ලබන 8 වන දා සිට කාන්තාවන් සඳහා පමණක් වෙනම දු&#

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    ලබන 8 වන දා සිට කාන්තාවන් සඳහා පමණක් වෙනම දු&#

    කාන්තාවන් සඳහා පමණක් වෙනම දුම්රිය මැදිරි වෙන් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

    දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ලබන මස 8 වන දාට යෙදෙන ලෝක කාන්තා දිනය දා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ය.

    පළමු අදියරේදී කාර්යාලයීය දුම්රිය 06ක කාන්තාවන් සඳහා පමණක් මැදිරි වෙන් කෙරෙනු ඇති.

    දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ සමුද්‍රදේවී, සාගරිකා ඇතුළු කාර්යාලීය දුම්රිය 06 මේ සඳහා තෝරා ගෙන ඇති බව ය.

    මීට පෙර ද කාන්තාවන් සඳහා වෙන් වූ දුම්රිය මැදිරි ක්‍රියාත්මක වුවද විවිධ ගැටලු හේතුවෙන් එය වසර කිහිපයකට පෙර නවතා දැමිණි.

    https://www.newsfirst.lk/sinhala/2019/02/22/ලබන-8-වන-දා-සිට-කාන්තාවන්-සඳ/
     
    • Like
    Reactions: Tanto