ලබන මස පළවැනිදා රට සාමාන්‍ය පරිදි

dog123

Well-known member
  • Sep 25, 2007
    2,839
    3,797
    113
    ලබන මස පළවැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලු ම රාජ්‍ය සේවකයන්
    සහ පුද්ගලික අංශයේ සේවකයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වලට අනුව සේවයට කැඳවීමට රජය තීරණය කර ඇත.

    පළවෙනිදා සිට රාජ්‍ය සේවකයන් උදේ නවයට කැඳවීමට තීරණය කර ඇති අතර, පෞද්ගලික අංශයේ සේවකයන් උදේ දහයට කැඳවීම සඳහා අවසර දීමට ද තීරණය වූ බව වාර්තා වේ .

    දුම්රිය සහ බස් සේවා සෞඛ්‍ය ක්‍රමවේද වලට අනුව සාමාන්‍ය පරිදි ධාවනය කරවීමට ද තීරණය කර තිබේ .

    රාජ්‍ය සේවකයන් කැඳවීම සම්බන්ධයෙන් චක්‍රලේඛය රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කෙරෙනු ඇත .

    මේ අතර රට සාමාන්‍ය පරිදි විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ද ඉදිරියේදී නිකුත් කෙරෙනු ඇත .

    243017182_884332995835748_1824478458475915147_n.jpg
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    :rolleyes: work from home නැති වෙන එකක් නෑනෙහ්??
    නැතිවෙනව බං. මම මාසෙට හොඳ ගාණක් හම්බු කරා බං. මේ හුම්ත ඇරපු එකෙන් ඒක 60000කට වගෙ වැටෙනව. කාලකණ්නින්ට බැරි උනා රාජ්‍ය සේවය 50/50 හෝ 60/40 හෝ ඈස් ඩිසයිඩඩ් බයි ද ඩිපාට්මන්ට් හෙඩ් කියලා කරන්ඩ. බලපංකො සේරෝම එන්ඩ ගත්තාම පොදු ප්‍රවාහනේ සිකීලා මේලා වෙන හැටි.

    පුද්ගලිකව මම කැමති ගෙදර ඉඳන් වැඩ කරන්න. එනයින් රට වහනවට. නිකන් බොරු සොබ්බ කතා ඕනෙ නැහැනෙ. හැබැයි මම නම් රස්සාව තිතටම කරා ගෙදර ඉඳන් උනාට. නමුත් බහුතරයක් රාජ්‍ය සේවකයො බලන්නෙ අයිස ගහල පඩිය ගන්න. අන්නේකයි අවුල.
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,741
    2,214
    113
    Nugegoda
    ආයෙත් රැල්ලක් ගේන්න හදන්නේ අගෝස්තුවේ කරා වගේ. පී සී ආර් අඩුවෙන් කරලත් ඊයේත් නමසිය ගානක් පොසිටිව්. ඔය විදියට රට අර්න්න නං මට මතක විදියට වෛද්‍යවරු කිවුවේ 200ක් වගේ දෛනික ආසාධිතයො හම්බුවෙන තත්ත්වයක් තියෙන්න ඔ්න. ඇතැම් විශේෂඥ්‍ය වෛද්‍යවරු කොරා්නා උපදෙස් කමිටු වලින් ගිය එක සාධාරණයි.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    එතකොට ජෙප්පෝ කිවුවේ තෙල් නැති නිසා රට අරින්න බැහැ කියල?

    අහ් ජෙප්පෝ නෙමේනේ ආණ්ඩුව නේ එක වෙන්න ඇති අරින්නේ
    ඩඩ්ලි නිසා බන් හදිස්සියෙ ඕපන් කරේ

    අපි ගෙදර තියන්න ඩඩ්ලිගෙ පොටෝ එකක් රාමු කරන ගමන් හෙන බිසී අප්ප😁