ලන්ඩනයේ සිංහල අවන්හලකට ප්‍රහාරයක්

kindheart

Member
Nov 6, 2013
36
7
0
ලන්ඩනයේ සිංහල අවන්හලකට ප්‍රහාරයක්

යකඩ පොලු හා බැට් රැගත් විස්සක පමණ මැර කණ්ඩායමක් එන්ගලන්තයේ කවුන්ට්‍රි ප්‍රදේශයේ යාල් කැෆේ නම් අවන්හලට ඉරිදා රත්‍රියේ කඩා වැදී වීදුරු දොර ජනෙල් ආදීයට ගසා පවුම් 2000 (රුපියල් 428000) ක පමණ අලාභයක් සිදු කළැයි අවන්හල හිමි ශිරන්ත ප්‍රනාන්දු මහතා (47) කවුන්ට්‍රි පොලීසියට පැමිණිලි කැර ඇත.
කෑම පිගන් හා වීදුරු ගුවනේ පාවෙන තත්ත්වයට පත් කළ මැරයන්ගෙන් බේරීම සදහා එහි ආහාර ගනිමින් සිටි සියලු දෙනාද සේවකයන් ද රක්ෂිත ස්ථානයකට රැගෙන ගිය බව ප්‍රනාන්දු කියයි.
ප්‍රහාරය ආරම්භ කරන්නට ඇත්තේ කෑම කමින් සිටි කෙනකු හෝ වෙනත් කණ්ඩායමක් විය හැකියැයිද තම අවන්හළේ දෙමළ කෑම අලෙවි නොකරන ලෙස මීට කලින් තමාට අනතුරු අඟවා ඇතැයි ද ඔහු කියයි.
එම ප්‍රදේශයේ ඇති එකම ශ්‍රී ලංකා අවන්හල මෙයයි
ශ්‍රී ලංකාවෙන් ගිය වෙනත් ජනවාර්ගික කොටසකින් තමාට විරෝධයක් මතුව තිබු බවත් ඔහු පවසයි.පොලීසිය පැවසුයේ එක් අයකුගේ ඇසක් ළග සුළු තුවාලයක් සිදු වු බවයි.අලුත් වැඩියාව සදහා අවන් හල දෙදිනකට වැසු බවත් යළිත් පහර දෙතියි බියත් ඇති බවත් ප්‍රනාන්දු කියයි.
මේ අපරාධය ගැන තොරතුරක් දන්නේ නම් නාමිකව හෝ නිර්නාමිකව 101 හෝ 0800 555111 දන්වන ලෙස කවුන්ට්‍රි පොලීසිය කියයි.


5ea3qu.gif

2vjrby9.gif

29q13pv.gif
 
  • Like
Reactions: killing machine

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
crime scene එක බලන්න ආවම හැම පොටෝ එකකම මූ ඉන්නේ ඇයි බන් ගල් ඉබ්බ වගේ? ලොල්
no offence :D