ලබන ජනවාරි 17 වැනිදායින් පසු රටටම නැවුම් වෙනසක්

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    2-5.jpg


    - 30ට වැඩි අයට පෞද්ගලික ජීවිතයේ වෙනස්කම් රාශියක්
    - ශනි ග්‍රහයා කුම්භ රාශියට පිවිසීමෙන් පෙරළි රැසක්

    මාස ගණනාවක් තිස්සේ රට තුළ ඇති වි ඇති දැඩි අස්ථාවර තත්ත්වයත් ජීවන වියදම ඉහළ යෑමත් නිසා ජ්‍යෝතිෂයට අනුව රටට හොඳ කලක් ලැබෙනවාද යන්න පිළිබඳව සහ එසේ රටට හොඳ කලක් ලබන්නේ නම් එය කවදා සිට ක්‍රියාත්මක වේද යන්න පිළිබඳ බොහෝ දෙනෙක් විමසති.

    දැනට මකර රාශිය තුළ චලිත වන ශනි ග්‍රහයා 2023 වසරේ ජනවාරි 17 වැනිදා ප.ව. 6.03ට කුම්භ රාශිය කරා පිවිසෙන අතර, මෙම ශනි 2025 වසරේ අප්‍රේල් 1 වැනිදා දක්වාම තම කුම්භ රාශි චලිතය පවත්වා ගෙන යයි. මෙම ග්‍රහ චලිතයට අනුව 2023 වසරේ ජනවාරි 17 වැනිදා සහ 2025 වසරේ අප්‍රේල් 1වැනිදාත් අතර කාලසීමාව තුළ රටට නැවුම් වෙනසක් නොහොත් නවෝදයක් පෙන්නුම් කෙරේ.

    විශේෂයෙන් ඉහත කී කාලසීමාව තුළ රටේ අර්ථික, සමාජීය, දේශපාලනික සංස්කෘතික වැනි සෑම ක්ෂේත්‍රයකම පාහේ යම් වෙනසක්, නවෝදයක් පිබිදීමක් සහ උද්‍යෝගයක් සහිතව ජනතාව අලුත් බලාපොරොත්තු මත පිහිටා කටයුතු කිරීමට හැකිවනු ඇත. විශේෂයෙන් ඉහත කී කාලසීමාව 2023 වසරෙහි ජනවාරි 17 වැනිදාත්, 2025 වසරෙහි අප්‍රේල් 1 වැනිදා දක්වා පැවතුණද 2023 වසරෙහි ජනවාරි 17 වැනිදායින් පසුව එළඹෙන මාස කිහිපය තුළම ඉහත කී කාලසීමාව පිළිබඳ යම් අදහසක් ලබා ගත හැකි වනු ඇත.

    ඉහත කී ආකාරයට ශනි ග්‍රහයා මීට පෙර කුම්භ රාශිය තුළ හැසිරී ඇති කාලසීමා පිළිබඳ සොයා බැලීම තුළින් ද ඉහත කී කාලසීමාව තුළ සිදු වන සිදුවීම් පිළිබඳව යම් අදහසක් ලබා ගත හැකි වනු ඇත. මීට පෙර ශනි ග්‍රහයා කුම්භ රාශිය තුළ හැසිරී ඇති කාලවකවානු පිළිබඳ ආපසු හැරී බලද්දී පෙනී යන්නේ 1993 මාර්තු 5 වැනිදාත් 1993 ඔක්තෝබර් 15 වැනිදාත් අතර කාලසීමාව තුළ සහ 1993 නොවැම්බර් 9 වැනිදාත් 1995 ජුනි 1 වැනිදාත් අතර කාලය තුළද 1995 අගෝස්තු 9 වැනිදාත් 1996 පෙබරවාරි 15 වැනිදාත් අතර කාලසීමාව තුළ ද ඉහත කී ආකාරයටම ශනි ග්‍රහයා කුම්භ රාශිය තුළ හැසිරී ඇති බවය.

    විශේෂයෙන් ඉහත කී කාලසීමාව ආරම්භ වීමට පෙර ගත වු මාස කිහිපය තුළද එවකට පැවති භීෂණයේ අඳුරු මතකයන් ක්‍රමයෙන් අඩු වෙමින් පැවතුණද ජනතාව තුළ ඒ පිළිබඳ යම් අවිශ්වාසයක් තිබුණි. විශේෂයෙන් ඉහත කී කාලවකවානු අතර දිනයක් වන 1993 වසරෙහි මැයි 1 වැනිදා එවකට සිටි රාජ්‍ය නායකයා ඝාතනය වීමත් 1994 වසරෙහි අග භාගයෙහි නව රාජ්‍ය නායකත්වයක් යටතේ භීෂණය පිළිබඳ ජනතාව තුළ පැවති බිය සහ සැකය සම්පුර්ණයෙන්ම දුරු වු අතර ජනතාවට නැවුම් බලාපොරොත්තුවක් ඇති විය.

