ලයට ලං කර වැලඳ රිසි ලෙස
අයිති කර ගැනුමනම් ප්‍රේමය
අපිත් නැවතුන අපේ ලොව තුල
කෙතෙක් නම් හිනැහෙන්න තිබුනිද
අයිති කර ගැනුමනම් ප්‍රේමය
හීනයක් සේ හිතට කොඳුරන
වසන්තය නෙත කඳුළු කැන්දන
ඒ කඳුළු මත අපට ලං වුනු
ආදරය නොදැනුනිද සොඳුරිය
හැඟුම් අවදිව යලිත් සිර කර
හඬන්නට බැරි නිසා හිනැහෙන
ඒ හිනාවෙම හිතට කොඳුරන
ආදරය නොතිබුනිද සොඳුරිය