ලන්ච් ෂීට් වෙනුවට කෙසෙල් කොළ පදම් කර කල්ත

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ලන්ච් ෂීට් වෙනුවට කෙසෙල් කොළ පදම් කර කල්ත

    ලන්ච් ෂීට් වෙනුවට කෙසෙල් කොළ පදම් කර කල්තබා භාවිතයට තාක්ෂණයක්

    නොබෝ දිනකින් ලංකාවේ මුළුමණින්ම කෙරෙන ලන්ච් ෂීට් තහනමත් සමඟ ඊට අදාළ ආදේශක ගැන දැන් බොහෝ අය කල්පණා කරන අතරේ කෙසෙල් කොළ පදම් කර කල් තබා ගෙන ප්‍රයෝජනයට ගත හැකි තාක්ෂණයක් හම්බන්තොට වැලිගත්ත කෘෂි තාක්ෂණ
    හා ග්‍රාමීය විද්‍යායතනයේ ජ්‍යොෂ්ඨ කථිකාචාරිනියක වන ආචාර්ය සුජාතා වීරසිංහ හඳුන්වාදී ඇත.

    කෙසෙල් කොළ උණු වතුරෙන් පදම් කොට මේ ආදේශකය සකසා ගත් පසුව මාස 3ක් පමණ මේ ශීතකරණයක කල් තබා ගත හැකි බවත් මේ කොළය ගුළි කළත් ඉරෙන්නේ නැති භාවිතයෙන් පසු දින පහක් පමණ සෝදා යළිත් ප්‍රයෝජනයට ගත හැකි පරිසර හිතකාමී ආදේශකයක් බවත් ඇය පවසා තිබේ.

    මෙය කෙසෙල් වගා කරන ගොවීන්ට අමතර ආදායමක් උපයා ගත හැකි මාර්ගයක් බවත් මේ කෙසෙල් කොළ පදම් කිරීමේ තාක්ෂණය අවශ්‍ය පිරිස් සඳහා ලබාදීමට සිය තාක්ෂණ විද්‍යායතනය සූදානම් වන බවත් ඇය පවසා තිබේ.
    කෙසෙල් කොළ යනු මෙරට දුර්ලභ ශාක පත්‍රයක් නොවන නිසා විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව අතරේ ප්‍රචලිත කළ හැකි පහසු තාක්ෂණයක් බවද ඇය කීවාය. මේ තාක්ෂණය ලබාගැනීමට කැමැති පිරිස්වලට කණ්ඩායම් වශයෙන් අධ්‍යක්ෂ, කොළඹ විශ්වවිද්‍යාලය, කෘෂි තාක්ෂණ හා ග්‍රාමීය විද්‍යායතනය, වැලිගත්ත නවනගරය, හම්බන්තොට යන ලිපිනය වෙත ලිපි යොමු කොට දිනයක් වෙන් කරවා ගත හැකි බවද සඳහන් කර තිබේ.