    එම නැවුම් බලාපොරොත්තුව ඉටු වීම පිළිබඳ වර්තමාන දේශපාලන විචාරකයන් සමහර විට අසුබවාදී ලෙස කතාබහ කරන්නට ඉඩ ඇතද එම කාල වකවානුව දෙසට මනසින් ආපසු ගොස් බලන්නකුට පෙනී යන්නේ එම කාලවකවානුව තුළ ඉතා විශිෂ්ට විකල්පයක් නිර්මාණය වු බවය.

    එනම් ඉහත කාලසීමාව තුළ ජනතාවට කිසිදු බියකින්, සැකයකින්, පීඩනයකින්, අවිශ්වාසයකින් තොරව නිර්භයව, සතුටින් අලුතින් බලාපොරොත්තු ඇති කර ගෙන නැවුම් ලෙස ජීවත් වීමට අවකාශය නිර්මාණය විය.

    එම නිසා මෙවර ද ශනි ග්‍රහයා කුම්භ රාශියට පිවිසීමෙන් පසු නොහොත් 2023 වසරේ ජනවාරි 17 වැනිදාත්, 2025 වසරෙහි අප්‍රේල් 1 වැනිදාත් අතර කාල සීමාව තුළ ජනතාව තුළ දැනට පවතින පීඩනය, අස්ථාවර බව, අනාගතයට ඇති බිය ආදිය නැති වී නැවුම් බලාපොරොත්තුවක් සහිතව උද්‍යෝගයෙන් ජීවත් වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය වේ යැයි අනුමාන කළ හැකිය.

    පොදු වශයෙන් ඇති වන ප්‍රතිඵලවලට අමතර ලෙස අවුරුදු 30ට වැඩි අයට 2023 වසරේ ජනවාරි 17 වැනිදාත් 2025 වසරෙහි අප්‍රේල් 1 වැනිදාත් අතර කාලසීමාව තුළ පෞද්ගලික වශයෙන් ඇති වන සිදුවීම් ද 1993 මාර්තු 5 වැනිදාත් 1993 ඔක්තෝබර් 15 වැනිදාත් අතර කාලය තුළ සිදු වු සිදුවීම්වලටද 1993 නොවැම්බර් 9 වැනිදාත්, 1995 ජුනි 1 වැනිදාත් අතර කාලය තුළ සිදු වූ සිදුවීම්වලටද 1995 අගෝස්තු 9 වැනිදාත්, 1996 පෙබරවාරි 15 වැනිදාත් අතර කාලසීමාව තුළ සිදු වූ සිදුවීම්වලට ද බොහෝ දුරට සමාන්තර වනු ඇත.

    ප්‍රවීණ ජ්‍යොතිර්වේදී පාරින්ද බණ්ඩාර
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    1993-1994 අලුත් බලවේගෙ චන්ද්‍රිකා නෙ. ඔය කාලෙනෙ චන්ද්‍රිකා ජනාධිපති වෙන්නෙ.

    Telecom එකයි, Air Lanka එකයි විකුණපු එක ඇරෙන්න චන්ද්‍රිකාගෙ කාලෙ හොදයි කියල දෙයක් උනාද? යුද්දෙ හොදටම වැඩි වෙලා මහ බැන්කුවට, තෙල් ගබඩා වලට, කටුනායක එයාපෝට් එකට බෝම්බ ගහල,දහස් ගානක් හමුදාවෙ කොල්ලො මැරිල රටට මහා විනාශයක් උනා.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    යෝජිත පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා කැඳවන දිනය ඉදිරි සතියේදී ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසා තිබේ. ව්‍යවස්ථාවට අනුව මාර්තු 20ට පෙර ඡන්දය පැවැත්විය යුතුය.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,838
    113
    Colombo, Sri Lanka
    අලුත් බලවේගෙ චන්ද්‍රිකා නෙ. ඔය කාලෙනෙ චන්ද්‍රිකා ජනාධිපති වෙන්නෙ.

    Telecom එකයි, Air Lanka එකයි විකුණපු එක ඇරෙන්න චන්ද්‍රිකාගෙ කාලෙ හොදයි කියල දෙයක් උනාද? යුද්දෙ හොදටම වැඩි වෙලා මහ බැන්කුවට, තෙල් ගබඩා වලට, කටුනායක එයාපෝට් එකට බෝම්බ ගහල,දහස් ගානක් හමුදාවෙ කොල්ලො මැරිල රටට මහා විනාශයක් උනා.
    ඇයි තව Gas එකටත් බැස්ටිය දුන්නා නේද. තව 99 අවුරුද්දට තේ වතු ඔක්කොම බදු දුන්නා
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මෙච්චර කෙලවිලා, හැමිනිල හොම්බෙන් යන ගමනුත් ජෝතිෂ්‍ය විශ්වාස කරන උන් නම් මිනිස්සු වෙන්න බෑ..
     

    Similar threads