවාඩු ලබා සිටින නිලධාරීන් සඳහා අනුමත කර ඇති කාල සීමාවට අදාළව පමණක් එම නිවාඩුව ලබා ගැනීමේ හැකියාව පවතින බව සඳහන්ය.

    මේ වන විට නිවාඩු සඳහා අනුමැතිය ලබා එම නිවාඩුව ගත කිරීමේ අපේක්ෂාවෙන් සිටින නිලධාරීන්ට අනුමත කර ඇති කාලසීමාවට අදාළ වන පරිදි නිවාඩුව ලබා ගැනීමේ හැකියාව පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙයි.

    එමෙන්ම විදේශීය නිවාඩු ලබාගැනීම සඳහා දැනට ඉදිරිපත් කර ඇති, සියලු අවශ්‍යතා සැපිරූ නව නිවාඩු අයදුම්පත්‍ර හා නිවාඩු දීර්ඝ කිරීමේ අයදුම්පත්‍ර සඳහා නව චක්‍රලේඛයෙන් බලපෑමක් සිදු නොවන අතර අවශ්‍යතා සම්පූර්ණ කර නොමැති මෙන්ම ඉදිරිපත් කළ යුතු ලේඛනවල අඩු පාඩු සහිත නිවාඩු අයදුම්පත්‍ර නැවත සළකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරන බව චක්‍රලේඛයේ සඳහන්ය.


    කෙසේ වෙතත් දේශීය නිවාඩු සදහා ඉදිරිපත් කර ඇති නිවාඩු අයදුම්පත්‍ර සඳහා අනුමැතිය ලබා දීමක් සිදු නොවන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කළ නව චක්‍රලේඛයේ දැක්වෙයි.

     
    Last edited:
    • Like
    Reactions: Spiderman.Ayya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,251
    113
    Target based, task oriented
    Level ekak gennama ona gov services walata, okun files godagahanne nikan kandu goda gahanawa wage mesa uda, mewa mara wihilu
     
    • Haha
    Reactions: supun_sg

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    Target based, task oriented
    Level ekak gennama ona gov services walata, okun files godagahanne nikan kandu goda gahanawa wage mesa uda, mewa mara wihilu



    බලපං රාජ්‍ය සේවකයො කියන්නේ මොක්කුද කියලා.

    හැත්තට බුලත් දෙන්න ඕන උන්ගේ රස්සාව කරන්න.