    වාර්තාව - හර්ෂනී අර්සකුලරත්න
     
    • Like
    Reactions: KingCM

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    රජය ඕවට උදව් කරාවිද ,
    නැත්නම් රටකින් ලොකු කොමිස් කුට්ටියක් ලැබෙන
    දෙයක් හඳුන්වා දෙවිද?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේක ඇත්තටම හොදයි එත් බය අපේ අයියල ඕවට පස්සේ කෙමිකල් ගහල එවන්න පුළුවන් කල් තියාගන්න.. අන්තිමට ලන්ච් ෂිට් වලට වඩා හපන් වෙයි
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මේක හරියන්නේ නෑ.එක්කො දිරන පොලිතින් වලින් ලන්ච් ෂීට් හදන්න ඕන.නමුත් දිරන පොලිතින් ආහාර අසුරන්න සුදුසු නෑ.ආහාර විෂ වෙනවා.ඒක නිසා ලන්ච් ෂීට් ඕනි නැති ආහාර භාවිතයට හුරු වෙමු.සැන්විච් සහ බර්ගර් ඔතන්න පේපර්ස් වලින් පුලුවන්. එංගලන්තේ ලන්ච් එකට ගන්නේ ‍ෆිෂ් ඇන්ඩ් චිප්ස් සහ බිගුවට් ,බර්ගර් ,සැන්විච්.මේ ආහාර පරිසර හිතකාමි ආහාර. බත් ප්‍රයිඩ් රයිස් කොත්තු නූඩල්ස් වගේ ඒවා නවත්තන්න ඕන කඩවලින් කන එක.ඒවා ගෙදර උයාගෙන කන්න.නැත්තන් කඩේ ඉදගෙන පිගානක කන්න
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    හොඳ අදහසක්, තමිල්නාඩු වල එහෙම ඕක දැනටමත් කෙරෙනවා, දිරන පොළිතීන් කිව්වත් ඇත්තටම දිරන්නේ නැහැ, පුංචි කෑලි වලට කැඩිලා යන ඒක විතරයි වෙන්නේ, කඩදාසි ගත්තොත් ඒවා හදන්න යන වියදම සහ පරිසර හානිය ගත්තම ලන්ච් ශීට් ඒක පරිසර හිතකාමීයි. අන්තිමේ ඉතුරු වෙන්නේ පරණ පුරුදු කෙසෙල් කොළේ විතරයි. අයිස්ක්‍රීම් කෝන් ඒක වගේ සහල්පිටි වගේ දෙයක් භාවිතා කරලා පිඟාන් හෝ ආහාර බඳුන් හදන්න පුළුවන් වෙයි, එහෙම නැතිනම් ගොයම් කපල ඉතුරු වෙන පිදුරු ටික වගේ දෙයක් වුනත් අඹරලා හාඩිනර්ට්‍ එකක් එක්ක මිශ්‍ර කරලා අච්චුවක දාල බඳුනක් හදන්න ට්‍රයි කරන්න පුළුවන් වේවි. ඕනෑම දෙයක් කරත්දී ප්‍රශ්න මතු වෙනවා තමයි, ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන්නත් ඕනෑ. :)
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    බත් ඔතන්න නම් කිසිම පරිසර හිතකාමි දවටනයක් නෑ.ඒක නිසා බත් සහිත ආහාර ‍රැගන යාමට විකිනීම තහනම් කරන්න ඕන දුම්කොල නැතිව බුලත් විට කන්න කීවා වගේ.ආහර ඔතන කඩදාසි වල ගෙනියන්න පුලුවන් කෑම විතරයි විකුනන්න ඕන.බත් කන්න ඕන නම් හෝටලයක ඉදගෙන කාලා යන්න.ඔතාගෙන යනවනම් ඒකට පෙට්ටියක් අරගෙන ගිහින් ඒකට කෑම දාගෙන එන්න.මේ ආන්ඩුව පරිසර විප්ලවයක් කරන්න යන්නේ.ඒක රටට හොඳයි
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    දිරන පොලිතින් වලින් කෑම ඔතන්න දෙන්න එපා.ඒක මිනිසාට විෂ සහිතයි.මොකද දිරන පොලිතින් සූර්යාලෝකය සහ ඔක්ෂිජන් එක්ක ක්‍රියා කරලා හැදෙන සංඝටකය ආහාර එක්ක මික්ස් වෙලා කැන්සර් වසන්ගතයක් එයි
     

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    බත් ඔතන්න නම් කිසිම පරිසර හිතකාමි දවටනයක් නෑ.ඒක නිසා බත් සහිත ආහාර ‍රැගන යාමට විකිනීම තහනම් කරන්න ඕන දුම්කොල නැතිව බුලත් විට කන්න කීවා වගේ.ආහර ඔතන කඩදාසි වල ගෙනියන්න පුලුවන් කෑම විතරයි විකුනන්න ඕන.බත් කන්න ඕන නම් හෝටලයක ඉදගෙන කාලා යන්න.ඔතාගෙන යනවනම් ඒකට පෙට්ටියක් අරගෙන ගිහින් ඒකට කෑම දාගෙන එන්න.මේ ආන්ඩුව පරිසර විප්ලවයක් කරන්න යන්නේ.ඒක රටට හොඳයි

    :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නොකෙරෙන වෙදකමට කෝදුරුතෙල් හත්පට්ටයකුත් තව ටිකක් ඔනෙ කියුවලු...